අලුත් අවුරුදු සමය ශ්‍රී ලංකාව එතෙක් පවත්වාගෙන ආ කෝවිඩ් 19 ට අදාල ග්‍රහනය බරපතළ ලෙස බිඳ වැටුනු අතර එකි ප්‍රතිඵලයක් ලෙස නව අවුරුද්ද කෝවිඩ් රෝගීන් ඉහළ යන එකක් වීමට හොඳටම ඉඩ ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවයි.

මිහිතලය මත ගෝලීය කෝවිඩ් මරණ 30 33 003 ඉක්ම විය.

රසායානාගාර වාර්තා අනුව ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගී 100 000 ඉක්මවයි.

ලෝකය මෙන්ම ශ්‍රී ලංකාවද තවම සිටින්නේ අඳුරේ අතපතගාමින් බවයි පෙනෙන්නේ.

විශේෂයෙන් අප රටේ වැනි දුර්වල ආණ්ඩුකාරයක් පවතින දුර්වල ආර්ථීකයක් පවතින දුප්පතුන් ගැන ඇත්ත අවධානයක් නැති රටවල් කෝවිඩ් නිසා මුහුණ දෙන තත්වය බරපතල වූවත් එය නොසලකා හැර තිබෙන බවත් කෝවිඩ් දේශපාලන මෙවලමක් බවට පත් කරගෙන තිබෙන බවත් පෙනේ.

කෝවිඩ් 19 හේතු කොට සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති වු බිඳ වැටීම් නිසා දකුණු ආසියානු කලාපයේ බරපතල ප්‍රතිවිපාක ඇති වි ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනාවරණය කළා.

ඉන්දියාව, ශ්‍රි ලංකාව, ඇෆ්ගනිස්ථානය පකිස්ථානය හා නේපාලය යන රටවල් ඇසුරින් කරන ලද සමීක්ෂණයකදී හෙළි දරව් වු පහත කරුණු එකී බලපෑම කෙබඳුද යන්න පෙන්වා දෙනවා.

- සාමාන්‍ය තත්වයට වඩා අතිරේක ළමා මරණ 239000 ක් සිදු වී තිබෙනවා.
- 2020 වර්ෂයේ ළමා මරණ 15.4% කින් ඉහළ ගොස් තිබෙනවා.
- මේ කාලය තුළ මාතෘ මරණ ඉහළ යාම වැඩි වු රට ශ්‍රී ලංකාවයි. එය 21.5% ක වැඩි වීමකි.
- අපෙක්ෂා නොකළ ගැබ් ගැනීම් 3500 000 ක් මේ කාලය තුළ වාර්තා වී ඇති අතර ඉන් 4 00 000 ක් යොවුන් ගැහැනු ළමුන්.

ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය බරපතළ අවුලකට පත් වී තිබෙනවා. එය නිසි පරිදි ක්‍රියාත්මක නොවුනා පමණක් නොව ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන පරිදි පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව අප්‍රියල් 12 වනදා සිට ලබාදිය යුතු වූවත් මේ සටහන ලියවන අප්‍රියල් 22 වනදා වන විටත් එය සිදු වී නෑ.

අප්‍රියල් 19 වන විට ශ්‍රී ලංකා රජයේ නිල වාර්තා අනුව මෙරටින් වාර්තා වු කෝවිඩ් රෝගීන් ගණන 96439 ක් වූවත් රසායානාගර සේවා නිල දත්ත අනුව කෝවිඩ් ආසාදිතයින් ලක්ෂයේ සීමාව පසුකර අවසන් බවයි වෛද්‍ය රසායානාගාර වෘත්තීයවේදින්ගේ සංගමය පවසන්නේ.

අලුත් අවුරුදු සමය ශ්‍රී ලංකාව එතෙක් පවත්වාගෙන ආ කෝවිඩ් 19 ට අදාල ග්‍රහනය බරපතළ ලෙස බිඳ වැටුනු අතර එකි ප්‍රතිඵලයක් ලෙස නව අවුරුද්ද කෝවිඩ් රෝගීන් ඉහළ යන එකක් වීමට හොඳටම ඉඩ ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවයි.

Jesustoday.lk 5 වන වසර 8 වන සතිය 2021 අප්‍ර‍ේල් 25 වන ඉරිදා 

 

Comments powered by CComment