කොවිඩ් එන්නත නවොත්පාදනයේ අසම සම ජයග්‍රහනයක් වුවද ඉන් ප්‍රතිලාභ ලබන්නේ සමස්ත ලෝකයෙන් ම 20‍% - 30% ක් වැනි පිරිසක් නම්, ඒ නවොත්පාදන ජයග්‍රහනයේ අර්තය කුමක්ද ? 

සොබා හිතැති මානවවාදි පැවැත්මක් පිණිස පවතින ක්‍රමයේ වෙනසක් ඇති කර ගැනීම ලෝකයට මෙවැනි වසංගත වලින් මිදීමට ඇති දිගුකාලීන පිළිතුරයි.

සංචරණ සීමා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම කොතෙක් සිදු කළත් කෝවිඩ් සඳහා ඇති විසඳුම වන්නේ සාර්ථක එන්නතක් සියළු මිනිසුන්ට ලබාදිමයි. jesustoday.lk වෙබ් අඩවිය ලෙස එන්නත් සොයා ගැනීමේ උත්සහය ආරම්භයේ සිටම අප පැවසුවේ එන්නත් ගෝලීය පොදු භාණ්ඩයක් කිරිම සඳහා ලෝකය සටන් කළ යුතු බවයි. නමුත් එවන් ප්‍රමාණවත් උද්ඝෝෂණයක් බලපෑමක් සිදු නොවීම නිසාම මාස 15 කට පසුත් එන්නත් පිළිබඳ ඇත්තේ එය බලවත් ධනවත් රටවල හා සමාගම්වලට භුක්තිය ලැබුණු යථාර්ථයකි.

චීනය හා රුසියාව යම් පමණකින් තම එන්නත් ලෝකය සමඟ බෙදාගත්තත් ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය සිටින්නේ එන්නත් රැස්කර ගැනීමේ හා එමගින් ලාභ ලැබීමේ සුපුරුදු ක්‍රියාමාර්ගයේය. තම අධිරාජ්‍යවාදි පිළිවෙත් පැතිරිමේ ක්‍රියාමාර්ගයක් ලෙස හෝ ඇමරිකාව-බිත්‍රාන්‍ය ගෝලීය අර්බුධවලදි ගත් නායකත්වය ට්‍රම්ප් යුගය විසින් සුණු විසුණු කොට ස්වොත්තමවාදයකට රැගෙන ගිය පසු බයිඩන් තවම ඉන්න දෙලොවක් අතරය.

කෙසේ වෙතත් එන්නත් සඳහා වන පේටන්ට් බලපත්‍ර අත්හැර ඒ. ඒ. රටවල් වලට එන්නත් නිපදවා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ගෝලීය ආයතන පුද්ගලයින්, සංවිධාන, රටවල් කළ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ දෙසැම්බර් වන විට ඒ තත්වය උදාකරගත හැකි බව ලෝක වෙළඳ සංවිධානයේ සභාපතිවරිය පසුගියදා පැවසුවාය.

ඒ සමඟම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද ඊට එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබීම බලාපොරොත්තු දල්වන්නක් වී තිබේ. එන්නත් සදහා පේටන්ට් අයිතිය අත්හැරිමට ඇමරිකා එක්සත් ජනපදය තම සහය දක්වන බව පැවසීම ලොව පුර කෝවිඩ් 19 රෝගීන්ට එන්නත් ලබා දීම වේගවත් කිරිමේ අරමුනින් සිදුවන්නක් බව ප්‍රකාශ කෙරී ඇත. 

අමරතාබ් පියවර අගයමින් අදහස් ප්‍රකාශ කර ඇති නොසලකා හරින ලද රෝගින් සදහා ‍ඖෂධ වැඩ පිළිවෙලහි අධ්‍යක්ෂ රෙචල් කොනෙන් පවසා ඇත්ත‍ේ කෝවිඩ් 19 එන්නත් ලොව පුරා සිටින වැඩි පිරිසකට ලබා දීමට ප්‍රධාන පියවර තැනක් අවශ්‍ය බවයි.

1. එනන්ත් ඉක්මනින් ඒම අවහිර කරන පේටන්ට් බලපත්‍ර බාධකය ඉවත් කිරීම

2. එනන්ත් නිෂ්පාදනයේ දැනුම එකින් ‍නෙකා සමග හුවමාරු කර ගැනීම

3. එන්නත් නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීම

ඔහු තව දුරටත් මෙසේ කියනවා

"කොවිඩ් එන්නත නවොත්පාදනයේ අසම සම ජයග්‍රහනයක් වුවද ඉන් ප්‍රතිලාභ ලබන්නේ සමස්ත ලෝකයෙන් ම 20‍% - 30% ක් වැනි පිරිසක් නම්, ඒ නවොත්පාදන ජයග්‍රහනයේ අර්තය කුමක්ද ? "

ඔහු යෝජනා කරන ඉහත ක්‍රියාමාර්ගය අමතරව දුප්පත්කමට ඇද දැමු රටවලට එන්නත් නොමිලේ හෝ සහන මිලට ලබා දීමේ ශක්තිමත් ගෝලීය වැඩසටහනක් අවශයයි. 

ශ්‍රී ලංකාව තම පුරවැසියන්ගේ සෞඛ්‍ය සඳහා කිසිදු ප්‍රමුඛතාවයක් ලබා නොදෙන තත්ත්වයක් පවතින්නේ. එන්නත් සඳහා රජය විසින් වැය කිරිමට අදහසක් නැති නිසාත්, කිසිදු දූර්දර්ශි සැලසුමක් සහිතව ක්‍රියා නොකළ නිසාත් ඉන්දීය එන්නත්හි පළමු මාත්‍රාව ලබාගත් අයට මාස තුනක් ඉක්මවූ පසුත් දෙවන මාත්‍රාව නොලැබී ඇත. පළමු මාතාව‍ෙන්ද ඵලක් නොවන තත්වයක් උදා වී ඇත.

එන්නත්කරණ ක්‍රියාවලිය තුලින් ලෝකයේ යථාර්ථය මෙන්ම අප රටේ යථාර්ථය තේරුම් ගැනීමට ජනතාව අවස්ථාවක් උදා වී ඇත.

එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර අත්හනෙු !
එන්නත් අධිරාජවාදය අත්හරිනු !
එන්නත් ගෝලීය පොදු තත්ත්වයක්
කරනු !
පුරවැසියන්ට එන්නත් ලබා දීමට
ප්‍රමුඛතාවය දෙනු !

මේ අද දවසේ දෙවියන්ගේ දිවැසිවර හඩයි.

Jesustoday.lk 5 වන වසර 13 වන සතිය 2021 මැයි 30 වන ඉරිදා

 

Comments powered by CComment