ආච්චි අම්මා චාරුනිට පාඩම් කියලා දෙන්න දැනගෙන හිටියේ නෑ. ආච්චි ගිහින් තියෙන්නේ පහේ පංතියට විතරයි. ජංගම දුරකථනයක් තියා ටෙලිවිෂන් එකක්වත් චාරුනිලාගේ ගෙදර නෑ. රේල්පාර අයිනේ ලෑලි ගෙවල් පේළියේ තිබෙන චාරුනිලා ගෙදරත් දැන් හොඳට දිරලා.

 

ඉස්කෝලේ ගිහින් අතපසු වෙච්ච පාඩම් යාළුවන්ගෙන් ඉල්ලාගෙන ලියලා පොත් සම්පූර්ණ කරගන්න චාරුනි හුගාක් මහන්සි වුණා. තවමත් ටිකක් සම්පූර්ණ කරන්න තියෙද්දී තමයි ආයෙත් නිවාඩු දුන්නේ.

චාරුනි හතරවෙනි පංතියෙන් පස්වෙනි පංතියට ගියේ එක දවසක්වත් ඔන්ලයින් ඉගෙන ගැනීමක් නැතිව. අම්මයි තාත්තායි දෙන්නම නැතිව ආච්චි ළග හැදෙන චාරුනි ගැන හතරේ පංතියට අලුතින්ම ආපු ගුරුතුමි දැනගෙන හිටියේත් නෑ.

ආච්චි අම්මා චාරුනිට පාඩම් කියලා දෙන්න දැනගෙන හිටියේ නෑ. ආච්චි ගිහින් තියෙන්නේ පහේ පංතියට විතරයි.

චාරුනිගේ ආච්චි ජීවත්වෙන්න කළේ ඉඳි ආප්ප, පිට්ටු, වන්ඩු ආප්ප, හදලා කඩවල් තුනකට දාන එක. චාරුනි ඉස්කෝලේ යන්න ඉස්සල්ලා නැගිටලා ආච්චිට උදව් කරනවා. උදේ හය වෙන කොට එක කඩයකටත්, හයයි කාල වෙනකොට තව කඩයකටත් ඒවා ගිහින් දෙන්නේ චාරුණි. ඊට පස්සේ චාරුනි ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න. ආච්චි තමයි තුන්වෙනි කඩේට කෑම ටික ගෙනියන්නේ.

කෝවිඩ්වලට කඩ වැහැව්ව දවස්වල චාරුනිලා කෑවේ බිව්වෙත් අමාරුවෙන්. සමෘධියෙන් දුන්නු රුපියල් 5000 නිසා යාන්තම් පිරිමහගත්තා.

ජංගම දුරකථනයක් තියා ටෙලිවිෂන් එකක්වත් චාරුනිලාගේ ගෙදර නෑ. රේල්පාර අයිනේ ලෑලි ගෙවල් පේළියේ තිබෙන චාරුනිලා ගෙදරත් දැන් හොඳට දිරලා.

කවදාවත් චාරුනි ආච්චිට කරදර කරන්නේ නෑ.

“මගේ සැනසීම මේ කෙල්ල. මේ කෙල්ල ලොකු මහත් වෙනකල් හිටියොත් මට ඇති”

ආච්චි අම්මා එහෙම කියනවා චාරුනිට අනන්ත ඇහෙනවා. ඒ වෙලාවට චාරුනිට ආච්චි ගැන ලොකු ආදරයක් ඇති වෙනවා. මේ දවස්වල චාරුනි ගෙදරින් එළියට බහින්නේ කඩේට කෑම දාන්නත් අවශ්‍ය බඩු ගන්නත් විතරයි.

අනිත් අය කියන දේවලුයි අල්ලපු ගෙදර ටී. වී එකේ ප්‍රවෘත්ති අහලා චාරුනි ආච්චිටත් කොහෙටවත් යන්න දෙන්නේ නෑ.

“වයසක අයට හුගාක් අමාරු වෙනවා කොරොනා හැදුනොත්”

චාරුනිට එයාට හම්බවෙලා තියෙන පාඩම් පොත් ටික නම් උදේ හවා බලනවා. අකුරු එකතු කර කර කියවනවා. අච්චු පොත බලාගෙන පොත් තියෙන ඒවා ලියනවා.

ආච්චිට ඒ ගැන සතුටුයි. චාරුනිටත් සතුටුයි.

Jesustoday.lk 5 වන වසර 10 වන සතිය 2021 මැයි 09 වන ඉරිදා

 

Comments powered by CComment