දළඹුවෙක් සමනළයෙක් බවට පත්වීමේ ක්‍රියාවලියට කියන්නේ රූපාන්තරණය කියලා. අපි හැමෝටම මෙන්න මේ රූපාන්තරණයට ලක්වෙන්න පුළුවන්.

දළඹුවා කියන්නේ ආස හිතෙන සතෙක් නෙවෙයි. සමහර දළඹුවෝ ඇගේ වැදුනම කසනවා. පළු දානවා.

සමහරුන්ට දළමුවන් හරිහ හිරිකිතයි. සමහරුන්ට දළඹුවන් හරි කැතයි. ආස හිතෙන්නේ නැති සතෙක්.

දළඹුවෝ හැමදාම දළඹුවන් විදිහට ඉන්නේ නෑ. අවපැහැ පුංචි දළඹුවෝ කාලයක් යනකොට සමනළයන් බවට පරිවර්තනය වෙනවා.

අපි හැමෝම සමනළයිනට ආසයි. වෛවර්ණ සමනලයින් ළමා ලෝකයට හරිම සමීපයි.

“සමනළයා මළ හා ළමයා සේ බාල ළමා වයසේ”

ආනන්ද රාජකරුණා කිවිඳු මෙහෙම ලස්සන කවියක් ලියලා තියෙනවා.

මලක මලකි
නෑ ඒ සකි
සමනළයෙකි.

මලක් උඩ තවත් ලස්සන මලක් වගේ ඉන්න සමනලයෙක් කියලයි කවිඳුන් කියන්නේ.

මේ දළඹු සමනල කතාවෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා.

දළඹුවන්ගේ වගේ ආස නොහිතෙන දේවල් අපි ළඟත් තිබෙනවා. සමහර ළමයි ගැනත් සමහරු හිතන්නේ දළඹුවන් ගැන හිතනවා වගේ.

දුප්පත්, අසරණ, අවලස්ස ආදි විවිධ ආකාරයට හඳුන්වන ළමයි ඉන්නවා.

ඒ වගේම තමයි ළමයින් ලෙස අපි ළගත් දළඹු ගති ගුණ තියෙනවා. අව ගති ගුණ. අනිත් අයට පිළිකුලක් ඇතිවන ගතිගුණ. සමහරවිට බොරුකීම, කම්මැලිකම, අවනීතබව, දඩබ්බරකම ඒත් මතක තියාගන්න ඒ දළඹු ගති අතහැරලා අපිටත් පුළුවන් ලස්සන සමනළයින් වෙන්න.

දළඹුවෙක් සමනළයෙක් බවට පත්වීමේ ක්‍රියාවලියට කියන්නේ රූපාන්තරණය කියලා. අපි හැමෝටම මෙන්න මේ රූපාන්තරණයට ලක්වෙන්න පුළුවන්.

මොනවද මගේ දළඹු ගති. මොනවද මම අත්හැරගත යුතු අඩුපාඩු. හිතන්න.

අඟල් දෙක තුනේ
අවපැහැ පුංචි දළඹුවාට
පුළුවන් නම් සමනළයෙක් වෙන්න
මට බැරි වෙන්නට බෑ
මට පුළුවන්
ඔව් මට පුළුවන්
ජීවිතය ජය ගන්න

කෝවිඩි වලට පසු පාසල් යන්න සූදානම් දුවේ පුතේ, මේ ගීතය අසන්න. ඒ ගීතයෙන් ඔබට දෙන පණිවුඩය මොකක්ද කියලා හිතට ගන්න.

Jesustoday.lk 4 වන වසර 17 වන සතිය 2020  ජූලි 05 වන ඉරිදා

Comments powered by CComment