ඔය අතරේ අම්මා දැක්කා වහලේ තියෙන මකුළු දැල්. සතියකට සැරයක් අම්මා ගේ අතු ගාන කොට මකුළු දැල් කඩනවා. එත් මකුළුවා නැවත නැවත එක බඳිනවා. අම්මට මතක් වුණා ඒ ගැන කියවලා තිබුණු පුංචි කවියක්.

රවින් හයේ පංතියේ. පහුගිය කෝවිඞ් කාලයේම වගේ ඉගෙනුම් කටයුතුවලින් ඈත් වෙලා උන්නේ. රවින්ගේ තාත්තා ගෙදර එන්නේ මාසයකට වරක්.

අම්මට දරුවෝ තුන් දෙනෙක්ගේ වැඩ තියෙනවා. අයියා මෙවර සාමාන්‍ය පෙළ කරනවා. එයා ගැන වැඩිපුර බලන්න ඕනි.

රවින්ගේ අක්කා නවයේ පංතියේ. එයාට ඩෙංගු හැදුනේ කොරොනා මුල් කාලයේ.

ඉතිං ඉස්කෝලේ දීර්ඝ නිවාඩුව එක්ක රවින්ගේ පොතපතේ වැඩ හොඳටම අතපසු වුණා.

දැන් ආයෙත් තව කරදරයක් රවින්ලාට.

තාත්තා වැඩ කරන තැන දෙන්නෙකුට කොරොනා හැදිලා.

තාත්තාට කොහොමටත් ගෙදර එන්න වෙන්නේ නෑ.

රවින්ලාගේ තාත්තාට දැන් ලැබෙන්නේ වැටුපෙන් භාගයයි. ගෙදර අඟ හිඟ මහ ගොඩායි.

අම්මා ගෙවත්තේ පුංචි ඉඩකඬේ එළවළු ටිකක් වවනවා. ඒකටත් පැයක් හමාරක් දෙන්න වෙලා. ඒ හැම එකෙන්ම වෙන්නේ රවින්ගේ පාඩම් වැඩට අම්මට දෙන්න පුළුවන් වෙලාව අඩුවෙන එක.

ඔන්න දැන් ආයෙත් පාසල් පටන් ගන්න එක සති දෙකකින් කල් ගිහින්. මේ නිවාඩුව සති තුනකින් වැඩි වුණා.

රවින්ට සමහර ඒවා මතක ඉන්නෙම නෑ. අම්මා කියන්නේ ආයෙත් ආයෙත් කරන්න කියලා.

"මොන වදයක්ද අම්මේ"

"මට නම් එපා වෙනවා"

"මට බෑ "

"මම කී සැරයක් ඕක කළාද ?"

රවින් අඬ අඬා අම්මාට කියනවා.

ආයෙත් ආයෙත් සමහර දේවල් කරන්නම ඕනි බව රවින්ට කියලා දෙන්නේ කොහොමද ? අම්මටත් ප්‍රශ්නයක්.

ඔය අතරේ අම්මා දැක්කා වහලේ තියෙන මකුළු දැල්. සතියකට සැරයක් අම්මා ගේ අතු ගාන කොට මකුළු දැල් කඩනවා. එත් මකුළුවා නැවත නැවත එක බඳිනවා. අම්මට මතක් වුණා ඒ ගැන කියවලා තිබුණු පුංචි කවියක්.

මෙන්න පුංචි මකුළුවා
වියන බදිනවා
කව්ද ඇවිල්ලා වියන
කඩනවා
මෙන්න පුංචි මකුළුවා
නැවත බදිනවා

අත දෙන්නට කව්රුත්
නෑ
එපා වෙලා ඉන්නෙත්
නෑ
කඩන කඩන හැම
පාරෙම
මෙන්න පුංචි මකුළුවා

නැවත නැවත නැවත 
වියන  බදිනවා.

අම්මා මකුළුවාගේ පාඩම රවින්ට කියනා දුන්නා. නැවත නැවත නිවාඩු දුන්නත් නැවත නැවත අපි අපේ පාඩම් වැඩ කරන්න ඕනි.

Jesustoday.lk 4 වන වසර 35 වන සතිය 2020  නොවැම්බර් 08 වන ඉරිදා 

Comments powered by CComment