උගුරටයි නාසයටයි පුංචි කූරක් දානකොට පේශාලිට කිති කැවීමක් ආවා. පේශාලි එතන තිබුණු මේසේ තදින් අල්ලාගෙන දඟලන්නේ නැතිව හිටියා.

කෝවිඩ් කාලේ කියලා කුලී වැඩ කරන තාත්තාට ගෙදරට වෙලා ඉන්න බැහැනේ. තාත්තා වැඩට යන්න ඕනි. නැත්නම් කොහොමද උයන පිහින බඩු ටිකවත් ගේන්නේ. ඒ නිසානේ තාත්තා වැඩට ගියේ”

පුංචි පේශාලිගේ අම්මා එහෙම කිව්වේ තාත්තාට කෝවිඩ් රෝගය හැදිලා ඉස්පිරිතාලේ ගෙන ගියාම.

ගිලන් රථයක් ඇවිල්ලා තාත්තාව අරගෙන යනකොට පුංචි පේශාලිගේ ඇස්වල කඳුළු තිබුණා.

අම්මා පේශාලිව ළඟට ගත්තේ නැත්තේ අම්මට ටිකක් අසනීපයයි වගේ දැනුන නිසා.

කෝවිඩ් පරීක්ෂා කරගන්න කියලා අම්මටයි පේශාලිටයි. අක්කටයි යන්න කියලා සෞඛ්‍ය පරීක්ෂක මහත්තයා කිව්වා.

අක්කා හුඟාක් බයයි එන්නත් ගහනවාට.

“අක්කා බය වෙන්න එපා. මමත් ඉන්නවනේ” පේශාලි අක්කට කිව්වා.

“මම ඉස්සෙල්ලාම යන්නම්කෝ. අක්කා මට පස්සේ යන්නකෝ. ඔන්න බලන්නකෝ අක්කේ රිදෙන්නේ නෑ.”

උගුරටයි නාසයටයි පුංචි කූරක් දානකොට පේශාලිට කිති කැවීමක් ආවා. පේශාලි එතන තිබුණු මේසේ තදින් අල්ලාගෙන දඟලන්නේ නැතිව හිටියා.

“ජේසුනි ඔබ වහන්සේ හුඟාක් දුක් වින්දා. මම දැගලුවොත් අක්කාත් බයවෙනවා.” පේශාලි ජේසුට හිතින් යාච්ඥා කළා.

අක්කා ඊළඟට පරික්ෂන කරන තැනකට යන කොට පේශාලි අක්කට මෙහෙම කිව්වා.

“පොඩ්ඩක් වන් රිදෙන්නේ නෑ. පුංචි කිතියක් විතරයි”

නංගි දුන්නු දහිරිය නිසා අක්කත් පරික්ෂණයට මුහුණ දුන්නා.

කොහොම හරි අම්මටත් කෝවිඩ් හැදිලා, අම්මවත් නිරෝධායන ස්ථානයකට ගෙනියන්න ඕනි කියලා පණිවුඩය ආවා. හුඟාක් දහිරියෙන් උන්නු අම්මාගේ ඇස්වල කඳුළු.

“අම්මායි තාත්තායි නැතිව මේ දරුවෝ කොහොමද තනියෙන් ඉන්නේ ?”

“අම්මා බය වෙන්න එපා. අක්කයි මායි ඉන්නම්. එහා ගෙදර ලොකු පුංචිලා ඉන්නවනේ”

පුංචි පේශාලි අම්මාට කිව්වා.

“අපි මිදුලේ පැත්තේ ලයිටුත් දාලා. දොරවල් වහගෙන රෑට ඉන්නම්. කෝවිඩ් හින්දා කව්රුත් එන්නේ නෑ.

දහවෙනි පංතියේ අක්කා එක්ක හතරවෙනි පංතියේ පුංචි පේශාලි දවස දහයක්ම තනියම ගෙදර හිටියා.

අක්කා එක්ක එකතු වෙලා තේ හදා ගත්තා. ඉස්සරහා පුටුවක් තියලා තිබුණා. නෑදෑයෝ අහල පහල අය එතනට කෑම ගෙනත් තිබ්බා. කොහොම හරි පේශාලිවයි අක්කටයි රෝගය බෝ වුණේ නෑ.

“ඔයා තමයි මගේ රැකවල් දූතයා”

අක්කා පේශාලිව තුරුළු කරගත්තා.

Jesustoday.lk 5 වන වසර 22 වන සතිය 2021 අගොස්තු 01 වන ඉරිදා

Comments powered by CComment