සාවිත්‍රිගේ අම්මට ඔයා කොහේද මේ කියලවත් අහන්න අමතක වු‍ණා. සාවිත්‍රි නොම්බරේ ඉල්ලාලා අඩි කීපයයි ගියේ අම්මා කෑ ගහනවා ඇහුණා. සාවිත්‍රි අම්මා ළගට දුවගෙන ගියා. ඒ මනුස්සයා මැරුණා කියලා දොස්තර කියලා. අම්මා දැඩි සත්කාරට ඇතුළු වන තැන සිමෙන්ති පොළමේ වැටිලා මහ හයියෙන් අඩනවා. අත් දෙකෙන්ම මූණ වහගෙන.

සාවිත්‍රිගේ අම්මා එයාවයි මල්ලිවයි දාලා ගියේ තාත්තා ලෙඩ ඇදට වැටුනට පස්සේ. තාත්තා කළේ ගස් කපන එක. ගහක අත්තක් කඩාගෙන සාවිත්‍රිගේ තාත්තා බිම වැටිලා කොන්ද කැඩිලා එක් තැන් වුණේ මීට වසර දෙකකට පෙර. එතකොට සාවිත්‍රි හයේ පංතියේ.

සාවිත්‍රිගේ අම්මා හරි ලස්සනයි. තාත්තාට වඩා ගොඩක් තරුණයි. තාත්තා බීගෙන ඇවිල්ලා. අම්මට ගහනවා. රෑට රණ්ඩු වෙනවා. ඒ ඇරුනම තාත්තාගේ වෙන වරදක් පුංචි සාවිත්‍රි දැකලා තිබුණේ නෑ. කොහොම උනත් තාත්තා ලෙඩ ඇදට වැටිලා මාස හතර පහකට පස්සේ අම්මා යන්න ගියා. අම්මා ගියේ කෙ‍ාහේද කියලා සාවිත්‍රි දන්නේ නෑ.

එදා ඉදන් සාවිත්‍රි ඉස්කෝලේ ඇරිලා ඇවිත් සුජාතා නෝනලාගේ ගෙදර වැඩට යනවා. අතුපතු ගානවා, කඩේ යනවා, කුස්සිය වැඩ වලට උදව් වෙනවා. රෑට ගෙදර එන්නේ පාන් ගෙඩියක් අරගෙන. සම්බෝල හදන්න. පරිප්පු හොද්දක් හදන්නත් සාවිත්‍රි දන්නවා මේ සාවිත්‍රිගේ පාද නමස්කා‍ර ස්ථාන හයක්

01 ජේසුව මරණයට තීන්දු කරනු ලබයි.

"උඹලාගේ අම්මා ඉතිං පුදුම පව්කාරියක් තමයි. පොඩි උන් දෙන්නවත් දාලා ගියා ‍නොවැ"

සුජාතා නෝනා

"අනේ නෑ නෝනේ. අම්මත් ඉතිං ගුටිබැට කෑවනේ තාත්තාගෙන්"

සාවිත්‍රි

02 ජේසුගේ කරපිට කුරුසිය තබයි.

"උඹ ඉතිං කොච්චර කල් තාත්තාගේ පව් කරගහන්නද කල්පනාව"

සුජාතා නෝනා

"තාත්තා ඉතිං අපි වෙනුවෙන් හැමදාම ‍ කරගැහැව්වනේ නෝනේ"

සාවිත්‍රි

03 ජේසු පළමු වර බිම වැටේ

"දවස් දෙක තුනක් මට වැඩට එන්න වෙන්නේ නෑ නෝනේ. මල්ලිව ඉස්පිරිතාලේ නැවැත්තුවා එයාට මන්දපෝෂණයලු."

සාවිත්‍රි

"අද මොනහරි දෙන්නම් හැබැයි උඹ දවස් දෙක තුනක් නෑවිත් ‍හිටියොත් නම් ඒ දවස්වලටත් එකක් උඹට සල්ලි දෙන්න බෑ"

04 ජේසුට තම මෑණියෝ සම්මුඛ වේ.

සාවිත්‍රි ඉස්පිරිතාලේදි අම්මව මුණ ගැහෙනවා. අම්මා අසරනව දැඩි සත්කාරේ ළග ඉන්නවා.

"අම්මේ ඇයි මේ ඇස්වල කදුළු"

සාවිත්‍රි

"බාප්පාගේ ත්‍රීවිලර් එක ඇක්සිඩන්ට් වෙලා එයාට හොදටම අමාරුයි."

සාවිත්‍රි අම්මා

"බයවෙන්න එපා අම්මේ එයාට මුකුත් වෙන එකක් නෑ"

සාවිත්‍රී

05 සීමන් සිරිනේවුස් කුරුසිය ගෙනයාටම ජේසුට උදාව් වෙයි.

"ඇයි අම්මා කළබලෙන්."

සාවිත්‍රි  

"ලෙඩාව කොළඹ ගෙනියන්න ගෙදරට පණිවුඩයක් දෙන්න විදිහක් නෑ. ‍ෆෝන් එකේ සල්ලි නෑ. මෙතන දාලා ගන්නත් බෑ"

අම්මා  

"මට දෙන්න නොම්බරේ මම පහත තියෙන ෆෝන් කඩේන් කෝල් එක දෙන්නම්"

සාවිත්‍රි

06 වෙරොනිකා ජේසුගේ මුහුණ මඩල පිස දමයි.

සාවිත්‍රිගේ අම්මට ඔයා කොහේද මේ කියලවත් අහන්න අමතක වු‍ණා. සාවිත්‍රි නොම්බරේ ඉල්ලාලා අඩි කීපයයි ගියේ අම්මා කෑ ගහනවා ඇහුණා. සාවිත්‍රි අම්මා ළගට දුවගෙන ගියා. ඒ මනුස්සයා මැරුණා කියලා දොස්තර කියලා. අම්මා දැඩි සත්කාරට ඇතුළු වන තැන සිමෙන්ති පොළමේ වැටිලා මහ හයියෙන් අඩනවා. අත් දෙකෙන්ම මූණ වහගෙන.

සාවිත්‍රි අම්මාගේ ළගට තුරුළු වෙලා අත්දෙක පහලට කරලා අම්මාගේ කදුළු පිහිදානවා.

Jesustoday.lk 5 වන වසර 5 වන සතිය 2021 අප්‍ර‍ේල් 04 වන ඉරිදා

Comments powered by CComment