වඩා වැදගත් වන්නේ එතුමා ආගමික ගැටුම් වළක්වා එක්සත් ලංකාවක් සඳහා පෙරමුණ ගන්නා ලෙස ඉල්ලා සිටීමයි. ඒකිය ලංකාවක් වෙනුවට එක්සත් ලංකාවක් පිළිබඳ බෞද්ධ හිමිනමක් අදහස් දැක්වීම දුලබ කරුණකි.

පසුගිය සඳුදා සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට ගියේය. ඒ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාලවය.

සඳුදා දින පැය අටක කාලයක් ප්‍රකාශ ලබාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අඟහරුවාදා දිනත් පැමිණෙන ලෙස එතුමාට දැනුම් දී තිබුණි.

එතුමා එහි එන විට එතුමාට සහය දැක්වීමක් ලෙස විශාල පූජකවරු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අවට රැඳී සිටියෝය.

ඒ අතර සිටි බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් වන කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වු කැකිරාවේ සුදස්සන හිමියන් එහිදි මාධ්‍යය තුළ ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේය.

ඒ හිමියන් අවධාරණය කළ වැදගත් මෙන්ම බරපතළව සිතා බැලිය යුතු කාරණයක් වුයේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මළමිනි මතින් බලය ලබාගත් පාර්ශව බෞද්ධ-කිතුනු ආගමික ගැටුමක් නිර්මාණය කර, බෞද්ධ ස්වරාජ්‍ය සංකල්පයක් සටන් පාඨය කොට ගෙන ඉදිරියදීත් බලය ලබා ගැනීමේ ක්‍රියාන්විතයක් පවතින බවක් පෙනෙන්නට ඇතැයි යන්නයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය අදාළව යුක්තිය ඉල්ලන කාදිනල් තුමන්, කතෝලික පූජකයින්, සමාජ ක්‍රියාධරයින් ඉලක්ක කර වෛරි ප්‍රකාශන, නින්දා අපහාස කිරීමේ ව්‍යාපාරයක් පසුගිය දිනවල දැකිය හැකි වීම ද, එතුමා අවධාරණයට ලක් කරනු ලැබුහ.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය හමුවට නොපමුණුවා යුක්තිය ඉල්ලන්නන් අපරාධකරුවන් කරන යථාර්ථයක් පවතින බවද එතුමා පැහැදිලි කළේය.

වඩා වැදගත් වන්නේ එතුමා ආගමික ගැටුම් වළක්වා එක්සත් ලංකාවක් සඳහා පෙරමුණ ගන්නා ලෙස ඉල්ලා සිටීමයි. ඒකිය ලංකාවක් වෙනුවට එක්සත් ලංකාවක් පිළිබඳ බෞද්ධ හිමිනමක් අදහස් දැක්වීම දුලබ කරුණකි.

අප්‍රියල් 21 ප්‍රහාරයට යුක්තිය ඉල්ලීම සඳහා කතෝලික ජනතාව දවසින් දවස වැඩි වැඩියෙන් පෙළ ගැසීමේ ප්‍රවණතාවයක් පැවැතීම යුක්ති ගරුක රටක් උදෙසා වන දිවැසිවර මෙහෙවරක් උදෙසා තබන ඉදිරි පියවරක් දක්වා රැගෙන යාම දේව කැමැත්ත වනු ඇති.

Jesustoday.lk 5 වන වසර 37 වන සතිය 2021 නොවැම්බර් 21 වන ඉරිදා 

 

Comments powered by CComment