නුඹලා පරිසර සමතුලනය විනාශ කළාහුය. දැන් සතුන්, ගස්වැල් ආදියට අහිතකර නොවුවත් නුඹලාට අහිතකරවන වෛරස් නුඹලාවෙත නුඹලා ‍විසින්ම කැදවා ගෙන ඇත. මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. ධනයේ රන් වස්සාට වැදීම නතර කරන්න. පරිභෝජනවාදයේ රන් වස්සාට වැදීම නතර කරන්න.

ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක

එම්බා පෘතුවිය !

ඔබේ ප්‍රධානිහු ද සෙනග ද

සොදොම් හා ගො‍මෝරාවේ සිටි අය වැනිය.

සමිදුන් වදාරන දේට සවන් දෙන්න.

දෙවිදුන් උගන්වන දේ සිතට ගන්න.

බොරු දිවැසිවරුන්ගෙන් පරිස්සම් ‍වන්න.

පිලාත්ගේ (පාලකයින්ගේ) හා

පරිසිවරුන්ගේ (ව්‍යාජ ආගමික නායකයින්ගේ)

මුහුන් වලට නොරැවටෙන්න.

සත්‍යයට අවදිවන්න.

සත්‍ය පමණක් ඔබව නිදහස් කරනු ඇත.

‍ප්‍රේමය තුළම පවතින්න.

ධර්මයෙහි හැසි‍රෙන්න.

ප්‍රේමයේ පැවැත්මක් විසින්

පමණක් පෘතුවිය ආරක්ෂා වනු ඇත.

මාගේ නියමය නම්,

මාගේ පුතුණුවන් ඔබට

ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුයි.

ප්‍රේමයේ පැවැත්මක්,

ප්‍රේමයේ ජීවිත ක්‍රමයක්,

ප්‍රේමයේ පාලනයක්, ප්‍රේමයේ අර්ථිකයක්

පෘතුවිය තුළ පවත්වා ගැනීමයි ඔබ කළ යුතු වනුයේ......

එයට පිටුපෑමෙන් ලැබෙන

ප්‍රතිඵල මා දෙන දඩුවම්

යැයි නොසිතන්න.

 

ප්‍රේමයේ දෙවිදුන් වන මට

නිගරු නොකරන්න.

ඒවා ඔබ විසින්ම පමුණුවා

ගන්නා දඩුවම් වේ.

මගේ පුතුණුවන්ගේ වචන ඔබට

අමතකද ?

"ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇතිව

සිටින්නාක් මෙන් ඔබ ද දයානුකම්පාව ඇතිව සිටින්න."

කොරොනාව අනාගමිකයින්ට දෙවිදුන්

දුන් දඩුවමක් යැයි නොකියන්න.

අනාගමික චීනයට, දෙවිදුන්ට

පිටුපාන ඉතාලියට දෙවිදුන්

දුන් දඩුවමකැයි නොකියන්න.

එසේ කීමෙන් මාගේ ධර්මය

විකෘති නොකරන්න.

මා වචනය නොව ක්‍රියාව දෙස බලන

දෙවි කෙනෙකු බව නුඹලා නොදන්නාහුද ?

“සියල්ල දෙවිදුන්ට යැයි” මුදල් නෝට්ටුවේ පවා

මුද්‍රණය කර ඇති නමුත්

තම රටේ, ලෝකයේ අන්ත පීඩිතයින්

නොසලකා හරින ඇමරිකාවට වඩා

ධර්මයක් නිල වශයෙන් රාජ්‍යයට

නැතැයි ප්‍රකාශ කළද

තම රටේ සියලු මිනිසුන්ට

ඉහළ සෙෳඛ්‍ය පහසුකම් සපයන

ලෝකයේ  අසරණයන් වෙනුවෙන්

කොන්දේසි විරහිතව ඉදිරිපත් වන

වෛද්‍යරු සිටින කියුබාව මට ප්‍රසන්න

නොවේයැයි නුඹලා සිතන්නාහුද ?

මා, දේව රාජ්‍යයේ වටිනාකම් තුළ ඔබ  

පැවැතීම, මා තුල පැවැතීම යැයි

සිතන දෙවි කෙනෙකි.

 

"අනුන් විනිශ්චය නොකරන්න

එවිට ඔබත් විනිශ්චය

නොකරනු ලැබේ"

.....................................

දෙවිදුන් මෙසේ වදාරන සේක

"මම පුද පූජාවලට වඩා

දයානුකම්පාවට කැමැත්තෙමි"

යන මාගේ පුතුණුවන්ගේ

වදන් සිහි කරන්න

නුඹලාගේ නිමක් නැති

පුදපූජා වලින් මට වැඩක්

ඇත්ද?

ඔය නිශ්ඵල පූජා තවත් නොකරන්න.

අර්ථ විරහිත වත් පිළිවෙත්

පසු පස නොයන්න.

ක්‍රිස්තු ශරිරයම වන මුළු විශ්වයම යහපත්  කරන්න..

තමාගේ ජීවිතය ‍නොකතා

රෝගින්ට වුවටැන් කළ

මා අනුගමනය කළ මිනිසුන්ගේ

ආදර්ශය අනුගමනය වෙනුවට

 ප්‍රතිමා රැගෙන

ජනයා රැස්වන ලෙස ගමන්

ගැනීම වැනි විහිළු නොකරන්න.

 

විශ්වාසය නිහඩව ප්‍රකාශ කරන්න.

මාගේ කැමැත්ත කුමක්ද කියා

ගැඹුරු නිහඩ යාච්ඥාවක් තුල විමසන්න.

මා‍ පුතුණුවන්ගේ වදන්

සිහියට නගා ගන්න.

“ඔබ යාච්ඥා කරන තල කෛරාඨිකයින්

මෙන්  නොකරන්න. මිනිසුන්ට

පෙනෙන පිණිස ඔවුහු ධර්මශාලාවලත්

මංසන්ධිවලත් සිටගෙන

යාච්ඥා කිරීමට ප්‍රිය වෙති.

එහෙත් ඔබ යාච්ඥා කරන කල

ඔබේම ඇතුළු කාමරයට වැද

දොර වසාගෙන

රහසිගතව යාච්ඥා කරන්න"

ලෝකය දෙවියන්ට බාර දෙනවා,

ලෝකය මගේ පුතුගේ

මෑණියන්ට භාර දෙනවා

යන්නෙහි හරි අරුත

විමසන්න.

එහි හරි අරුත නම්

ඔබ, ඔබේ රට, ලෝකය

මට භාර වීමයි.

මාගේ කැමැත්තට යටත් වීමයි.

ප්‍රේමයේ පැවැත්මට යටත් වීමයි.

ධනයේ කැමැත්තට

 මේ ලෝකයේ ආශාවේ කැමැත්තට

අනුව මුළු කාලයම ගත

කරමින් වසංගතයකදී

යුද්ධයකදි පමණක්

මට ලෝකය බාර දීම

ඔබවම රවාට ගැනීමකි.

 

මේ මම  මවා  වදාල විශ්වයයි.

එය මම ඔබට බාර දුන්නේ යහපත්ව

පවත්වා ගන්නටයි.

එහෙත් ඔබ මාගේ කැමැත්තට

පිටුපා ඇත.

මා මහ පොළවට සොබාදහමට මිනිසාට සතුන්ට

විවේක දෙන්නැයි පනවා ඇති නියමයන්

නුඹලා කඩ කළාහුය.

මහ කෑදරකමකින් නුඹලා

මා මවා වදාල පෘථිවිය

සූරා කෑවාහුය.

වනාන්තර විනාශ කරමින්

වනසතුන් විනාශ කරමින්

සියල්ල නුඹලාට යැයි කියන

ආත්මාර්ථකාමි මානවාදියෙන්

නුඹලා පරිසර සමතුලනය

විනාශ කළාහුය.

දැන් සතුන්, ගස්වැල් ආදියට

අහිතකර නොවුවත් නුඹලාට

අහිතකරවන වෛරස් නුඹලාවෙත

නුඹලා ‍විසින්ම කැදවා ගෙන ඇත.

මා ඇස් හමුයෙන් ඔය

පව් දුරු කරන්න.

ධනයේ රන් වස්සාට වැදීම

නතර කරන්න.

පරිභෝජනවාදයේ රන්

වස්සාට වැදීම නතර කරන්න.

පෞද්ගලිකවාදයේ රන් වස්සාට

වැදිම නතර කරන්න.

බලය බලය බලය සොයන

දේශපාලනය නම් රන්  වස්සාට වැදීම

නතර කරන්න‍.

 

විෂමතාවය වර්ධනය කරන

මගේ සෙනග දුගී දුප්පත්භාවයට ඇද දමන..

දුගී දුප්පතුන් මානව කසල සේ

ඉවත දමන

මිනිසුන්, පරිසරය

භාණ්ඩ ලෙස සලකන

පවිටු සමාජ ක්‍රමය නැමැති රන්

වස්සාට වැදිම නතර කරන්න.

ඔබගේ ජිවිතය

රදා පැවැතිමට, මා දුන්

සොබාදහම, ඔබේ  සුඛෝපභෝගි පැවැත්ම

වෙනුවෙන් සූරා කෑමේ

ඊනියා සංවර්ධනය නැමැති

රන් වස්සාට වැදීම නතර

කරන්න.

දෙවියන් කොහේදැයි නොඅසන්න.

අසරණව මියැ‍යන මිනිසුන් තුල මාව දකින්න.

නිභයව තම දිරිය පරදුවට තබා

රෝගින්ට උවටැන් කරන

මිනිසුන් හා ගැහැනුන් තුල

මාගේ පුතනුවන් දැක ගන්න.

 

යහපත කරන්න ඉගෙන ගන්න.

පීඩා විදින්නන්ට පිහිට වන්න.

අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න.

රෝගීන් උදෙසා ඉදිරිපත් වන්න.

සියළු දෙනාට ඇති සම්පත්

කීප දෙනෙකු භුක්ති විදින

මජර ක්‍රමය නවත්වන්න.‍

‍සොබා දහම පරිසරය

දූෂණය කිරිම නවතන්න.

ජාති ආගම් පක්ෂ පාට

ලෙස බෙදී සිටිම නවත්වන්න.

නුඹලා සිය කැමැත්තෙන් එසේ

කරන්නාහු නම් පෘතුවියේ

සාරවත්කම භුක්ති විදින්නාහුය.

පෘතුවිය නැවත අලුත් කරනු ලබන්නේය.

Jesustoday.lk 4 වන වසර 04 වන සතිය 2020  මාර්තු 29 වන ඉරිදා

 

Comments powered by CComment