ප්‍රහාරයෙන් නව දෙනෙකු අමු අමුවේ ඝාතනය වු අතර 50 දෙනෙකු තුවාල ලැබීය.

 

1974 ජනවාරි 3 සිට 9 දක්වා අන්තර් ජාතික ද්‍රවිඩ පර්යේෂණ සම්මේලනය පැවැත්වීමට කටයුතු සැලසුම් කළේ දෙමළ සංවිධාන කීපයක්.

විශ්ව විද්‍යාල ප්‍රමිතිකරණය හඳුන්වාදීමක් සමඟ එකල යාපනයේ පැවැතියේ ආණ්ඩු විරෝධි උණුසුම් තත්ත්වයක්.

දශක ගණනාවක් පුරා අහිංසා මාර්ගවලින් තම ඉල්ලීම් දිනා ගැනීමට කරන ලද අරගල නොසලකා හැරීම නිසා උතුරේ තරුණයන් තුළටත්, සන්නද්ධ අරගලයක් මගින් වෙනම රාජ්‍යයක් දිනා ගැනීම ගැන සංඥාවක් 1971 දකුණෙු තරුණ අරගලය මගින් සපයනු ලැබු පසුබිමකි පැවැතියේ.

1971 කැරැල්ල වමේ සහයෙන් මර්ධනය කළ ශ්‍රී ලංකා රාජ්‍යය උද්දච්ච මර්ධන රාජ්‍යයක් වෙත ගමන ආරම්භ කර තිබුණෙන් මෙම අන්තර් ජාතික දෙමළ සමුළුව යාපනේ නොව කොළඹ පැවැත් විය යුතුය යන අදහසක් රජය දැරිය. එහෙත් එයට කිසිදු සාධාරණ පදනමක් නොතිබුණි.

සම්මේලනය යාපනේ වීරසිංහම් ශාලාව අසල ජනවාරි 03 වනදා ආරම්භ වූ අතර දෙස් විදෙස් කීර්තිමත් පුද්ගලයින්, ප්‍රඥායින් රැසක් ඊට සම්බන්ධව සිටියෝය.

එහි අවසන් දිනය දා සිංහල වර්ගවාදි රාජ්‍යය ත්‍රස්තවාදය මුදා හැරීයේ ශාස්ත්‍රීය සම්මේලනයකට සහභාගී වෙමින් විවෘත ප්‍රදේශයක සිටි නිරායුධ ජනයාට පොලිසිය ලවා තිරශ්චින ලෙස වෙඩි තැබීමෙකි. පොලිසිය කඩා වැදි වෙඩි තැබීම හා පහර දීම ආරම්භ කරන විටත් සභාව අමතමින් සිටියේ ප්‍රකට තමිල්නාඩු විද්වතෙකු වු නයිනා මොහොමඩ්ය.

විද්වතුන් ගේ ජීවිත ආරක්ෂා කිරීමට සංවිධායකයින්ට දිවි පරදුවට තැබීමට සිදු විය. ප්‍රහාරයෙන් නව දෙනෙකු අමු අමුවේ ඝාතනය වු අතර 50 දෙනෙකු තුවාල ලැබීය.

2022.01.14.06

2022.01.14.07

2022.01.14.08

පසුව ආණ්ඩුව සිද්ධිය විමර්ෂණය කිරීමට පවා අදිමදි කළේය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඔස්වල්ඩ් ලෙව්ලි ද, ක්‍රෙස්ටර්ගේ සභාපතිත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් විසින් සිද්ධිය විමර්ශනය කළ අතර දින 8 කට පසු වාර්තාවක් නිකුත් කළේය. ජනවාරි 18 නිකුත් කළ වාර්තාව පොලිසිය වරදකරුවන් බව නිගමනය කළේය.

එහෙත් රාජ්‍යය ඒ වරදකරුවන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය. එය උතුරේ දෙමළ ජනයා තුළ ශ්‍රී ලංකා රාජ්‍ය කෙරෙහි විශාල කෝපයක් ඇති වීමට හේතු විය.

මේ ඉතිහාසය නොදන්නා දකුණේ බොහෝ දෙනා උතුර කියවනුයේ යුධ සමයේ එල්. ටී. ටී. ඊ ක්‍රියාකාරිත්වයක් ඇසුරිනි. (වෙසසින් එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරිත්වයන් දකුණ වාර්තා කරන ආකාරය අනුවය) උතුරේත් සයනයිඩ් කා මිය යන සටන්කාමින්ද, පාවා දෙන්නනන්ට තුවක්කුව මානන තරුණයින් හමුවන්නේද, වෙනම රාජ්‍යයක් පිළිබඳ ප්‍රකාශ මතුවන්නේද මෙවැනි සිදුවීම්වලට පසුව බව ඉතිහාසය පවසයි.

දෙමළ ජනයා වෙනම රාජ්‍යයක් වෙත තල්ලු කළේ සිංහල වර්ගවාදි රාජ්‍යයයි. එවැන්නක් ගැන අදහස් ඈත අතීතයේ කිසියම් සුළු පිරිසක් තුළ තිබුණා යැයි ඇතැමුන් පැවසුවද එයට බහුතර ජනයා රැගෙන ගියේ සිංහල වර්ගවාදි රාජ්‍යයේ පූර්ණ අනුග්‍රහයෙනි.

ඊළමක් වෙනුවට ද්‍රවිඩ ජනතාව එක්සත් ලංකාවක් තුළ එරෙහි ජීවත් වීමට කැමැති වූවත් එසේ ජීවත්වීමට කැමැති වන්නේ ඔවුන් ස්වාධීන ජාතියක් ලෙස පිළිගන්නා රාමුවක් තුළ පමණක් වනු ඇත. නොඑසේ නම් කුමන මර්ධනයකින් වුවද ජාතියක් ලෙස ඔවුන්ව පරාජය කිරීමට නොහැකිවනු ඇත. 

1974 සිට දශක පහකට ආසන්න කාලය තුළ යුද්ධයකින් පරාජය වූවද දෙමළ ජනයා වෙනම අනන්‍යතාවයක් ඇති ජාතියක්ය යන්න තහවුරු වී හමාරය. ඒ යථාර්ථය පිළිගැනීමට කැමැති වූවත් අකමැති වූවත් එය ඇත්තකි.

Jesustoday.lk 5 වන වසර 45 වන සතිය 2021 ජනවාරි 16 වන ඉරිදා

 

Comments powered by CComment