Print

අන්ත දිළිඳුබව මෙන්ම පවුල් ඇද වැටෙන්නා වු වෙනත් අවස්ථා විටක වෛශ්‍යා වෘත්තීය සඳහා තම දරුවන් විකුණා දැමීමට නැතහොත් අවයව හොරෙන් ජාවාරම් කිරීමේ යෙදීමට පවුල් යොමු කළ හැකිය.

සංක්‍රමණය හා ප්‍රීතිමත් පවුල

අපට අහම්බෙන් හමු වූ වෛද්‍යවරියක් අපව හඳුනා ගැනීමෙන් පසු මෙසේ පැවසුවාය. “ඔබ පවුල පිළිබඳ ප්‍රැන්සිස් පාප් තුමන්ගේ දැක්ම ගැන කතා කළ කතාවක රෙකෝඩින් එකක් අපේ මිතුරු වෛද්‍යවරුයෙකු එවා තිබුණා. මගේ මහත්තයත් වෛද්‍යවරයෙක්. එයා වසර තුනකට විදෙස් ගතවීමට අදහස් කරගෙන හිටියා. පවුලක් ලෙස අපට යන්න බැරි නම් ඒ ගමන අත් හරින්න ඕනෑ කියලා එයා තීරණය කළා.

පවුලක් ලෙස එක්ව සිටීම පිළිබඳ ප්‍රැන්සිස් සුදතුම් පියතුමාගේ අවධාරණය පීඩිත පන්තියේ ජනතාවට හා මධ්‍යම පාංතික ජනයාට අදාල වන්නේ දෙයාකාරයකිනි. පීඩිත මිනිසුන්ට තම අවම අවශ්‍යතාවන් සපුරා ගැනීමට කරන්නට සිදු වී තිබෙන අරගලය තුළ එක්ව සිටීම මග හැරෙති. එහෙත් බොහෝ පහළ හා ඉහළ මධ්‍යම පාංතිකයින්ට පවුලක් ලෙස එක්ව සිටිමේ මඟ හැරෙන්නේ ඉහළ ජිවන අපෙක්ෂා නිසාය. ලිපිය ආරම්භයේ වෛද්‍යවරයාට ඒ තීරණය ගැනීම වැදගත් වන අතර එය ගත හැකි ද වන්නකි.

මූලික අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට මැද පෙරදිග රැකියාවකට යන දුප්පත් මවකට පියෙකුට එවන් තීරණයක් ගැනීම ඊට වඩා වෙනස් තලයක පවතින්නකි.

ප්‍රැන්සිස් පාප් තුමෝ ප්‍රේමයේ ආනන්ද අපොස්තලික අනුශාසනාව තුළ සමාජ ආර්ථීක දේශපාලන හේතු මත සිදුවන සංක්‍රමණිකභාවය නිසා පවුලක් ලෙස එක්ව සිටින්නට නොහැකි මිනිසුන් හා ගැහැනුන් ගැන ගැඹුරින් සාකච්ඡා කරති.

“සංක්‍රමණය වීම තවත් කාලයේ සළකුණකි. එයට මුහුණ දිය යුතු වන්නේත්, එය වටහාගත යුතු වන්නේත් පවුල් ජීවිතය වෙත අසුවබාදි බලපෑමක් ඇති කිරිමට එය සමත්වන බව සැලකිල්ලට ගනිමිනි.” මෙම කරුණ වෙත අවධානය යොමුකළා වූ මෑත දී පවත්වන ලද කතිකාවත ඒ පිළිබඳ විස්තර කළේ මෙලෙසය. “සංක්‍රමණික වීම නන් අයුරින්, ලෝකයේ විවිධ පෙදෙස්හි වෙසෙන ජන කොටස් වෙත බලපායි.

සභාව මෙම ක්ෂේත්‍රය තුළ වැදගත් කාර්ය භාරයක් ඉටුකර ඇත. සුබාරංචියට සාක්ෂි දැරිමේ මෙම කර්තව්‍යය දිගටම පවත්වා ගෙන යමින් එය විකාශනය කිරිම (මතෙන් 25:35 බලන්න) කවදාටත් වඩා අද පවතින කඩිනම් අවශ්‍යතාවකි. ස්වාභාවික ඓතිමහාසික ජන සංක්‍රමණ හා අනුරූපතාවක් දක්වන මානව සංක්‍රමණය සංක්‍රමණය වන්නා වු පවුල්වලට මෙන්ම ඔවුන් පිළිගන්නා වු රටවලට ද සැබෑ සිද්ධියක් විය හැකිය. තව දුරටත් යුද වාතාවරණය පීඩා දරිද්‍රතාව සහ අසාධාරණය නිසා අකමැත්තෙන් වුවද සංක්‍රමණය වන්නට සිදුවීම, ජීවිත පෙරළියකට තුඩුදෙන්නා වු ගමනක් වන බැවින්, බොහෝ විට අවදානමකට හා චිත්තවේගිය කම්පනයකට ඔවුන් පාත්‍රකර පවුල් අස්ථාවර තත්ත්වයකට පත් කරයි. සංක්‍රමණිකයන් කැටුව ගමන් කිරිමේදි සංක්‍රමණය වන්නා වු පවුල් සඳහා පමණක් නොව දේශයේ රැඳී සිටින පවුලේ සාමාජිකයන්ටද අදාළ කළ හැකි නිශ්චිත එඩේරික වැඩසටහනක් සභාව සතු වීම අවශ්‍යය.

මෙම එඩේරික ක්‍රියාකාරිත්වය දියත් කළ යුතු වව්නේ ඔවුන්ගේ සංස්කාතිවලට ඔවුන් ලබා ඇති මානව හා ආගමික හැඩගැස්මට ඔවුන්ට ආවේණික වතාවන් හා සම්ප්‍රදායට ද නිසි ගරුත්වයක් හිමිවන පරිද්දෙනි. විශේෂිත එඩේරික රැකවරණයක් ඒ සඳහා අවශ්‍ය විය හැකිය. හොර ජාවාරම්වල ගොදුරු බවට මිනිසුන් පත් කරන අන්තර්ජාතික රැහැන්වල ආධාරය ඇතිව, නිත්‍යානූකූල නොවන ආකාරයෙන් සංක්‍රමණය සිදුවන විට එය විශේෂයෙන් පවුල් සහ පුද්ගලයන්ද කම්පනයට පත් කර ඔවුනට හානි පැමිණ විය හැකිය.

මෙය ඒ හා සමානව ම කාන්තාවන් හා භාරකරුවන් නොමැතිව සංක්‍රමණයේ යෙදෙන දරුවන් සම්බන්ධයෙන්ද සත්‍යයක් වන්නේ, ඔවුනට දීර්ඝ කාල පරාස තුළ සංකලන ක්‍රියාදාමයක් අරඹන්නට නොහැකිව තාවකාලික පහසුකම් සහිතව සරණාගත කඳවුරු තුළ සිර වී සිටින්නට සිදුවන විටය. අන්ත දිළිඳුබව මෙන්ම පවුල් ඇද වැටෙන්නා වු වෙනත් අවස්ථා විටක වෛශ්‍යා වෘත්තීය සඳහා තම දරුවන් විකුණා දැමීමට නැතහොත් අවයව හොරෙන් ජාවාරම් කිරීමේ යෙදීමට පවුල් යොමු කළ හැකිය.

ලෝකයේ බොහෝ පෙදෙස්වල විශේෂයෙන් මැද පෙරදිග කිතුනුවන් ද ජන වාර්ගික හා ආගමික වශයෙන් සුළු ජන කොටස් ද හිංසනයට පත්වීම සභාවට පමණක නොව, සමස්ත අන්තර් ජාතික සංඝයටද මුහුණ දීමට සිදුව ඇති බලවත් හිරිහැරයකි. තමන්ගේ ම දේශයන්හි රැඳී සිටිමට අතහිත දීම සඳහා ප්‍රායෝගික ආකාරයෙන් වුවද ගන්නා හැම උත්සහයක්ම දිරිමත් ක ළ යුතු වෙයි.”

මෙම විග්‍රහය කිතුනුවන්ට ඔවුන් අමතක කරන සත්‍යයක් ගැඹුරින් සිහිපත් කරයි. එනම් පවුලක් ලෙස සතුටින් සිටීමට බොහෝ දෙනෙකුට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ වරදකට වඩා පවතින ප්‍රචණ්ඩ සමාජ ආර්ථීක දේශපාලන ක්‍රමයේ වරදක් නිසාය යන්නයි.

Jesustoday.lk 5 වන වසර 8 වන සතිය 2021 අප්‍ර‍ේල් 25 වන ඉරිදා