පසුගිය අප්‍රියල් 15 ඇරඹුනු ශ්‍රී ලංකාවේ කෝවිඩ් තෙවැනි රැල්ල හෙවත් අලුත් අවුරුදු ප‍ොකුරේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 100 000 ඉක්මනව විට සිදුවූ මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා ඇත. එය වාර්තා වූ රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් 1%කි.

මේ සටහන තබන සෙනසුරාදා (5) උදෑසන වාර්තා වූ ඊ‍යේ දිනයේ ශ්‍රී ලංකාවේ කොරොනා තත්වය නිල වශයෙන් මෙස්ය.

වාර්තා වූ රෝගීන් ගණන         3398

මියගිය රෝගීන් සංඛ්‍යාව         48

පසුගිය අප්‍රියල් 15 ඇරඹුනු ශ්‍රී ලංකාවේ කෝවිඩ් තෙවැනි රැල්ල හෙවත් අලුත් අවුරුදු ප‍ොකුරේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 100 000 ඉක්මනව විට සිදුවූ මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා ඇත. එය වාර්තා වූ රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් 1%කි. එනම් රෝගීන් 100 ක් වාර්තා වන විට එක් අයකු මියයන තත්ත්වයකි.

මේ භයානක තත්වය තුළ වඩා වැදගත්ම පිරිස වන සෞඛ්‍ය කාර්යමණ්ඩල, වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන තත්වයට ඉඩකඩ සැලසීම වනාහි ආණ්ඩුවේ අත්තනෝමතිකභාවය පෙන්නුම් කිරීමකි.

සෞඛ්‍ය සේවකයින් කොළඹ ජාතික රෝහලේ ආරම්භ කළ සත්‍යග්‍රහයට පොලිස් මැදිහත්විම හෙලා දැකිය යුතුමය. සිදුවිය යුත්තේ පොලිස් මැදිහත්වීම් නොවේ. ආණ්ඩුව වහා මැදිහත්වීම සෞඛ්‍ය සේවක ඉල්ලීම් ලබාදීම හා වහාම කෝවිඩ් මර්ධනයට අවශ්‍ය පහසුකම් දිරි දීමනා ආරක්ෂාව සෞඛ්‍ය සේවකයින්ට හා ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමයි. ගැබ්නි සෞඛ්‍ය සේවිකාවන් සේවයේ යෙදවීම වැලැක්වීමේ ඉල්ලීම දිනා ගැනීමට සිදුවූයේ පොලිස් බලපෑම් මධ්‍යයේ නම් ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ මිලෙච්ඡත්වය කෙබඳුද යන්න ඉන් පැහැදිලි වේ.

සංචරණ සීමා ද ප්‍රායෝගිකව ඇති හැකි අයට දේශපාලන බලය ඇති අයට එක නීතියක් හා සාමාන්‍ය දුප්පත් ජනයාට තව නීතියක් තත්ත්වයට පිරිහී ඇත. එදා වේල හම්බ කරන මිනිසුන් ගෙදර සිටින අතර මාස් පඩි ගන්නා බොහෝ දෙනෙකු රාජකාරිවලට වාර්තා කරයි. එමගින් සංචරණ සීමාවලින් අපෙක්ෂිත ප්‍රතිඵල ඉටුවේද යන්න ප්‍රශ්නාර්තයක් බවට පත් ව තිබේ. පී.සී.ආර්. මදක් වැඩි කළ සැනින් රෝගීන් ගණන දෙදහයේ ඉලක්කම් වල සිට තුන්දාහයේ ඉලක්කම් වලට මාරු වේ. වහාම පී. සී. ආර් ප්‍රමාණයෙන් හා සංඛ්‍යා ල‍ේඛණවලින් කරන සෙල්ලම නවතා නිසි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍යව පවතින බව දෙවියන්ගේ නාමයෙන් අවධාරණය කළ යුතුය.

Jesustoday.lk 5 වන වසර 14 වන සතිය 2021 ජුනි 06 වන ඉරිදා

 

Comments powered by CComment