මට ටීචර්ව හම්බ වුණා. ටීචර් කිව්වා දවස් තුනක් ඉගැන්නුවාලු. ළමයි 22 න් තුන්දෙනාලු ආවේ. ඉතිං මට උගන්වන්න පුළුවන්ද අම්මේ මම ඒක නැවැත්ත්තුවා. ඉස්කෝලේ පටන් ගත්තම හවසට හරි වැඩිපුර වැඩ කරමු.

 

නිසල්කාට වයස අවුරුදු නවයයි. එයා මේ අවුරුද්දේ හතරවන පංතියේ, නිසල්කාගේ මල්ලි මේ අවුරුද්දේ පළවෙනි පංතියට ඇතුල් වුණා. පුංචි පුතාට ඉස්කෝලේ ගැන දැන් මතකයක් නැති තරම්.

“දවස් තුනයි අයියේ පොඩි එකා ඉස්කෝලේ ගියා. එයාගේ තාත්තා මාස හයක්ම ඉස්පිරිතාලේ හිටියේ. වකුගඩු අමාරුවක් තිබුණේ. එයත් එක්ක ඔට්ටු වුණා මිසක් දරුවන්ගේ ඉස්කෝලේ ගමන ගැන හිතන්නවත් ඉඩක් තිබ්බේ නෑ”

නිසල්කාගේ අම්මා කතාව කියනවා.

"වකුගඩුවක් බද්ද කරන්න ඕනි කිව්වා. හොයා ගන්න බැරි වුණා. මහත්තායා මැරුණේ අප්‍රියල් මාසේ. එයා කළේ කුලී වැඩ."

නිසල්කා නම් පාසල් යාමට ලොකු ආසාවකින් ඉන්නේ. පාඩම් පොත ගිරවියක් වගේ කියවනවා.

“මට වඩා හොඳට කෙල්ලට අකුරු පුළුවන් අයියේ. මට දුක එයාගේ ඉස්කෝලේ වැඩ අතපසු වෙන එක”

“ඉස්කෝලේ ඔන්ලයින් උගන්වන්නේ නැද්ද ?"

ඒ ප්‍රශ්නේ ඇහැව්වේ මම

“මට ටීචර්ව හම්බ වුණා. ටීචර් කිව්වා දවස් තුනක් ඉගැන්නුවාලු. ළමයි 22 න් තුන්දෙනාලු ආවේ. ඉතිං මට උගන්වන්න පුළුවන්ද අම්මේ මම ඒක නැවැත්ත්තුවා. ඉස්කෝලේ පටන් ගත්තම හවසට හරි වැඩිපුර වැඩ කරමු.”

ටීචර් එහෙම කිව්වා අයියේ,

“මොකක්ද මාමේ ඔන්ලයින් උගන්වනවා කියන්නේ ?"

නිසල්කාට ඒක කියලා දෙන්නේ කොහොමද ? එයා කොමිපියුටර් වලින් වැඩ කරනවා දැකලා නෑ. අම්මා ළඟ තිබුණු රු. 3000 ක විතර ජංගම දුරකථනයත් තාත්තාව ඉස්පිරිතාලේ ගෙනියන්න රු 1500 විකුණුවේ ගිය දෙසැම්බර්වල කියලා අම්මා කිව්වා.

“ඒක පුතේ ජංගම දුරකථනයෙන් කතා කරලා ෆෝන් කෝල් එකකින් උගන්වනවා වගේ. ටීචර්ගේ මූනත් ෆෝන් එකේ පේනවා”

ස්මාට් දුරකථනයක් දැකලා නැති නිසල්කාට ඒ ගැන ප්‍රශ්න ගොඩාක් තිබුණා අහන්න.

“ඉතිං මාමේ එතකොට අනිත් ළමයින්වත් පේනවාද ?"

නිසල්කාගේ ප්‍රශ්න පත්තරේට උත්තර දෙන්න අලුත් භාෂාවක් හොයාගන්නත් උනා.

“අපේ ටීචර් ඉස්කෝලේ පටන් ගත්තම අපිට උගන්වනවනු. අපේ ටීචර් හොඳයි නේද මාමේ”

Jesustoday.lk 5 වන වසර 28 වන සතිය 2021 සැප්තැම්බර් 12 වන ඉරිදා 

 

Comments powered by CComment