දිගින් දිගටම සිදුවූයේ ආණ්ඩුවේ ඉහළම තනතුරු දරන්නන්ගේ සිට කොවිඩ් මර්ධන කමිටුවේ ප්‍රධානියාගේ සිට පහළට බොහෝ අවස්ථාවල කොවිඩ් නීතිරීති උල්ලංඝනය කර ක්‍රියා කිරිමයි. නමුත් ඒ සදහා කිසිසේත් නීතිය ක්‍රියාත්මක ‍නොවීය.

ලංකාවේ කෝවිඩ් එන්නත්කරණය දේශපාලනිකරණය වී තිබුණේ ආරම්භයේ සිටමය. ලංකාවේ සියල්ල බලයේ සිටින දේශපාලකයින්ගේ වුවමනා එපාකම් මත සිදු වේ. එසේ කීමෙන් එය නිවැරදි බව හෝ ඊට ඉඩදිය යුතු බව අදහස් නොවේ.

දෙවිඳුන් ඉල්ලන්නේ යුක්තිය ගලා බසින දිය දහරක් සේ පැවැතිය යුතු බවයි.

පාලක පක්ෂයේ ප්‍රභූ පවුල් එන්නත්වලදි ප්‍රමුඛතාවය ගැනීම, නළු නිළියෝ ආගමික නායකයෝ ආදි බොහෝ ප්‍රභූන් (?) පෝලිම් පැන, සීමා පැන එන්නත් ගැනීම මුල සිටම සිදු විය.

ඊයේ මොරටුවේ නගරාධිපති කෝවිඩ් එන්නත්කරණයට අයුතු ලෙස බලපෑම් කිරීමට විරුද්ධව සමාජ මාධ්‍ය හඬනැගීම නොවන්නට ඔහු රක්ෂිත බන්ධනාගත නොවේ. එසේම එය ආන්ඩුවේ දේශපාලකයින්ට එන විරෝධය සමනය කර ගැනීමේ දේශපාලන උපක්‍රමයක්  ලෙස  එයට ආණ්ඩුවේ මුදුනින්ම අප්‍රසාදය ඵල කිරීම සිදුවූ බව පෙනී යයි.

අද (28) ජනපතිවරයා කෝවිඩ් කමිටුව ඉදිරියේ කියු දේ මාධය රටට පෙන්විය. “සියල්ල හොඳට සිදු වෙද්දී මේ වගේ කැත සිදුවීමකින් එය අවුල් වෙනවා” ජපකතිවරයාගේ අදහස‍ේ හරය එයයි.

තොන්ඩමන්ගේ මරණය මොහොතේ සිදුවූයේ කැත සිදුවීමක් නොවේද ?  ඇත්ත නම් කැතට සිදුවන බොහෝ දේ වසා ගැනීමට මොරටු නගරාධිපති යොදා ගැනීම සිදු වූ බවයි. නගරාධීපතිවරයා උසාවියට ගෙනෙන අවස්ථාවේ රැස්ව සිටි පිරිස මේ මොහොතේ පවතින නිරෝධ්‍යාන නීතිවලට අනුව පොලිස්භාරයට පත් විය යුතුය. 

තම ස්වාමිවරු වෙනුවෙන් එසේ බිලිවීමට කැමැති කීප දෙනෙකු හැම විටම ලංකාව තුළ සිටි. පසුව ඒ සඳහා වඩා හොඳ ප්‍රතිලාභයක් ඔවුන්ට ලැබේ. ප්‍රාදේශීය දේශපාලකයින් කරන්නේ ඉහළ දේශපාලකයින් කරන දෙයෙහි කුඩා පරිමාණ දේය. ඉහළ ප්‍රබල දේශපාලන ආදර්ශයක් තිබේ නම් පහල එසේ වන්නේ නැත. 

දිගින් දිගටම සිදුවූයේ ආණ්ඩුවේ ඉහළම තනතුරු දරන්නන්ගේ සිට කොවිඩ් මර්ධන කමිටුවේ ප්‍රධානියාගේ සිට පහළට බොහෝ අවස්ථාවල කොවිඩ් නීතිරීති උල්ලංඝනය කර ක්‍රියා කිරිමයි. නමුත් ඒ සදහා කිසිසේත් නීතිය ක්‍රියාත්මක ‍නොවීය.

මොරටු නගරාධිපති ව අත් අඩංගුවට ගනු යැයි සමාජ මාධ්‍ය සාක්ෂි ඇතිව පෙන්නු වර්ගයේ ආන්ඩුවට සම්බන්ධ ඉහළම පුද්ගලයින් සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය පෙන්නා දුන් වාර අපමණය. ඒ කිසිවකට නීතිය ක්‍රියාත්මක නොවුනි. මොරටු නගරාධිපති සේ ඒ කිසිවෙක් පොලිසියට බාර වුයේ ද නැත.

කෝවිඩ් මේ සා රට තුළ වසගතයක් වූයේ රජය ඒ මුළු ක්‍රියාදාමයම දේශපාලනිකරණය කිරිම නිසාය. ඒ වගකීම කඩ කිරි්ම වෙනුවෙන්  අත් අඩංගුවට ගත්තේ කාවද ?

Jesustoday.lk 5 වන වසර 14 වන සතිය 2021 ජුනි 06 වන ඉරිදා

 

Comments powered by CComment