පුංචි කුහුඹියන්ටත් අව්ව වැස්ස අපිට වගේම බලපානවා. දවසක් දවල් දොළහට විතර, නෑ මම දැක්කා කුහුඹු රංචුවක් මැරිච්ච පුංචි කෘමියෙකු අරගෙන උන්ගේ ගුල වෙත අරගෙන යනවා මම හිටියෙත් අව්ව වැඩි නිසා හෙවනකට වෙලා.

 

කඩිසරකම ගැන කියන කොට නිතර භාවිතා වන උපමාවක් තමයි කුහුඹුවන් වගේ කියන එක.

පායනා කාලේදී
රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස් කරයි
කුහුඹුවෝ

ඒ කවිය පුංචිම පුංචි කාලේ අපි හුඟ දෙනෙක් ඉගෙන ගන්නවා. ශුද්ධ වූ බයිබලයේන මේ කුහුඹුවන් ගැන කීප තැනකම සඳහන් වෙනවා. ඒ කඩිසරකම, ගැන ක්‍රියාශීලිබව ගැන කියන්නට.

කුහුඹුවාගෙන් පාඩම්

අලසය කුහුඹුවා වෙත ගොස්
උගේ ගති පැවැතුම් බලා
නැණවත් වන්න.
ඌට නායකයෙක් නැත
මුලාදැනියෙක් නැත
පාලකයෙක් නැත
එහෙත් ඌ ගිම්හානයේදී
ආහාර සපයා ගනියි
ගොයම් කපන සමයේදී
කෑම රැස් කර තබා ගනී.

                      (උපදේශකයා 6/6-8)

කුරා කුහුඹුවෝ දුබල සත්තුය
එහෙත් ගිම්හානයේදී
උන් කෑම රැස්කර තබා ගනී.

                      (උපදේශකයා 30/25)

නින්ද ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. ඒත් වැඩිපුර නින්ද සෞඛ්‍ය දුර්වල කරන්නක්.

පුංචි කුහුඹියන්ටත් අව්ව වැස්ස අපිට වගේම බලපානවා. දවසක් දවල් දොළහට විතර, නෑ මම දැක්කා කුහුඹු රංචුවක් මැරිච්ච පුංචි කෘමියෙකු අරගෙන උන්ගේ ගුල වෙත අරගෙන යනවා මම හිටියෙත් අව්ව වැඩි නිසා හෙවනකට වෙලා.

අලසකම, නින්දට හුරු වීම දිළිඳුකමටත් හේතු වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඔක්කෝම දුප්පත් වෙලා තියෙන්නේ අලසකම නිසා කියන එක නොවෙයි. නමුත් අලසවීමත් දිළිඳුකමට හේතු වෙනවා.

තව ටිකක් නිදාගන්න
තව ටිකක් සැතපෙන්න
අත් දෙක පොරවාගෙන
නිකම් ඉන්න
එවිට ඔබ වෙත
දිළිඳුකම සොරෙකු මෙන්ද
හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද
පැමිණෙනු නියතය.
                    (හිතෝපදේශ 24/33-34)

පුංචි ළමයින්ගේ ගති ස්වභාවයක් තමයි කඩිසරකම, පුංචි ළමයෙකුට හැමවිටම සෙල්ම් කරන්න ඕනි. ඒක දෙවිඳුන් ඇඟටම දාලා තියෙන දෙයක්. ඒ ළමා කම නැති කරගන්න එපා. ළමාකම සමඟ අනාගත ජීවිතය සතුටින් ගත කරනන්. පුහුණුවකුත් ලැබෙනවා.

ශුද්ධ වූ බයිබලය මෙහෙමත් කියනවා.

අලස අය ආසා වූවත්
කිසිත් නොලබති
ක්‍රියාශීලි අය සව් සැපත
භූක්ති විඳිති.

Jesustoday.lk 4 වන වසර 13 වන සතිය 2020  ජූනි 7 වන ඉරිදා 

Comments powered by CComment