සාමාන්‍යයෙක් පුංචි ළමයෙක් අවුරුදු එකහාමාරක් වෙද්දී දෙව්මව්පියන් සමඟ හවුලේ වැඩ කරන්න ලොකු ආශාවක් දක්වන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. ඇත්තටම දෙමව්පියන් ඒ කාලේ ඉදලම ළමයින්ව වැඩ වලට එකත කරගත යුතුයි. වැඩ කිරිමෙන් ළමයෙක් ලොකු පුහුණුවක් වගේම සතුටක් ලබනවා.

කුරුළු පැටවෙකු සේ...

වගකීමක් බාරගෙන වැඩ කරන්න පුංචි කාලේ ඉඳලම ඉගෙන ගත්තොත් ඔබ නිසැකවම සතුටින් ඉන්න කෙනෙක් වෙනවා.

කුරුළු පැටවෙකු සේ කියලා සඳහන් කළේ ඇයි ?

කුරුළු පැටියෙක් යාන්තම් තටු සළලා පියඹා යන්න පුළුවන් වුණාම තම මවත්, පියාත් එක්ක ඒ අයගේ වැඩ වලට එකතු වෙනවා. එයා ඉගෙන ගන්නවා පියාඹලා ගිහින් පළතුරු ගෙඩියකින් කොටසක් ආහාරයට ගන්න. පොළවේ ඉන්න පුංචි පණුවෙක්ව සොයාගෙන ආහාරයට ගත්ත.

2020.05.08.10

හැම සත්ව පැටියෙක්ම එහෙමයි. උන් ජීවිතය ඉගෙන ගන්නවා.

මිනිස් පැටවුන් වන  පුංචි දූ පුතුන් තුළත් ස්වභාවයෙන්ම ලොකු අය කරන වැඩ කරන්න ලොකු ආසාවක්, යොමුවක ඇති වෙනවා.

සාමාන්‍යයෙක් පුංචි ළමයෙක් අවුරුදු එකහාමාරක් වෙද්දී දෙව්මව්පියන් සමඟ හවුලේ වැඩ කරන්න ලොකු ආශාවක් දක්වන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.

ඇත්තටම දෙමව්පියන් ඒ කාලේ ඉදලම ළමයින්ව වැඩ වලට එකත කරගත යුතුයි. වැඩ කිරිමෙන් ළමයෙක් ලොකු පුහුණුවක් වගේම සතුටක් ලබනවා.

සමහර විට දුවේ පුතේ ඔබව ඔබේ මව්පියන් පුංචි කාලේ සිට එහෙම ගෙදර දොර වැඩට වගකිම් දීලා පුරුදු කරලා නැතිව ඇති. ඒ වුනත් දැන් ඔබ හිතා මතාම ගෙදර වැඩට උදව් වෙන්න.

ඉස්කෝලේ යනවට, පංති යනවාට, අතිරේකව ‘ගෙදර දොර වගකිම්’ (හෝම්වර්ක් නොවෙයි හෝම් ඩියුටි) එක දෙකක්වත් බාරගන්න ඕනි.

මගේ පුතා තමයි හැමදාම හවසට
කඬේට යන්නේ
මගේ දූ හවසට පහන පත්තු
කරනවා. ගේ අතු ගානවා
සති අන්තයේ තාත්තාත් එක්ක
පැය දෙකක් අපි වත්තේ පිටියේ
වැඩ කරනවා.
මල් වලට වතුර දාන්නේ මම
රෑට කෑම කනකොට මේසය
ලෑස්ති කරන්නේ මම
ආච්චිගේ බෙහෙත් වේල් හරියටම
දෙන්නේ මම
පුංචි එළවළු කොටුවට වතුර
දාන්නේ මම
රෙදි වැලෙන් අරගෙන
නවන්නේ මම
මගෙයි මල්ලිගෙයි ඇඳුම්
අයන් කරන්නේ මම

මේ වගේ තමන් කරන වැඩ තියෙන ළමයි තමන්ගේ ජිවිත සතුටින් ගත කරන බවත් ඔවුන්ගේ අනාගතය සාර්ථක වන බවත් රහසක් නොවෙයි.

"වැඩක යෙදුනොත් ජීවිකාව ලැබේ
කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ."

Jesustoday.lk 4 වන වසර 09 වන සතිය 2020  මැයි 10 වන ඉරිදා 

Comments powered by CComment