සඳරුට තේරුනා. මේක හොඳ දෙයක් නොවෙයි. සඳරු මේ කතාව අම්මට කිව්වා.

 

සොහොයුරා රැකගත් සඳරු

සඳරු පහේ පංතියේ. අයියා ඉගෙන ගත්තේ නවයේ පංතියේ. අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන නිසා හවස්වරුවේ ගෙදර ඉන්නේ සඳරුයි අයියයි.

අයියට ඕනා හවසට යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න. අම්මා කියලා තියෙන්නේ සඳරුවත් එක්ක යන්න කියලා. හැබැයි හවස පහට දෙන්නම ගෙදර එන්න ඕනි.

ගොඩාක් වෙලාවට පුංචි සඳරුව අයියලා සෙල්ලමට ගන්නේ නෑ. සඳරු කළේ ගමේ කුඩා පිට්ටනිය අයිනට වෙලා අයියලා සෙල්ලම් කරනවා බලා ඉන්න.

අයියලා සෙල්ලම් කරන කොට ටිකක් තරුණ දෙන්නෙක් තුන්දෙනෙකුත් සෙල්ලමට එනවා. ඒගොල්ලෝ දුම්වැටි පාවිච්චි කරනවා. සඳරු ඒ දුමට කැමැති නෑ.

කොහෛාම කොහොම හරි ටික කලක් යනකොට "මල්ලි ගෙදර යන්න මම ඉක්මනට එන්නම්" කියලා සඳරුගේ අයියා සඳරුට ගෙදරට පිටත් කරනවා.

සඳරුට තේරුනා අර ලොකු අයියලා සෙල්ලම් කරන අනිත් අයටත් දුම්වැටි, හා වෙනත් මොනවාහරි දෙනවා කියලා. සඳරු දවසක් හොරෙන් බලා හිටියා සඳරුගේ අයියත් ඒ දුම්වැටි බොනවා. හැබැයි අම්මලා එන්න ඉස්සර ගෙදර ඇවිත් ඇඟ හෝදලා, අයියා ඉස්කෝලේ වැඩ කරනවා. අම්මලාට අයියා ගැන සැකයක් ති වුනේම නෑ.

සඳරුට තේරුනා. මේක හොඳ දෙයක් නොවෙයි. සඳරු මේ කතාව අම්මට කිව්වා.

අම්මයි තාත්තායි එකතු වෙලා සඳරුවයි අයියයි එතැනට සෙල්ලමට යන එක නැවැත්තුවා. අයියවයි, සඳරුවයි පාසලේ ක්‍රීඩාවට යොමු කළා. තාත්තා එන ගමන් ඒගොල්ලන්ව එක්ක ආවා.

මාස දෙක තුනකට පස්සේ ගමේ පුංචි පිට්ටනියේ සෙල්ලම් කරපු කීප දෙනෙකුවම මත්ද්‍රවය පාවිච්චි කරනවා කියලා පොලිසිය අරගෙන ගිහින් තිබුණා.

‘මල්ලී තමයි ඔයාව බේරාගත්ත වීරයා’ කියලා අම්මයි තාත්තායි සඳරුගේ අයියාට කිව්වා.

Jesustoday.lk 4 වන වසර 48 වන සතිය 2021  පෙබරවාරි 07 වන ඉරිදා

 

Comments powered by CComment