සෞඛ්‍ය රීතින් අනුව මැයි දිනය පැවැත්වීමට කැමැති පාර්ශවයන්ට ඉඩදීම රජයේ යුතුකමක්. මැයි දිනයට ඇති දිව්‍යමය අයිතිය උදුරා ගන්න රජයට අයිතියක් නෑ.

2020 මැයි දිනය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය තුළ මහජනයා වෙනදා මෙන් ඒකරාශී වූ ජනරැළි, පෙළ පාලි ලෙස පැවැත්වුණේ නෑ.

ලෝකයට මෙන්ම අප රටටද භයානක අලුත් අත්දැකීමක් වු කොරොනා වෛරසය සමග සටන් කිරිමට එය අත්‍යාවශ්‍යව වුණා.

එහෙත් සමාජ මාධ්‍ය හා වෙනත් විකල්ප මාර්ග ඔස්සේ විශේෂයෙන් කොරොනා වසංගතය හමුවේ රැකියාවක් අහිමි වු ජනයා ගැනත් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය හා වෘත්තීය අයිතින් ගැනත් හඬ නැගීම සිදු වුණා.

මෙවර (2021) මැයි දිනය ලංකාව තුළ සැමරීම අවලංගු කිරිමට ප්‍රධාන පක්ෂවල එකඟතාවයෙන් රජය ක්‍රියා කර තිබෙනවා. එයට හේතුව ලෙස දක්වන්නේ මතු වී එන කොරොනා රැල්ලක්.

රජය මෙහිදි ක්‍රියා කරන්නේ අවංකව නොවන බව කාටත් පෙනී යනවා. කොරොනා  අඩු වැඩිවීම පිළිබඳ රජයට ඇත්තේ තම බල දේශපාලන ව්‍යාපෘතියක් බව පෙනී යනවා. වගකිව යුතු රජයක් අලුත් අවුරුදු සමයේ ක්‍රියා කළ යුතුව තිබුණේ මේ ආකාරයට නොවෙයි. වෙළඳපළ අවශ්‍යතා හා ආර්ථීක වුවමනා සඳාහ පාලනයකින් තොරව අවුරුදු ගත කිරිමට වෙළඳපළ තදබදයක් වන තරමට පවා ඉඩ සැලසු සංචරණයට සීමා නොපැනවු රජය එහි අනිවාර්ය ප්‍රතිඵලය වන කොරොනා ව්‍යාප්තිය දැන් යොදාගන්නේ තමන්ට අභියෝගයක් බවට  දේශපාලන කටයුතු පාලනය කරන්නයි.

“වෙහෙ‍ස‍ෙන මිනිස්සු” හා ඔවුන්ගේ වෘත්තීය අයිතින් ගැන කිතුනුවන්ගේ සමාජ දැක්ම වඩුකාර්මිකයෙකු වූ ජුසේ තුමා ජේසු තුමාගෙන් ඔබ්බටත් විහිදෙන මානවගරුත්වය හා මානය ජිවිතය පිළිබඳ කාරණයක් ලෙස සැලකෙනවා.

සෞඛ්‍ය රීතින් අනුව මැයි දිනය පැවැත්වීමට කැමැති පාර්ශවයන්ට ඉඩදීම රජයේ යුතුකමක්. මැයි දිනයට ඇති දිව්‍යමය අයිතිය උදුරා ගන්න රජයට අයිතියක් නෑ.

දේශාලන කතා සාප්පු පැවැත්වීම වෙනුවට බරපතළ අර්බුදයන්ට ලක් වූ කම්කරු ජනතාව ගැන සංයුක්ත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරිම.

ඒ සඳහා රජයට බලපෑම් කිරීම හා ජනතාව පෙළ ගැස්වීම වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂවල වගකීම වෙනවා.

Jesustoday.lk 5 වන වසර 8 වන සතිය 2021 අප්‍ර‍ේල් 25 වන ඉරිදා 

 

 

Comments powered by CComment