තාත්තා අපිව නත්තල් දවසේ හවස ළමා නිවාසයට එක්ක ගිය ගමන මේ සැරෙත් යමු. ඒ සඳහා නංගීයි මමයි එකතු කරපු කැටවල ඇතිවෙන්න සල්ලි ඇති.

 

අද 2020 දෙසැම්බර් 14

ජේසු පිහිටයි

මගේ ආදර තාත්තා වෙතයි

“දරුවන්ට ඇඳුමක්වත් ගන්න සල්ලී නෑ.
හිස් අතින් ගෙදර එන්නේ කොහොමද ?
නත්තල් සතියේත් වැඩකරලා
අලුත් අවුරුද්දටවත් ගෙදර එන්නම්.
තාත්තා එහෙම කිව්වා කියලා අම්මා
අපට කිව්වේ හරීම දුකෙන්.
මාසයකට සැරයක් ගෙදර එන තාත්තා
දැන් මාස තුනකින් ඇවිත් නෑ.
තාත්තේ ඔයා ගෙදර ඇවිත් ඉන්න.
දවස් දෙක තුන තමයි මාසේ
ලස්සනම ආදරණියම දවස් දෙක තුන
ඒ ඔයා ගේන දේවල් හින්දා නෙවෙයි
ඔයා අම්මට මට නංගිට දෙන
ආදරේ හින්දා

රෑට එක ඇදේ සිදු කියන්න. තාත්තාත් එක්ක මපල්ලි යන්න. ආච්චි අම්මව බලන්න යන්න. ළමා චිත්‍රපටියක් ඇවිත් තිබුණොත් බලන්න යන්න. පුංචි එළවළු කොටුව ශූද්ධ පවිත්‍ර කරන්න. තාත්තා එක්ක ගමේ සුබ සාධන සංගමයේ රැස්වීමට යන්න. තාත්තා ඒකේ හරිවැරදි ගැන කතා කරනකොට අහගෙන ඉන්න. තව හුඟාක් දේවල්

තාත්තා ඔක්තෝම්බර් මාසේම තට්ට තනිමට නිරෝධ්‍යාන මධ්‍යස්ථානෙන්, පස්සේ ඉස්පිරිතාලේ උන්නා කියලා අප දැනගත්තේ හුඟාක් පස්සේ.

“දරුවන්ට ලෙඬේ හැදෙන්න පුංචි හරි ඉඩක් තිබුණොත්” කියලා ඔයා නොවැම්බර් මාසෙත් ගෙදර ආවේ නැති බව බාප්පා කිව්වම අපි තුන් දෙනාගේම ඇස්වල කඳුළු පිරුණා තාත්තේ.

හුඟාක් මින්ස්සු ගෙවල්වලට එන්න රන්ඩු කරද්දී අපේ තාත්තා තනිකම ඉවසගෙන ගෙදර නෑවිත් ඉන්නවා.

දැන් දවස් දා හතරක් නොවෙයි දවස් හතලින් හතරක්ම ගෙවිලානේ තාත්තා තාත්තලට ගෙදර එන්න. තාත්තා අවම තමයි අපේ ගෙදරට ජේසු ආවා වෙන්නේ.

නත්තල කියන්නේ ඇඳුම්වත්, කෑම බීමවත් නෙවෙයි කියලා නංගීටත් මටත් හොඳටම තේරෙනවා. ඒක අපිට නොකියා කියලා දුන්නේත් තාත්තමයි. තාත්තා අපිව නත්තල් දවසේ හවස ළමා නිවාසයට එක්ක ගිය ගමන මේ සැරෙත් යමු. ඒ සඳහා නංගීයි මමයි එකතු කරපු කැටවල ඇතිවෙන්න සල්ලි ඇති.

"නංගීයි මමයි ළමා නිවසේ අපේ යාළුවෝ හැමෝටම නත්තල් කාඞ් හැදුවා. නිරෝධායනය වන පැල්පත් ගෙයක ජේසු ඉපදිලා ඉන්න චිත්‍රයක් මම ඇන්දා. නිදාගන්න ඉඩ නැති මාමලා දොරට හේත්තු වෙලා අහස දිහා බලන් ඉන්නවා. ඒගෝල්ලෝ තමයි එඬේරු. ඒ චිත්‍රත් මේ සමඟ එවනවා. හොඳ ද කියලා බලන්න."

දෙසැම්බර් 24 වෙනදි හවස් වෙනකොට තාත්තා එයි කියලා අපි බලාගෙන ඉන්නවා. ආවම කියන්න හුඟාක් දේවල් තියෙනවා.

මම
ලොකු පුතෙක් නැති ගෙදර
තාත්තාගේ පුංචි පුතා.

Jesustoday.lk 4 වන වසර 41 වන සතිය 2020  දෙසැම්බර් 20 වන ඉරිදා

Comments powered by CComment