පසුගිය දින කෙදක තුළ වාර්තා වුයේ වෛද්‍යවරුන් 14ක් හෙළ හෙදියන් 25කට කොවිඩ් වැළදි ඇති බවයි. සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව රැදි තිබෙන්නේ හුදෙක් සෞඛය සේවකයින්ට අවශ්‍ය උපකරණ දිමෙන් පමණක් නොවේ. (ඒ උපකරණයද සීමිතයි. ඒවා වහා සම්පාදනය කරනු යනු හඬ නැගුනේ ගිය වසර මුල සිට ය) ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිමෙනි. රෝගින් වැඩි වෙත්ම සෞඛ්‍ය සේවක අනාරක්ෂාවද වැඩිවේ.

ලොව පුරා ජාතික ආරක්ෂක රාජ්‍ය අර්බුදයට යමින් තිබේ. සෞඛ්‍ය සේවකයින්ට වඩා විශාල ප්‍රමාණයක හමුදාවක්, පොලිසියක්, ආරක්ෂක අංශ සිටින.

සෞඛ්‍යයට වඩා තුන් හතර ගුණයක්, පස් හය ගුණයක් හෝ ඊට වඩා මුදල් වෙන් කරන

ඊනියා දේශප්‍රේමයෙන් හා ජාතිවාදයෙන් ජනයා මුසපත් කොට තර කරනු ලබන ජාතික ආරක්ෂක රාජ්‍යයන් කොරෝනා වෛරසය ඉදිරියේ අර්බුදයට යමින් තිබේ.

නිවැරදිව කිවොත් ලෝකය සුරා කමින් අධිරාජ්‍යවාදය වපුරා රැස්කරගත් මහා ධන ස්කන්ධයක් නැති, ලොවට ණය වෙමින් රටේ දුප්පත් බහුතරය මිත්‍යාවෙන් මුලා කොට, ධනවතුන්ට වරදාන දෙමින් ගොඩනගන ජාතික ආරක්ෂක රාජ්‍ය සහිත රටවල් අර්බුදයට යමින් තිබේ.

ඉන්දියාව නිදසුනක් පමණි.

එක් සිමාවකට පසු සෞඛ්‍ය සේවකයින් අල්ප වු කළ, සොෟඛ්‍ය පහසුකම් අල්ප වු කළ, විශාල ආරක්ෂක අංශවලට කළ හැක්කේ මළ මිනි වැළලිම පමණක් බව තේරුම් ගන්නට ලෝකය තවත් පමාවිය යුතු නැත.

වෛරස් සමඟ දිලිර සමඟ, තුවක්කු වලින් යුධ ටැංකි වලින් කළ හැකි දේවල් ඇත්තේම නැති තරම්ය. ඉහළ සෞඛ්‍ය සේවකයින් පිරිසක්. ඉහළ දැඩි සත්කාර ඇදන් ප්‍රමාණයක් ඉහළ ඖෂධ හා එන්නත් ප්‍රමාණයක් සමඟ කළ හැකි දේවල් නම් විශාල ප්‍රමාණයක් ඇත.

මෙය රණවිරු විරෝධි දේශද්‍රෝගි අදහසක් ලෙස ඉවත දැමීමට ඉක්මන් නොවි මදක් සිතා බලන්න.

වැසිකිළි නැති 40% කට වඩා ජනතාවන් සිටිමේ අවමානය උඩු ගුවන ජයගන්නා රොකට්, අභ්‍යවකාශ යානාවලින් වසාගත් ව්‍යාජ ඉන්දියා අභිමානයට කළ හැකිව ඇත්තෙ කුමක්ද ? ස්වදේශිය ඇමතිවරයා විසින් මුහුදට විසි කළ යුතු බෙංගාලි වේයන් යැයි කියමින් සුළුතර ජනයා ගර්හාවට ලක්කළ ස්වාභිමානයට ඡන්දය දුන්, ඉන්දිය පිඩිත ජනයා මහ මඟට විසිකර දැමීම, දර සායන්වලට විසිකර දැමීම හැර දැන් කළ හැකිව තිබෙන්නේ කුමක්ද ?

ඉන්දීය පීඩිතයින්ට හුස්ම හිරවි ඇති මොහොතේ හිතන්නට බැරිවුවත් හුස්ම හිරවීමට ආසන්න ලෝකයේ පිඩිතයිනට ඒ ගැන සිතිමට පුළුවන. සිතිමට සැලැස්විය යුතුය.

නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජාතික ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ රෝහල්වල වෛද්‍යවරු 4000 ක හිඟයක් ඇතැයි පසුගියදා අනාවරණය කර තිබුණි. තව දුරටත් ඔවුන් කියා තිබුණේ ශේෂ්ඨ පරිපාලන පුරප්පාඩු 50ක් කනිෂ්ඨ පරිපාලන පුරප්පාඩු 75ක් සෙසු පරිපාලන පුරප්පාඩු 40ක් මෙරට රොහල් පද්ධතිය තුළ ඇතිබවයි..

පසුගිය දින කෙදක තුළ වාර්තා වුයේ වෛද්‍යවරුන් 14ක් හෙළ හෙදියන් 25කට කොවිඩ් වැළදි ඇති බවයි. සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව රැදි තිබෙන්නේ හුදෙක් සෞඛය සේවකයින්ට අවශ්‍ය උපකරණ දිමෙන් පමණක් නොවේ. (ඒ උපකරණයද සීමිතයි. ඒවා වහා සම්පාදනය කරනු යනු හඬ නැගුනේ ගිය වසර මුල සිට ය) ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිමෙනි. රෝගින් වැඩි වෙත්ම සෞඛ්‍ය සේවක අනාරක්ෂාවද වැඩිවේ.

දැන්වත් අපි තේරුම් ගත යුත්තේ ජනතාවගේ ජිවනෝපාය හා සෞඛ්‍ය ආරක්ෂාව 1 බවට පත් නොවන ඕනෑම රටක ආරක්ෂාව සුරක්ෂිත නැති බවයි.‍

ඉන්දියාවේ දැවැන්ත මරණ සංඛ්‍යාව පිටුපස සැගවි ඇත්තේ සෞඛ්‍ය පෞද්ගලිකරණය කිරිම් රාජ්‍ය ප්‍රතිපත්තියයි. මෝදිගේ රජය මෙන්ම කොන්ග්‍රස් රජයද අනුගමනය කළේ සෞඛ්‍ය වැය ශීර්ෂය කපා හරිමින් විශේෂයෙන් අති බහුතරයක් දිළිදු ජනයාට සෞඛ්‍ය රැකවරණය සාදන රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය බිද දැමීමයි.

ජනතාවගේ මූලික මානව අයිතියක් පෞද්ගලිකකරණය කළ මිල සහිත දෙයක් වු විට දුප්පතුන්ට ඇත්තේ මරණය තෝරා ගැනීම පමණි. ඉන්දියාවේ පමණක් නොව, ලොව පුරා සිදු වන අන්ත පීඩිතයින්ගේ කොවිඩ් මරණ යනු පවතින ක්‍රමය විසින් සිදු කරන අපරාධයක් යන්න අවබොධ කර ගැනීමට ලෝකය පමා වන්නේ නම්, මරණය අත්දැකීම බවට වැලැක්විය නොහැකිය. 

ශ්‍රී ලංකාව ගමන්ගෙන ඇත්තේද ඒ මාවතේමය. නිදහස් සෞඛ්‍ය සේවයක් පිළිබද වගාඩම්බර කතා තුලින් සැගවිය නොහැකි යථාර්ථය එයයි. පසුගිය දශක දෙක තුල ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂාව දැඩි ලෙස පෞද්ගලිකකරණය වී ඇත. 

එකවර රෝහල් තුළ‍ෙ ඇතුලත් කර ගන්නා රෝගීන් විසි තිස් දහසක් බවට පත්වූවහොත් ශ්‍රි ලංකාවද නිදහස් සෞඛ්‍ය පද්ධතිය බිද දැමීමේ සාපරාධය කොතෙක්දැයි අත්දකිනු ඇත්තේ ඉන්දියවට වඩා ලොකු වෙනසක් නොමැතිවය.

කොරොනා ව්‍යාප්තිය සමග jesustoday.lk අවධාරණය කළේ ‍‍ කොරොනා තත්වය අපට පවසන ප්‍රධාන පණිඩුවය වන්නේ "නිදහස් සෞඛ්‍ය සේවය රැක ගනිව්" යන්න බවයි. එහෙත් ඒ හඩනැගීමට මෙරට ප්‍රගතිශිලින් ද එක්සි වූයේ නැති තරම්ය‍.

Jesustoday.lk 5 වන වසර 9 වන සතිය 2021 මැයි 02 වන ඉරිදා 

 

Comments powered by CComment