මුතුරාජවෙල අභ්‍ය භූමිය හා තෙත් බිම වගුරු බිමක් ලෙස නම් කර නාගරික සංවර්ධන අධිකාරියට පවරා සංවර්ධනය කිරීමට යෝජනා කරමින් රජය විසින් ගැසට් පත්‍රයක් නිකතුත් කිරීමයි.

 

තෙත් බිම් යනු පෘතුවියේ තෙතමනය රකින සුවිශේෂි පරිසර පද්ධතියකි. ඒවා මුඩු බිම් නොව ජීව බිම්ය. මුතුරාජවල යනු ගම්පහ දිස්ත්‍රික්කයේ හදබිම තරමට වැදගත් පරිසර පද්ධතියක් බව නොදන්නෙක් නැත. එය සිය දහස්වර ලියා ඇති, කියා ඇති සත්‍යයකි.

එහෙත්, ඒ සත්‍ය වුවමනාවෙන් අමතක කරන පිරිසක් සිටිති. ඔව්හූ නම් ලාභයම සොයන කොල්ලකාරී ධනවතුන් හා ඔවුන්ට රාජ්‍යයේ නිල මුද්‍රාවෙන් ආරක්ෂාව සලසන රට කරවන දේශපාලකයින්ය.

එකී අපරාධකාරී හවුල්කරුවෝ දැන් ටික කළකට සිට මුතුරාවල පරිසර පද්ධතිය විවිධාකාරයෙන් විනාශ කරමින් සිටින්නෝය. 

එහි නවතම පරිච්ජේද වී ඇත්තේ මුතුරාජවෙල අභ්‍ය භූමිය හා තෙත් බිම වගුරු බිමක් ලෙස නම් කර නාගරික සංවර්ධන අධිකාරියට පවරා සංවර්ධනය කිරීමට යෝජනා කරමින් රජය විසින් ගැසට් පත්‍රයක් නිකතුත් කිරීමයි.

මේ වනාහි කොල්ලකෑමට නෛතික ආවරණය ලබා ගැනීමෙන් රාජ්‍ය විසින් ජනතා ද්‍රෝහී වීමේ නිත්‍යානූකූල කලාවය.

මෙම විනාශකාරි ගැසට් පත්‍රයට එරෙහිව ‘සුරකිමු මුතුරාජවල’ සංවිධානයේ නායකත්වයෙන් පසුගියදා මහබාගේ නගර මධ්‍යයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැතුනි. එසේම එදිනම මීගමු පුරවැසියන්ගේ විරෝධතා ව්‍යාපාරය තුළද මේ පිළිබඳ විරෝධතා දක්වනු දක්නට ලැබුණි.

මෙම සැලැස්මට විරුද්ධව ජාඇල නගර සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව, වත්තල නගර සභාව, වත්තල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු ද එක් වී සිටි අතර කුප්‍රකට ඇමැති ලාන්සා ද සිය විරෝධය දක්වා තිබෙනු දැකිය හැකි විය.

එහෙත් ජනතාව දැනගත යුත්තේ මේ මන්ත්‍රීවරු ඇමතිවරු වනාහි පවතින පරිසර භක්ෂක පාලක තන්ත්‍ර සුරකින කුළුණු බවයි. සිය ඡන්ද පදනම වෙනුවෙන් මිස සිය හෘද සාක්ෂීය වෙනුවෙන් මේ බොහෝ දෙනෙකු පෙනී නොසිටින බවය. එසේ වන්නේ නම් ඔවුන්ට ඔවුන් සිටින පක්ෂවල සිටිය නොහැකිය.

මෙම විනාශකාරී ගැසට් පත්‍රය ඇපසු හැරවීමට ක්‍රියාකාරිව මිනිසුන්ගේ යුතුකමකි. ඒ මෙය පරිසර ද්‍රෝහී ජනතා ද්‍රෝහී පියවරක් වන නිසාය.

Jesustoday.lk 5 වන වසර 36 වන සතිය 2021 නොවැම්බර් 14 වන ඉරිදා 

 

Comments powered by CComment