වර්ගවාදී ශ්‍රී ලංකා රාජ්‍යය තුළ පොලිස් රාජ්‍යයක පිළිලය සීඝ්‍රයෙන් සියලු ජාතින් මත ව්‍යාප්ත වන අයුරු දකින්නට තව දුරටත් පමා විය යුතු නැත.

යුක්තිය ගලා බසින දිය දහරක් සේ පැවැතිය යුතු බව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වේ.

එහෙත් අප රට තුළ දවසින් දවස යුක්තියේ දිය දහර සිදෙමින් පවතී.

අප ගිය සතියේ (04 වනදා) වෙබ් අඩවියට මඩකලපුවේ පොලිසිය අත් අඩංගුවට ගත් විදුෂාන් නැමැති තරුණයා මරණයට පත්වීම ගැන ලියු ලිපිය වෙබ් අඩවියට එක් කර දවසක් ගතවීමට පෙර පානදුර පොලිසිය විසින් අත් අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයෙකු ජීප් රථයෙන් වැටි මිය ගිය බව වාර්තා විය.

මැයි 07 සිට මාසයක් තුළ ලංකාවේ පොලිසයට සම්බන්ධව සිදුවුණු තෙවැනි මරණය එයයි.

මැයි 07 වැලිගම සුනිල්ය

ජූනි 03 මඩකලපුවේ විදුෂාන්ය

ජූනි 06 පානදුර මොහොමඩ්ය

වර්ගවාදී ශ්‍රී ලංකා රාජ්‍යය තුළ පොලිස් රාජ්‍යයක පිළිලය සීඝ්‍රයෙන් සියලු ජාතින් මත ව්‍යාප්ත වන අයුරු දකින්නට තව දුරටත් පමා විය යුතු නැත.

පොලිසිය මූලික වශයෙන් රාජ්‍යයේ මර්ධන උපකරණයක් බව සැබෑය. සියළු ආගම් විසින් හමුදාවන් හා පොලිසි ඇති වීම පෞද්ගලික දේපල ක්‍රමය නැමැති පාපය සමඟ සිදුවූවක් බව පිළිගනී.

රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට නම් ස්වාධීන පොලිසියක් වුවමනා බව ලිබරල්වාදී අදහසයි. එහෙත් ස්වාධීන පොලිසියද අවසාන විග්‍රහයේදී ස්වාධීන නොවන්නේ එය අණ පිළිපැදීමේ මූලධර්මයට යටත් බැවිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සංවාදවලදී හාස්‍යයට ලක්වන්නේ ඇස් පනාපිට. දේශපාලකයින්ට එක නීතියක් හා මහජනයාට තව නීතියක් යන්න පෙනෙන නිසාය. ඔහු මොනතරම් සංයමයකින් කරුණු දැක්වූවද ඒ සත්‍යය වසන් කළ නොහැකිය. පොලිස් රාජ්‍යයක් කවර තර්කයක් මත වූවද සාධාරණිකරණය කළ නොහැකිය. ඊට එරෙහි වීම පුරවැසි වගකීමකි. දේව යුතුකමකි.

Jesustoday.lk 5 වන වසර 15 වන සතිය 2021 ජුනි 13 වන ඉරිදා

 

Comments powered by CComment