ඔබ දන්නවාද ? ඩෙන්මාර්කයේ මිනිස්සු සුරංගනා කතා ලෝකේ රජු වන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ට් සලකපු විදිය ? ඔහුගේ අවමංගල්‍යය සංවිධානය කළ විදිය ! ඔහු ළමා ලෝකයේ රජු බවට පත් කළා.

 

1956 යනු ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ විශාල යුග පෙරළියක් සිදු වූ වසරක්. එය සරච්චන්ද්‍රගේ ‘මනමේ’ බිහි වූ වසරයි. ලෙස්ටර්ගේ රේඛාව බිහි වූ වසරයි. මාර්ටින් වික්‍රමසිංහගේ විශිෂ්ටතම නවකතාව වන ‘විරාගය’ බිහි වූ වසරයි. සිබිල් වෙත්තසිංහල ගේ ‘කුඩ හොරා’ බිහි වූ වසරයි. එහෙත්, කලා ක්ෂේත්‍රයේ සිදු වූ මේ දැවැන්ත භූ සලකුණු අතුරින් සිබිල් වෙත්තසිංහලගේ ‘කුඩ හොරා’ හෙවත් ශ්‍රී ලංකාවේ පළමු ප්‍රශස්ත ළමා කතාව බිහි වීම මැකී ගියා. එය 1987 දී හොඳම තුන්වන විදෙස් ළමා කතාව ලෙස ජාත්‍යන්තර සම්මාන ලැබු අතර, ජපානයේ පළමු හොඳම ළමා කතාව ලෙස නම් කළා. එය 1987 වසරේදී Year of Ambrella thief ලෙස නම් කෙරුණා. ජපානයේ පාසල් ළමුන් ඇයට තිළිණ ලෙස එවු විවිධ හැඩයේ ඔරිගාමි කුඩ එකතුවක් ඇගේ කුටියේ සංරක්ෂණය වී තිබෙනවා.

ඔවුන් ‘කුඩ හොරා’ කෘතිය සමාජගත කිරීම සඳහා ඒ ආශ්‍රිත සංස්කෘතියක් නිර්මානය කළා. විවිධ කවර, සිතුවම් සහිතව මේ පොත නිර්මානය කළා. පිඟන් කෝප්පවල මේ කතාව මුද්‍රණය කළා. ‘කුඩ හොරා’ කියවීම් කව සංවිධානය කළා. ‘කුඩ හොරා’ අත් පිටපත ජපානයේ ළමයින් සඳහා වූ සිහිවටන ගම්මානයේ සිබිල් ට වෙන් වූ කුටියක තැන්පත් කළා.

ඔබ දන්නවාද ? ඩෙන්මාර්කයේ මිනිස්සු සුරංගනා කතා ලෝකේ රජු වන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ට් සලකපු විදිය ? ඔහුගේ අවමංගල්‍යය සංවිධානය කළ විදිය ! ඔහු ළමා ලෝකයේ රජු බවට පත් කළා.

ඔබේ දරුවාගේ පාසලේ ප්‍රාථමික අංශය සිබිල්ලන්තයක් තැනීමට සුදුසුම ස්ථානයයි. එහි සිබිල් නැන්දාගේ 200 කට වැඩි කෘති එකතුවෙන් කොටසක්, ඇගේ හඬ පට කීපයක්, ඡායාරූප එකතුවක් පිළියෙල කර ගැනීමට පුළුවන්. එමෙන්ම ඇගේ ජාත්‍යන්තර ප්‍රමිතියට නිර්මාණය වූ ඉංග්‍රිසි බසින් පළ වූ පොත් කීපයක් ද එකතු කරගත හැකියි. මෙය ඔබේ දරුවා වෙනුවෙන් කළ හැකි අගනාම ආයෝජනය වනු නොඅනුමානයි. මේ ඡායාරූපවල තියෙන්නේ සිබිල් නැන්දාට ජාත්‍යන්තර ළමා සාහිත්‍යය තුළ හිමි තැන පිළිබඳ කතාවයි.

7GradeWriterWorkshopජයන්ත කහටපිටිය

(උපුටා ගැන්ම ලංකා රෝස් අතිරේකයෙනි.)

Jesustoday.lk 4 වන වසර 18 වන සතිය 2020  ජූලි 12 වන ඉරිදා

Comments powered by CComment