ඒ වගේ ම මේ පනත්, වගන්ති ලියන්නේ මැති ඇමතිවරු නොව නීතිඥවරු හා ව්‍යවස්ථා විශාරදයන් ම වනු ඇත. ඔවුන් එවැනි වගන්ති ඇතුලත් කරන්නෙ ඇයි. නොදැනුවත්කම නොවන බව පැහැදිලිය.

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත කෝවිඩ් වසංගතය මැද්දේ රටේ සිටින පාලකයින් ඉතා හදිසි පනතක් බවට පත් වීම ගැන කිතුනු ආගමික නායකයින් කිසිවෙකුට ප්‍රශ්නයක් නොවීය.

ඒ හදිසියටත් වඩා සිතා බැලියය යුතු වැදගත් කරුණක් පාක්ෂික දෘෂ්ටිකෝණ පසෙකලා ධාර්මික දෘෂ්ටි කෝණයෙන් බැලීම රටටත්, පෞද්ගලික මිනිසුන්ටත් ඉතා වැදගත් වනු ඇත.

රට රකින දේශප්‍රේමින් කියන රජයක් ගෙන ආ පනතක වගන්ති 74 කින් 25 ක්ම ව්‍යස්ථා විරෝධි වන්නේ නම් හා වගන්ති 9 ක් ජනමත විචාරණයකට යායුතු තරම් බරපතල නම්, එවන් වගන්ති ඇතුලත් කිරිමේ ඇති දේශප්‍රේමිත්වය කුමක් ද ?

ඒ වගේ ම මේ පනත්, වගන්ති ලියන්නේ මැති ඇමතිවරු නොව නීතිඥවරු හා ව්‍යවස්ථා විශාරදයන් ම වනු ඇත. ඔවුන් එවැනි වගන්ති ඇතුලත් කරන්නෙ ඇයි. නොදැනුවත්කම නොවන බව පැහැදිලිය. දැන් ඔවුන් ඒ වගන්ති ව්‍යවස්ථානුකූල ලෙස සකසන්නේ අවංකව නොව, නොකර බැරිකමටය.

අප රටේ ආණ්ඩු හා ඒ ආණ්ඩුවල ස්වච, කීකරු සේවකයින් වු උගතුන් එසේ කරන්නේ ඇයි ? ජනතාව දෙවියන්ගේ ඇසින් බලා සත්‍ය තේරුම්ගත යුතුය.

මුතුරාජවලට විනාශය විශාල විරෝධයක් දක්වන කාදිනල් හිමි ඇතුළු නිල කතෝලික සභාව මේ සා ව්‍යවස්ථා විරෝධි පනතක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දෙන තෙක්ම නිහඬව සිටියේ ඇයි ? මුනිවත රැක්කේ ඇයි ? අවසානයේදී කාදිනල් හිමි ඇල්ලේ ගුණවංශ හිමියන් සමග මිස මේ පිළිබඳ රදගුරු මඩුල්ලක් ලෙස අදහසක් ප්‍රකාශ නොකළේ ඇයි ?

ජනතාව දෙවියන්ගේ ඇසින් බලා විමසිය යුතු ප්‍රශ්න ඒවාය. එවිට සත්‍ය හෙළිදරව් වනු ඇත. සැබෑ සත්‍යය මිස ව්‍යාජ සත්‍ය අපව නිදහස් නොකරයි.

7GradeWriterWorkshopදෘෂ්‍යන්ත පීරිස්

Jesustoday.lk 5 වන වසර 12 වන සතිය 2021 මැයි 23 වන ඉරිදා

 

Comments powered by CComment