මුළුමනින්ම අසාර්ථක වතු සමාගම් මොඩලය වෙනුවට ඉතිරි හෙක්ටෙයාර් 50,000 වතු කම්කරු පවුල් පවුල් 180,000 ක් වෙත බෙදා දෙන්නේ නම් ඔවුන් සාර්ථක කුඩා තේ වතු හිමියන්ගේ ගොඩට එකතු වී වහල්භාවයෙන් මිදෙනු ඇත.

 

“වෙල්ලස්ස ප්‍රදේශයේ ඇති කුඹුරුවලින් මුළු රටටටම අවශ්‍ය සහල් නිපදවිය හැක. එසේ වන තරමට තවත් කැරැල්ලක් අවශ්‍ය නම් ඇරඹිය හැක. ඔවුහූ වතු වගාවේ සේවයට නොපැමිණෙකි. කළ යුත්තේ ඌවේ සිට පහළට ගලන ගංගා වියළා දැමීමයි. අප ඒ සඳහා ඇකේෂියා සහ ඉයුකැලිප්ටස් වගා කරමින් සිටිමු”

මේ 1923 වර්ෂයේ ලංකාව පාලනය කරන ලද සුද්දන් ලන්ඩනයේ හාම්පුතුන් වෙත යවන ලද පණිවුඩයක ඇති කොටසකි.

ඔවුන් අක්කර ලක්ෂ 5 ක වනාන්තර කපා වතු වගාව ආරම්භ කරන අතරතුර තවත් ප්‍රදේශ ගණනාවක කඳුකරය වියළන ගස් වගා කරන ලදී. උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල තෙක් ගමන් ගන්නේ නම් මධ්‍ය කඳුකරයේ ගංගා ආරම්භක ජල පෝෂක ප්‍රදේශ පේන තෙක් මානයේ තට්ටය ගෑවා සේ තේ වගා කර තිබෙන අයුරු නැරඹීමට පුළුවන. නිවර්තන වැසි වනාන්තර භූමියකට කිසිදා වසර 150 කට වැඩියෙන් වනාත්ර අහිමිව පැවතිය නොහැක.

දැන් ප්‍රතිපල පෙනේ. වැස්ස සති 3 ක් ප්‍රමාද වූයේ නම් හෝ කලින් ඉවර වූයේ නම් ජල, විදුලි ප්‍රතිශතය 40% කට වඩා අඩු වී විදුලි බල මණ්ඩලය රු. කෝටි 8000 ක්. එසේ නොමැතිනම් ඩොලර් මිලියන 400 ක් පාඩු ලබයි.

ජලාශවලට ජලය නිකුත් කළ හැකි වනාන්තර භූමිය දැන් අයිති කලාපිය වතු සමාගම්වලට නොහොත් regional plantation company වලටය. තේ නිෂ්පාදනයෙන් ඔවුන් සපයනුයේ 20% නොහොත් ඩොලර් මිලියන 300 කි. ඒ සඳහා ඔවුන්ට හෙක්ටෙයාර් ලක්ෂයක (100,000) වතු ඉඩම් තිබේ. ඩොලර් මිලියන 1100 ලබාදෙනුයේ කුඩා තේ වතු හිමියන්ය. ඔවුන්ට හෙක්ටෙයාර් 11000 ක් තිබේ. දෙගොල්ලම ආසන්න වශයෙන් සමාන වුවද සුපිරි වතු සමාගම් පයිසෙකටවත් නොවටින්නේ නිපදවන සොච්චමට මහා භූමියක් අල්ලා සිටින නිසා පමණක් ම නොවේ. වතු කම්කරුවෙකු ට රු. 1000 ක වැටුපක්වත් ගෙවා ගැනීමට නොහැකි කොම්පැණි වර්ගයක් වීම නිසාය. එපමණක් නොව වතු සමාගම් භූමියේ තේ වගාව තිබෙන තුරු විදුලිබල මණ්ඩලය ඔවුන් නිපදවන තේ නිෂ්පාදනයේ වටිනාකමටත් වඩා ඩොලර් මිලියන 100 ක් එනම් ඩොලර් මිලියන 400 ක් පාඩු ලබන බැවිනි.

මධ්‍ය කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලින් භාගයක් එනම් හෙක්ටෙයාර 50,000 ක් යලි වසර 20 ක සැලැස්මකින් වනාන්තර බවට පත් කෙරේ නම් අපේ ගංගාවෝ යළි පණ ලබනු ඇත. ඒ සඳහා ආධාරක සංවිධාන ඕනෑ තරම් තිබේ. නිෂ්පාදනය වන ඔක්සිජන් වෙනුවෙන් ගෙවන සංවිධානවලින් වසරකට ඩොලර් මිලියන 100 ක් ද ලබා ගත හැක. විදුලි පාඩුවද ක්‍රමයෙන් අවම කොට තවත් ඩොලර් මිලියන 400 ක් ඉතිරි කළ හැක. තේ වතු සමාගම් වගාවෙන් භාගයක් අහිමිවීමෙන්, අපට නැති වනුයේ ඩොලර් මිලියන 150 කි.

මුළුමනින්ම අසාර්ථක වතු සමාගම් මොඩලය වෙනුවට ඉතිරි හෙක්ටෙයාර් 50,000 වතු කම්කරු පවුල් පවුල් 180,000 ක් වෙත බෙදා දෙන්නේ නම් ඔවුන් සාර්ථක කුඩා තේ වතු හිමියන්ගේ ගොඩට එකතු වී වහල්භාවයෙන් මිදෙනු ඇත. වතු සමාගම් කම්කරු අර්බුදයෙන් ගැලවී කරන්නට බැරිව දඟලන වගාව සහ තේ තොග වශයෙන් රට යැවීම වෙනුව‍ට වටිනාකම් එකතුවන නිෂ්පාදන සහ ශ්‍රී ලාංකික සන්නාම කරණයට අවධානය යොමු කොට තේ ආර්ථීකයේ උපායමාර්ගික වෙනසක් දක්වා තල්ලු කළ හැක. එසේ නොවන තාක් කල් විදුලිබල මණ්ඩලය පාඩු ලබන ගමන් විදුලිය කැපීමේ මාතෘකාව පෙරට ගෙන කොමිස් කාක්කන්ගේ තාප විදුලි බලාගාර ව්‍යාපෘති සහ මිලදි ගැනීම් තුළින් ජාතියම බංකොළොත් කරනු ඇත.

7GradeWriterWorkshopඅරුණ කාන්ත බණ්ඩාර කළමනාකාර අධ්‍යක්ෂ Healthfa

(උපුටා ගැනීම රාවය පුවත්පත)

Jesustoday.lk 5 වන වසර 10 වන සතිය 2021 මැයි 09 වන ඉරිදා

 

Comments powered by CComment