ඊශ්‍රායලය තම දේස සීමා පුලුල් කර ගනිමින් බලහත්කාරයෙන් ප්‍රදේශ යටත් කරගනිමින් කරන ක්‍රියාදාමය ගැටුම විසඳීමට ඇති ලොකුම බාධාව බව වතිකානුව පවා පෙන්වා දී ඇත.

 

ගෙවුනු සඳුදා නැවත වරක් ජෙරුසලම් අහස යුධ ගිනිදැල් ඇවිළිණි.

ඊශ්‍රායල හා පලස්තීනය අතර නිමාවක් නොදකින අර්බුදය විසින් මේ යළි යලිත් ගිනි ගැනීම ඉදිරියට ගෙනයයි.

මෙවර ගිනි ඇවිලීමට හේතු වි ඇත්තේ 1967 වසරේදී සිදුවුණු ආරාබි ඊශ්‍රායලය යුද්ධය සැමරීම වෙනුවෙව් පවත්වන "ජෙරුසලම් දිනය යි".

ඊශ්‍රායල් හමුදා හා පලස්තීනයේ හමාස් සංවිධානයේ සාමාජිකයින් අතර ඇති ව ඇති ගැටුම්වල හානිය විසින් එහි වැඩි වග උත්තරකරු කව්දැයි තීරණය කළ හැකි බව යැයි ඇතැම් විචාරකයින් පවසති.

බදාදා දහවල් වන විට විදෙස් වාර්තාවලට අනුව 35 දෙනෙකු මිය ගොස් ඇති අතර 5 දෙනෙකු ඊශ්‍රායල ජාතිකයින් වන විට 30 දෛනකුම පලස්තිනුවන් වේ. මිය ගිය පලස්තීනුවන් අතර ළමුන් දස දෙනෙකු ද සිටින බව වාර්තා විය.

බටහිර මාධ්‍ය හා ඊශ්‍රායලයට පක්ෂපාති පිරිස් මෙම ගැටුම අර්ථ දක්වන්නේ පලස්තීනය වෙතින් එල්ලවු රොකට් ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර වශයෙනි. ඇතැමුන් මෙය පලස්තීනය ඉල්ලන් කෑමක් ලෙසද වාර්තා කර තිබුණි.

ඊටත් වඩා මුග්ධ හා අත්තෝනෝමතික ප්‍රතිචාරද සමාජ මාධ්‍ය තුළ දකින හැකිය. "දෙවියන් වහන්සේ ජනතාව ඊශ්‍රායල් ඒ නිසා ඔවුන් පරදින්නේ නෑ." මෙය දෙවියන් ගැන කරන අති අන්ධ ප්‍රතිචාරයන්ය දෙවියන් ඊශ්‍රායල් සමග සිටියේ ඔවුන් යහපත තුළ පීඩිතව සිටින තුරු පමණි. තෝරාගත් එකම ජනතාව ඊශ්‍රායල්වරුන් ‍යැයි කීම, සියලු මිනිසුන්ගේ ගැලවුම්කරුවාණන් ලෙස දෙවියන් සැලකීම සුලුකරනු ලබන ඉගැන්වීමකි.

කෙසේ වෙතත් 1948 දී නව ඊශ්‍රායල් රාජ්‍ය පිහිටුවීමේ සිට මේ දක්වා ඊශ්‍රායලය තම දේස සීමා පුලුල් කර ගනිමින් බලහත්කාරයෙන් ප්‍රදේශ යටත් කරගනිමින් කරන ක්‍රියාදාමය ගැටුම විසඳීමට ඇති ලොකුම බාධාව බව වතිකානුව පවා පෙන්වා දී ඇත. එකිනෙකට ස්වාධීන රාජ්‍යයන් දෙකක් ලෙස ඊශ්‍රායලය හා පලස්තීනය සම්මුතියකට පැමිණිමත් ලෝකය එය පිළිගැනීමත් විසඳුම ලෙස හඳුනාගෙන ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ජෙරුසලම ඊශ්‍රායලය අගනුවර ලෙස පිළිගනිමින් මෙම ගැටුම් අලුත් අදියරක් අරඹන ලදී. ඒ නිසා ඊශ්‍රායල් ක්‍රියාකාරකම් ඇමරිකානු අධිරාජ්‍යවාදි වුවමනා සමගද බැඳී තිබේ. ගාසා තීරයේ සාමය සඳහා ඊශ්‍රායලයේ බහත්කාරි ක්‍රියාන්විතය නතර වීම අත්‍යවශ්‍යය. හමාස් සංවිධානයට පැවැත්මක් ඇත්තේ පලස්තීනයට අදාල යෝජිත විසඳුම් ක්‍රියාත්මක නොවීම තුළය. ජුදා දහමේ පැවැති කිසියම් හා වටිනාකමක් ඇත්නම් ඇමරිකානු- ඊශ්‍රායල් දේහපාලන තන්ත්‍රය බටහිර ඉවුර තුළ, ගාසා තීරය තුළ කරන ලද නින්දිත දේශපාලනය නිසා එය විනාශ වී ඇති බව තේරුම් ගන්නා ඊශ්‍රායල්වරු පිරිසක් බිහිවීම මේ ගැටුම විසඳීමට අත්‍යාවශ්‍ය කොන්දේසියක් වේ.

Jesustoday.lk 5 වන වසර 11 වන සතිය 2021 මැයි 16 වන ඉරිදා

 

Comments powered by CComment