පෝට් සිටිය ශ්‍රී ලංකාව තව දුරටත් ගෝලීය ධනවතුන්ගේ බල තරගයට ඇද දමන ව්‍යාපෘතියක් වීම වැලැක්විය නොහැකිය. සින්නක්කර දීමට ගිය ඉඩම් 99 අවුරුදු බද්දට දුන්නද සිදුවන්නේ පෝට් සිටිය වෙන රටක් වෙන නීතියක් බවට පත් වීමයි.

වරාය නගරය හෙවත් පෝට් සිටි සඳහා අදාල වන නීතියක් මාර්තු 24 දින ගැසට් කර තිබෙනවා. වරාය නගර පනත යටතේ මේ රටට පොදුවේ බලපාන පනත් 07 ක් මුළුමනින්ම හා තව පනත් 13 ක් අර්ධ වශයෙනුත් පෝට් සිටි බල ප්‍රදේශයට බලනොපාන තත්වයක් උද්ගත වී ඇති බව විචාරකයින් පෙන්වා දෙති.

Jesustoday.lk වෙබ් අඩවිය ආරම්භයේ සිටම පෝට් සිටි ව්‍යාපෘතියට විරෝධය පෑවේ නිසැක වශයෙන්ම එය ධනවතුන් උදෙසා රටේ පරිසරයද විනාශ කරමින් පවරා දෙන වෙනම භූමි භාගයක් පවට පත් වන බව ඉඳුරා පෙනි ගිය නිසාය.

එක රටක් එක නීතියක් යනු පාලකයින් ප්‍රමාණාත්මක සුලුතර කොටස් පාලනයට යොදාගන්න ව්‍යාජ සටන් පාඨයකි. 1978 දී ජේ. ආර් ජයවර්ධන නිදහස් වෙළඳ කලා සඳහා ගෙන ආ මහ කොළඹ ආර්ථීක කොමිසම් සභා පනතද රටේ අනිත් ප්‍රදේශවලට වඩා වෙනස් නීති රීති ක්‍රියාත්මක වන ප්‍රදේශ බවට වෙළඳ කලාප පත් කළේය. මහවැලි අධිකාරිය යටතට පත් කරන භූමි ප්‍රදේශ ගැන ද එවන් තත්වයක් පවති. පෝට් සිටිය තුළ ද සිදු වන්නේ ඒ දේ ඊටත් වඩා ඉදිරියට ගොස් ක්‍රියාත්මක වීමකි.

අප රටේ පත්වු කිසිදු රජයක් ආයෝජිකයින්ට (ධනවතුන්ට) මිස ජනතාවට ආදරය කළ රජයන් නොවේ. ඉතිහාසය පුරා සිදු කර ඇත්තේ ධනවතුන්ට වරප්‍රසාද දි පීඩිත ජන කොටස් තව තවත් පීඩාවට පත් කිරිමයි.

පෝට් සිටිය ශ්‍රී ලංකාව තව දුරටත් ගෝලීය ධනවතුන්ගේ බල තරගයට ඇද දමන ව්‍යාපෘතියක් වීම වැලැක්විය නොහැකිය. සින්නක්කර දීමට ගිය ඉඩම් 99 අවුරුදු බද්දට දුන්නද සිදුවන්නේ පෝට් සිටිය වෙන රටක් වෙන නීතියක් බවට පත් වීමයි.

රටක සම්පත් එරට පොදු ජනතාවගෙන් වෙන් කොට අතලොස්සකගේ සුඛ විහරණයට කැපකිරිමේ ක්‍රියාවලිය කිතු දහම සළකන්නේ දේව විරෝධි ක්‍රියාවක් වශයෙනි. එවන් ක්‍රියාවලියකට කුමන හේතු මතවත් සහය දැක්වීමට කිතුනුවන්ට නොහැකිය. එහෙත් පෝට් සිටි විරෝධය සමහන් කර එයට පක්ෂ ස්ථාවරයක් මෙරට නිල කතෝලික සභාව ගැනීම ඉතිහාසයේ ලියනු ඇත්තේ කිතු දහමේ සාරයට පටහැනිව ගත් තීන්දුවක් වශයෙනි.

Jesustoday.lk 5 වන වසර 7 වන සතිය 2021 අප්‍ර‍ේල් 18 වන ඉරිදා

Comments powered by CComment