මට මතක් වෙන්නේ මේ වගේම ලොකු සටනකින් දෛනික වැටුප රු 100 බවට පත් කර ගත්තු අතීතය. ඒ 1998 දී. රු 900 ක් වැඩි කරගන්න අවුරුදු 23 ත් ගත වුණා. අවුරුදු 23 කට පෙර කම්කරු වැටුප රු. 100 දක්වා ඉහළ නංවා ගැනීම ගැන අප තැබු සටහන අදටත් වලංගුයි. මේ ඒ සටහනයි.

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රජය දෙන රු 100 සමග රු 1000 ක් කිරිම වතු හාම්පුතුන් අධිකරණයේ අභියෝගයට ලක් කරලා. ඔවුන් කියන්නේ රු. 1000 දුන්නොත් වතු කර්මාන්තය කඩා වැටෙන බවයි. සේවකයෙකුට දෛනිකව රු. 1000 ක් දෙන්න බැරි කර්මාන්තයක් කුමටද ?

හාම්පුතුන්ගේ තර්කය ඇත්තක් නොවන බව ගණන් හිලව් සමග පෙන්වා දි තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය විනාශ කිරිමේ වැඩ පිළිවෙලක් තිබෙනවා නම් එය වෙනම විමසා බැලිය යුතුයි. එය බිඳ වැටෙන්නේ වසර 200 ක් තිස්සේ වහල්ලු සේ වැඩ කළ කම්කරුවෝ නිසා නොවෙයි. ඇත්තටස රු 1000 හී ඉල්ලීම කියන්නේ එම ජනතාවගේ දහසක් පීඩනයන්ගෙන් එක් කතාවක් පමණයි.

මට මතක් වෙන්නේ මේ වගේම ලොකු සටනකින් දෛනික වැටුප රු 100 බවට පත් කර ගත්තු අතීතය. ඒ 1998 දී. රු 900 ක් වැඩි කරගන්න අවුරුදු 23 ත් ගත වුණා. අවුරුදු 23 කට පෙර කම්කරු වැටුප රු. 100 දක්වා ඉහළ නංවා ගැනීම ගැන අප තැබු සටහන අදටත් වලංගුයි. මේ ඒ සටහනයි.

තනිවු ජේසු වතුකම්කරුවන් තුළ

මේ රටේ හැම මිනිහෙක්ගේම ශරීරයෙන් කොටසක් අයිති වතුකම්කරුවන්ට. අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග ආදී පොදු පහසුකම්වලට අවශ්‍ය ධනය විදේශ විනිමය ඉපයුවේ වතුකම්කරුවෝ. ඒ නිසා ඒවායේ පල ලබා ගන්නා හැම කෙනා තුළම ඔවුන්ගේ ලේ දහඩිය අන්තර්ගතයි.

නමුත් වතුකම්කරුවන්ගේ ජීවිතය තොන්ඩමන් කියන බලවතාගේ චරිතයට ඌණනය කරලා කාළකන්නි අපරාධකාර නිහඬතාවයකට මේ රටේ ජන සමාජය පත්වෙලා.

කුලී වැඩ කරන සාමාන්‍ය කම්කරුවෙකුට රු. 250 ක් ගෙවන අනේ ඉතිං ඒ ගාණවත් නැතිව ජීවත්වෙන්නේ කොහොමද කියලා හිත අපි කාටවත් වතුකම්කරුවෙකු රු. 83 කින් ජීවත්වන හැටි ගැන නිහඬවීම තමාටම එරෙහිවීමක් ලෙසයි මට හිතෙන්නේ.

රු. 83 යාන්තම් රු. 101 ක් කරගන්න ඔවුන්ගේ වැඩ වර්ජනයට හැකි වුණා. රු. 101 ක් කියන්නේ හාල් කිලෝ එකක් හා එළවළු ග්‍රෑම් 500 ඒවා තුනක් පමණයි.

1996 ජූලි 7 සිට 1997 දෙසැම්බර් වනතුරු ජීවන අංකය 221.99 කින් වැඩි වී තිබියදී ජීවන වියදම් දීමනාව නොගෙවීමෙන් රුපියල් මිලියන 11.300 කට ආසන්න මුදලක් වතු සමාගම් විසින් අතිරේක ලාභයක් ලෙස ලබාගෙන තිබියදීත් දිනක වැටුප රු. 105 කරන්න හාම්පුතුන් එකඟ නෑ.

මේ කාලය තුළ රජයේ සේවක පඩි 40% වැඩි වී තිබෙනවා. නිකම්ම ජාතික ධනය උපයන නොව කාබාසිනියා කරන දේශපාලකයින් පඩිනඩි වැඩිකරගෙන තිබෙනවා.

“ඒත් වතුකම්කරුවන්ගේ ප්‍රශ්නය ඉදිරියේ හුග ත්‍දනෙක් නිහඬයි. ඒ නිහඬ බව තමන්ටම කරගන්න සාපයක් මහා පාපයක්”

Jesustoday.lk 5 වන වසර 8 වන සතිය 2021 අප්‍ර‍ේල් 25 වන ඉරිදා 

Comments powered by CComment