වැකිය

ක්‍රිස්තියානියේ අරමුණ දේව පාලනයක් සහිත යුගයක් හෙවත් ප්‍රේමනීය ලෝකයකි. නව අහසකි. නව පොළවකි. “හැකියි, ඔව් හැකියි, ප්‍රේමනීය ලෝකයක් ගොඩනගන්නට හැකියි” නොඅදහන්නෝ කිතුනුවෝ නොවෙති.

කිතු දහම විමුක්ති දහමකි. විමුක්තිය නිදහස හා නොබැදුනු කිසිවක් එහි නැත. යාච්ඥාව ප්‍රශංසාව උපවාසය පුන්‍ය ක්‍රියා ජනවන්දනාව, දේව වන්දනාව ආදි සියල්ල විමුක්තිය හා නිදහස සමඟ බැඳි තිබේ. විමුක්තිය හා නොබැදුනු යාච්ඥාව ව්‍යාජයකි. ප්‍රශංසාව ව්‍යාජයකි. වන්දනාව ව්‍යාජයකි. පුන්‍ය ක්‍රියා ව්‍යාජයකි.

විමුක්තියට මඟ ප්‍රේමය බව කිතුනු ඉගැන්වීමයි. සත්‍ය වටහාගෙන ප්‍රේමය තුළ පවතින විට මිනිසා විමුක්තිය අත්දකි. රටක්, ලොවක් විමුක්තිය අත්දකි. අද දවසේ ජේසු වෙබ් අඩවිය දියත් වන්නේ එකි ඇදහිල්ල තුළ පිහිටාය.

අපේ කාලය තුළ විමුක්තිදායක ජේසුස්ව අනුසාර කිරීමට මඟ පෙන්වන එඬේරෙක, දිවැසිවරයෙක් ලෙස ‘අද දවසේ ජේසු’ වෙබ් අඩවිය ක්‍රියාත්මක වනු ඇත. මෙය කිසිසේත් ආගම්වාදී නොවන අතර ආගමික සහජීවනය වෙනුවෙන් කැප වේ.

බිය නොවන්න. ඇවිත් බලන්න.

සයිබර් අවකාශයට ‘අද දවසේ ජේසු’ වෙබ් අඩවිය පිවිසෙන්නට පෙර ම ‘බිල්ලෙකු’ මැවීමට කිතු දහමේ අයිතිය තමන්ට ඇතැයි සිතන සමහරු ක්‍රියාකර ඇත. පුදුමයක් නැත. අපි ඔවුන් උදෙසා යාච්ඥා කරමු.

ජේසු විමුක්තිදායකයාණන් යැයි කියන්නට, විමුක්තිය යන වචනය දෙව් දහමට එකතු කරන්නට බය කිතුනුවන් යනු කව්රුහුද?

අපි ඔබට කියමු ‘ඇවිත් කියවා බලන්න’

අරමුණු

  1. මෙරට තුල කිතු දහමේ විමුක්ති හරයට අදාලව සිදුවන සියලු ආකාර ක්‍රියාකාරකම් හි තොරතුරු රැස්කිරිම.
  2. මෙරට තුල කිතු දහමේ විමුක්ති හරයට අදාලව ක්‍රියාකරන සංවිධාන හා පුද්ගලයින්ගේ අත්දකිම් වල ආලෝකය එකිනෙකා සමඟ බෙදා ගැනිම
  3. මෙරට තුල විවිධ භාෂා කතා කරන විවිධ ප්‍රදේශ තුල ජීවත්වන, විවිධ සභාවන්, නිකායන්, සංවධානවලට අයත් ප්‍රගතිශීලින් අතර ඒකාබද්ධතාවයක් ඇති කිරිම.
  4. කිතු දහමේ විමුක්ති හරයට අදාල සාක්ෂි දැරිම්, දිරිගැන්වීම, ඒකාබද්ධ කිරිම.
  5. මෙරට තුල කිතු දහමේ විමුක්ති හරයට අදාල යෙදිම් විදේශයන් සමඟ බෙදා ගැනිම.
  6. විදේශයන් හි සිදුවන විමුක්තිගාමි කිතුනු සාක්ෂි දැරිම්, පොත්පත්, ප්‍රකාශන, ලිපිලේඛන ආදිය පිළිබඳ තොරතුරු මෙරටට හඳුන්වාදීම.
  7. එදිනෙදා දේවවචනයට අදාල මෙනෙහි කිරිම් සඳහා ආලෝකයක් සැපයීම.
  8. විමුක්තිගාමි අන්තර් ආගමික සංවාදය හා සහයෝගය වර්ධනයට දායකවීම.

දැක්ම

විවිධ කරිස්මාවන් තුළ එකම සිහිනයක්. ඔව්, ප්‍රේමනීය ලෝකයක් ගොඩනැඟිය හැකියි.

මෙහෙවර

ක්‍රිස්තියානියේ විමුක්ති අධ්‍යාත්මිකත්වය මත පිහිටා නිවහල් ජීවිතයක් හා ආදරනීය ලෝකයක් ගොඩනැගිමට ගුරුවරයෙක්, ප්‍රචාරකයෙක් උද්ඝෝෂකයෙක් වශයෙන් දිවැසිවර මෙහෙවරක නිරතවීම.

 

දයාබර ඔබට.........

කිතු දැක්ම තුළ ජීවිතය හා ලෝකය

දකින්නට.

ජීවිතයට හා ලෝකයට ආදරය

කරන්නට.

කිතු දහමේ විමුක්ති දායක සත්‍යයට

අවදිවන්නට.

අත්වැලක් ලෙස jesustoday වෙබ් අඩවිය තවත් මාස දෙකකට පසු...

වසර තුනක් සම්පූර්ණ කරනු ලබනවා....

ඉතිං..

සෑම සති අන්තයකම සතිඅග වෙබ් සංග්‍රහයක් ලෙස

ඔබ හමුවන jesustoday ඉදිරියටත් පවත්වා ගන්නට.

ඔබගේ ආදරණීය උපකාරය අපට අවශ්‍යයි.

වර්ෂාවසානයේ වෙබ් අඩවිය අලුත් කරන්නට ද

මාසික වියදම් පියවා ගන්නට ද ඔබගේ මූල්‍ය අනුග්‍රහය.

මේ නත්තල් සමයේ දී අප වෙත හැකි අයුරින් ලබා දෙන්න.

 අපේ ගිණුම් අංකය

N W R C Clarence Perera & Fr Sherard Jayawardane

Acc No. 8690070810

Commercial Bank - Kiribathgoda Branch

 

නිදහසින් පසු ශ්‍රී ලංකාව අත්දුටු දැරිය නොහැකි‍ ලේ වැගිරිම් වල මූලය වන්නේ පොදු ලාංකේය ජාතිය වෙනුවට සියලු ජාතින්ට සමාන ගරුත්වය තහවුරු කරනු වෙනුවට ජාතිවාදයේ ආගම්වාදයේ කොරොනව මගින් වහන් කරන ලද ධන බල ව්‍යාපෘතියයි.

ජාතිවාදය ආගම්වාදිය කොරොනාව පරදවමු.

 නපුර දේ නොකරන්න

එවිට ඔබට නපුර සිදු නොවන්නේය

අධර්මයෙන් ඉවත් වන්න

අදමිටු බිම්වල නොවපුරන්න

වැපුරුවොත් නියම ප්‍රමාණය මෙන්

සත් ගුණයක් කපා ගන්නාහුය

(උපදේශකයා 7/1-3)

 මිලියන ගණනක් රෝගාතුර වන ලක්ෂය ඉක්මවා මරණයට පත්වන කොරොනා වසංගතය අතර තුරත් ජාතිවාදය නම් අදිමිටු බිම තුළ වෛරයේ බීජ වපුරනු දැකීමට තරම් අපි අවාසනාවන්ත වී සිටිමු.

අහෝ ! මේ තරම් අධාර්මික භාවිතාවක්. අහෝ මේ තරම් නපුරුකමක්.

මෙහි ප්‍රතිඵලය සත්ගුණයක විනාශයක් ජන සමාජයට අත්විම බවයි ඉහත උපුටා දක්වා ඇත ශුද්ධ ලියවිලි පාඨය අපට පෙන්වා දෙන්නේ.

ඒ ශුද්ධ ලියවිල්ල කොතරම් සත්‍යයක්ද යන්න ගෙවුනු ඉතිහාසය පුරා අප රට අත්දැක ඇත.

ශ්‍රී ලංකාව නිදහස් (?) ලබා ගැනීමට පූර්වයේ සිටම ක්‍රියාත්මක වී ඇත්තේ සැබැ පොදු සතුරා වෙනුවට ඊනියා සතුරෙකුට පහර දීමේ පිළිවෙතකය. තම රට තුළම සිටින ජාතික හෝ ආගමික කණ්ඩායමක් විටින් විට මාරුවෙන් මාරුවට ජාතියේ සතුරා ලෙස නාමකරනය කරමින් ධනවතුන් හා බලවතුන්ගේ ධන බල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ පිළිවෙතකය.

නිදහසින් පසු ශ්‍රී ලංකාව අත්දුටු දැරිය නොහැකි‍ ලේ වැගිරිම් වල මූලය වන්නේ පොදු ලාංකේය ජාතිය වෙනුවට සියලු ජාතින්ට සමාන ගරුත්වය තහවුරු කරනු වෙනුවට ජාතිවාදයේ ආගම්වාදයේ කොරොනව මගින් වහන් කරන ලද ධන බල ව්‍යාපෘතියයි.

විටක එය ක්‍රිස්තියානි විරෝධයක් විය. මුස්ලිම් විරෝධයක් විය. දෙමළ විරෝධයක් විය. දිගටම ඒ ප්‍රමාණාත්මක සුළුතර ජාතින් හා ආගම් කෙරෙහි විරෝධය පවතින අතර විටින් විට ඉන් එකක් ප්‍රධාන කොට මතු කරගනී.

උතුරේ යුද්ධයේ නිමාව සමග මුස්ලිම් විරෝධය ප්‍රධාන ‍කොටගත්තද පාස්කු ප්‍රහාරය සමග ඒ විරෝධය සමග අත්වැල් බැදගත් කිතුනුවන් තේරුම්ගත යුත්තේ හෙට ඇතැම් විට ප්‍රධාන සතුරා නැවත ක්‍රිස්තියානිය විය හැකි බවයි. පසුගිය ඡන්ද ප්‍රතිඵලයට  පසු මීගමුවට බෝම්භ ගෙසිය යුතු යැයි කීම තුළ සැගවී ඇත්තේ ඒ ජාතිවාදයයි.

2009 ට පසු සෑම මැතිවරණයකටම පෙර ඉස්ලාම් විරෝධි ප්‍රචාරයක් හා ප්‍රහාරයක් දියත් වී ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය ගිය මැතිවරණයේදි ප්‍රධාන කොට ගත්තේය. දැන් මෙවර මහ මැතිවරණයට පෙර කොරොනා වසංගතය අතර තුරුම මුස්ලිම් විරෝධය දියත් කොට ඇත.

සිංහල අවුරුද්ද කන්න ඉඩ නොලැබු‍ණේ ‘තම්බි” නිසා යැයි පවසමින් ද විසදා ගත හැකි කුඩා සිදුවීම්වලට විශාල ප්‍රචාරනයක් දෙමින් ද ගොඩනගාගත මතවාදිය සහෝදර මුස්ලිම් ජනතාව භීතියට පත් කර ඇත. ඔවුන්ට එරෙහි වෛරි ප්‍රහාරයකට පසුබිම සකස් කරමින් ඇත. මෙය නැවත මුස්ලිම් සමාජය ආන්තික ඉතා සුළු පිරිසක් ත්‍රස්තවාදයට තල්ලු කිරිමක් විය හැක.

පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙද්දී ‘මියගිය අපට සාධාරණය ඉටු කිරිම යන ආකර්ශණීය පාටයට මුවා වී සුපුරුදු දේශපාලන ක්‍රීඩාව පටන්ගෙන තිබීම මිය අයට සාධාරණයක් නොව ලොකුම අගෞරවයක් බව තේරුම් ගැනීමට නොහැකි නම් එය ශුද්ධාත්මාලෝකයට පිටුපෑමකි.

පසුගිය ජනපතිවරණයේදි වත්තල, ජාඇල වැනි ප්‍රදේශවල පැවැත දේශපාලන රැළි වලදි පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර පහන් පත්තු කිරීමට තරම් මේ මළමිනි වලින් දේශපාලනය කිරීම නිර්ලජ්ජි තත්වයට පත් විය.

පාස්කු ඉදිරිදා ප්‍රහාරයට වර්ෂයක් පිරෙන දා අප ශුද්ධාත්ලෝමකයෙන් අවබෝධකරගත යුත්තේ ත්‍රස්තවාදය බිහි කරන ජාතිවාදි ආගම්වාදි භාවිතවන් අත්හැරීමට අදාල පරිවර්තනයක් සිදුකර සියලු ජාතිනට ගරුත්වයක් ඇති සමාජයක් බිහි කර ගැනීමට කැපවීම මිය ගිය අයට කරන ඉහළම ගෞරවය වන බවයි.

 

2020.06.10.15

 

පස්වැනි වසර පාමුල

jesustoday.lk සති අග වෙබ් සංග්‍රහය. මේ  අන්තය සමග සිය පස්වැනි වර්ෂයට පිවිසේ.

ශ්‍රී ලංකාවේ වර්ථමානය තුළ සතිපතා වෙබ්ගත වන එකම විකල්ප කිතුනු වෙබ් සංග්‍රහය සිය සිව් වර්ෂ පූර්ණය නිමා කොට පස්වෙනි වර්ෂයට පිවිසීම එක්තරා ආශ්චර්යයකි.

මානව ඉතිහාසය පුරා සද් ප්‍රයන්තයන්ට අනුප්‍රාණය දෙන ප්‍රාණයානන්ගේ අනුභවය තුළ පවතින jesustoday.lk හා බැදි සිටින සියල්ලන්ට අපගේ ගෞරවාදාරය පිරිනැවිමට මෙය අවස්ථාවක් කර ගනිමු.

සම්පූර්ණයෙන්ම ස්වේඡ්චා දායක්වය මත ක්‍රියාත්මක වන මෙවන් සංනිවේදන කාර්යයක් සති 200 ක් පවත්නා ගැනීමට හැකිවීම ගැන අපි නිහතමානිව ෂතුටු වෙමු.

සිව් වර්ෂ පූර්ණය නිමිත්තෙන් තම විචාර ප්‍රතිචාර අප වෙත ලිඛිතව හා වාචිකව දැක්වු සැමට අපගේ සිතූතිය පිරි නමමු.

jesustoday.lk මෙරට කිතුනු ජනතාවට තමන්ගේ දහම අද දවස තුළ ජීව ගන්වන්නට අත්වැලක් වනු ඇත. එපමණක් නොව කිතනු නොවන අනිකුත් ආගමිකයින්ට මෙන්ම අනාගමිකයින්ටද කිතුදහ‍ම‍ේ විමුක්ති හරය හදුනාගැනීමට එය අත්වැලක් වනු ඇත.

ඔබට jesustoday.lk වෙබ් අඩවිය ඉදිරියට ගෙන යන්නට මෙන්ම jesustoday Sri Lanka ලෙස සිදුකරන ක්‍රියාකාරකම් වලට ද අප හා අත්වැල් බැදගන්නා ලෙසද ඇරයුම් කරමු.

Comments powered by CComment