ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කෙරුණේ මිනිත්තු 9 තත්පර 29 න් දණ නවා ඔහුගේ ගෙල තද කිරිමෙනි. දේශපාලන බලය මත සුදු ජාතික ජාතිකවාදය මත සාක්ෂි අතුරුදහන් කිරිම සිදු නොවු අතර සුදු ජාතික ආගමික නායකයින් හෝ දේශපාලකයින් ඝාතකයා වෙනුවෙන් මුදල් එකතු කිරිම හෝ ඔහුට ජාතියේ නාමයෙන් දණ්ඩ මුක්තිය ඉල්ලු බවක් වාර්තා නොවීය.

2020 මැයි 5 වනදා ඇමරිකාවේ මිනියාපොලිස් හිදි කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝෘතනය කිරිමට වරදකරු වු සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ච‍ෝවින්ට වසර 40 හිර දඩුවමක් නියම වුනු ඇතැයි ඇමරිකාවෙන් වාර්තා වේ.

ඇමරිකානු අධිරාජ්‍යවාදයත් ඇමරිකාවේ ලෝක පොලිස්කාර භූමිකාවත් දැඩි සේ විවේචනය කරන අතරම ඇමරිකානු සමාජය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තවමත් අපේ රටවලට වඩා ශක්තිමත් බවක් පවතින බවට මෙම නඩු තීන්දුව සාක්ෂියක්.

නඩුව සති තුනක් තිස්සේ අඛණ්ඩව ඇසු අතර එය 12 දෙනෙකුගෙන් යුතු ජූරි සභාවක් ඉදිරියේ සිදු විය. මේ ජූරි සභාවේ සංයුතියද ඉතා වැදගත්. හය දෙනෙකු සුදු ජාතිකයින් වු අතර ඉතිරි හය දෙනා කළු හා වෙනත් බහුවර්ගයන්ට අයත් විය.

ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයේ දෙමළ ජනයාට එරෙහිව සිදු වූ ඝාතනයන් පිළිබඳ නඩු තීන්දු සම්පූර්ණයෙන්ම ඇසුණ‍ේ තනි සිංහල ජූරි සභාවන් හමුවේය. එපමණක් නොව දෙමළ ජනයාට බලපාන කරුණු පිළිබඳ රජය පත් කරන්නේ දෙමළ ජනයා නැති කමිටුය. මෑත උදාහරණක් වන්නේ උතුරු නැගෙනහිර උරුමයන් සුරැකීම පිළිබඳ රජය පත් කළ කමිටුවට එකදු දෙමළ ජාතිකයෙකුවත් ඇතුලත් නොවීමය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කෙරුණේ මිනිත්තු 9 තත්පර 29 න් දණ නවා ඔහුගේ ගෙල තද කිරිමෙනි. දේශපාලන බලය මත සුදු ජාතික ජාතිකවාදය මත සාක්ෂි අතුරුදහන් කිරිම සිදු නොවු අතර සුදු ජාතික ආගමික නායකයින් හෝ දේශපාලකයින් ඝාතකයා වෙනුවෙන් මුදල් එකතු කිරිම හෝ ඔහුට ජාතියේ නාමයෙන් දණ්ඩ මුක්තිය ඉල්ලු බවක් වාර්තා නොවීය.

කළු ජාතිකයින් හා සුදු ජාතිකයින් ද එකතුව ලොව පුරා මෙම ඝාතනයට එරෙහිව සිදු කළ විරෝධතාවයන්ට සාධාරණයක් මෙම නඩු තීන්දුව මගින් ලැබී ඇත. 

Jesustoday.lk 5 වන වසර 8 වන සතිය 2021 අප්‍ර‍ේල් 25 වන ඉරිදා 

Comments powered by CComment