මලිතිනි ගෙනා චොකලට් පෙත්තක් කන ගමන් ආච්චි ලලිතිනි එක්ක හුඟවෙලාවක් කතා කරමින් සිටියා. “හුඟ කාලකින් පුතේ වැඩට එන ගෑණු කතා හැර වෙන කෙනෙක් මාව බලන්න ආවේ”

චතාරික කාලේ ආත්මික මර්ධන ක්‍රියා කිරීමට  ළමයිනුත් හැකි අයුරින් උත්සහ කළ යුතුයි කියලා දහම් පාසලේ ගුරුතුමි කියද්දී මලිතිනි කල්පනා කළා “මම මොකක්ද කරන්නේ ? කියලා.

ඒ ගැන මලිතිනි එයාතේ තාත්තාගෙන් ඇහැවවා. තාත්තා මලිතිනිට පෙන්නුවා ප්‍රැන්සිස් සුදතුම් පියතුමා කියු දෙයක්.

"චොකලට් කන එක අයිස් ක්‍රීම් කන එක හුඟ දෙනෙක් චතාරික කාලේට නතර කරනවා. මම නම් හිතන්නේ යහපත් ක්‍රියාවල නිරත වීම තමයි වඩා හොඳ"

ප්‍රැන්සිස් පාප් තුමන්ගේ කතාවේ අදහස ඒ වගේ දෙයක්.

අළු බදාදා පූජාට පියතුමා කව්වේත් එක්වරු ඉන්නවා කියන්නේ එක වරුවක් පමණක් කෑම අරගෙන අනිත් වරු දෙකම කෑම නොගෙන සිටීම කියලා.

මලිතිනිලාගේ ගේ ළඟ හිටියා වයසක ආච්චි කෙනෙක්. එයාගේ දරුවෝ පිටරට. ආච්චිව බලා ගන්න කෙනෙක් ඉන්නවා. ඒත් ආච්චි ඉන්නේ හරි දුකෙන්. එය හැම තිස්සේම රෝද පුටුව ගෙදර දොර ළඟටම අරගෙන එතැන ඉඳලා පාර දිහා බලාන ඉන්නවා. මලිතිනි උදේට ඉස්කෝලේ යද්දී ආච්චිව දැක්කොත් ගුඞ් මෝනිං කියලා සුබ පතනවා. ආච්චි හිනා වෙලා අත වනනවා.

මලිතිනි හිතුවා මේ සැරේ චතාරික කාලේ මර්ධන ක්‍රියාව ලෙස නිවාඩුවක් තියෙන හවස්වරුවල ආච්චි එක්ක ගිහින් විනාඩි 10 ක් 15 ක් කතා කරන්න.

“තාත්ති මට චොකලට් දෙකක් ඕනෑ” ලලිතිනි වැඩට යන තාත්තාට කිව්වා.

“අනේ අනේ චතාරික කාලේ චොකලට් එක දෙක වෙලාද ?” අම්මා තාත්තාටත් ඇහැන්න කිව්වා.

මලිතිනි ගෙනා චොකලට් පෙත්තක් කන ගමන් ආච්චි ලලිතිනි එක්ක හුඟවෙලාවක් කතා කරමින් සිටියා.

“හුඟ කාලකින් පුතේ වැඩට එන ගෑණු කතා හැර වෙන කෙනෙක් මාව බලන්න ආවේ”

ආච්චි එහෙම කියනාකොට රැළි ගැහැනු කම්මුල් දිගේ කඳුලක් ගලාගෙන ගියා.

Jesustoday.lk 4 වන වසර 02 වන සතිය 2020  මාර්තු 15 වන ඉරිදා 

Comments powered by CComment