ආබාධිත අය පවුලට ලැබෙන තිළිණයකි. ප්‍රේමය තුළ, අන්‍යෝන්‍ය වශයෙන් සහාය වීම හා ඒකත්වය තුළ වර්ධනය විය හැකි අවස්ථාවකි. විශ්වාසයේ ආලෝකය තුළ පවුල, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ පැවැත්ම භාර ගන්නේ නම්, මිනිස් ජීවිතයට ආවේණික නියම අවශ්‍යතා වගකීම් හා ඉඩ ප්‍රස්ථා ද සමඟ හැම මිනිස් ජීවිතයකම ගුණාත්මක බව හා වටිනාකම හඳුනා ගෙන එය සහතික කිරිමට ඔවුනට හැකිවනු ඇත.

 

ප්‍රේමයේ ආනන්දයේ පවුලක් - 11

දරුවන් යනු දරුවන්ය. දරුවා කෙබඳු වූවෙකු ලෙස උපදින්නේද කුමන ජාන උරුමයක් සහතිව උපදින්නේද ස්ත්‍රී පුරුෂභාවය කුමක්ද ? යන්න ‘දරුවා’ යන්නට විශේෂත්වයක් එකතු කරන්නේ නැත.

අතීතයේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන්, ආබාධිත දරුවන් ලැබීම යනු මව්පියන්ගේ සතුට නැති කරන්නක් බවට පත් විය. එහෙත් වර්ථමානයේදී එවන් දරුවන් භාර ගැනීමට හැකි දැනුම අවබෝධය මව්පියන්ට තිබිය යුතු යැයි අපෙක්ෂා කෙරේ.

විශේෂයෙන් කිතුනු සභාව විසින් එවන් දරුවන් සඳහා පවත්වාගෙන ගිය දයාවේ සේවා දෙස බලන ආකාරය බරපතල වෙනස්වීමකට ලක් වී තිබේ. එවන් දරුවන් විශේෂ නිවාසවල (ආබාධිත නිවාස) හදා වඩා ගැනීම වෙනුවට පවුල තුළ ඒ දරුවන් හදා වඩා ගැනීමට උපකාර කිරිම අද දවසේ දූත කාර්ය සේ සළකනු ලැබේ.

ප්‍රේමයේ ආනන්දය පවුලක් වීමට නම්, විවාහ දිවියට ඇතුළු වන්නන්ට එවැනි දරුවන් ගැන දැනුම ආකල්ප මෙන්ම ආධ්‍යාත්මිකත්වයක්ද ලබාදිය යුතුව ඇත.

ප්‍රැන්සිස් සුදතුම් පියතුමා ප්‍රේමයේ ආනන්ද අපොස්තලික අනුශාසනාව තුළ මෙසේ සඳහන් කරති.

“එලෙසම කතිකාවත් පියවරු, මෙවැනි පවුල් වෙත විශේෂ අවධානයක් යොමු කළහ. “ආබාධිකත්වයක් සමඟ පොර බැදීමට සිදුවන නිසා, පවුලේ සමතුලිතතාව, ආශා හා අපෙක්ෂා නොපිට පෙරළී යාම හේතුකොට ගෙන, අනපේක්ෂිත අභියෝගවලට මුහුණ පෑමට සිදුවන්නා වු, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින පවුල්.. විශේෂ අවශ්‍යතා සහිත දරුවකු නිසා ඇති වන බලවත් හිරිහැරය ආදරයෙන් යුතුව භාර ගන්නා පවුල් අප බෙහෙවින් අගය කළ යුතුය. ඔවුන් සභාව වෙත මෙන්ම සමාජය වෙත ද ඉදිරිපත් කරනුයේ. ජීවිතය නමැති තිළිණයට විශ්වාසවන්ත වීමේ අමිල සාක්ෂියයි."

මෙවැනි තත්ත්ව තුළ පවුලට, කිතුනු සංඝයද සමඟ මිනිස් ජීවිතයේ දුබල බව සම්බන්ධ අභිරහස සාදරයෙන් පිළිගැනීම හා රැකබලා ගැනීම මගින් නව ප්‍රවේශ, ක්‍රියාකාරි විය හැකි නව මංපෙත්, අනික් අයව වෙනස් ආකාරයකින් අවබෝධ කර ගැනීමේ හා ඔවුන් හා අනන්‍යතාවක් දැක්විය හැකි විධි සොයාගත හැකිය.

ආබාධිත අය පවුලට ලැබෙන තිළිණයකි. ප්‍රේමය තුළ, අන්‍යෝන්‍ය වශයෙන් සහාය වීම හා ඒකත්වය තුළ වර්ධනය විය හැකි අවස්ථාවකි. විශ්වාසයේ ආලෝකය තුළ පවුල, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ පැවැත්ම භාර ගන්නේ නම්, මිනිස් ජීවිතයට ආවේණික නියම අවශ්‍යතා වගකීම් හා ඉඩ ප්‍රස්ථා ද සමඟ හැම මිනිස් ජීවිතයකම ගුණාත්මක බව හා වටිනාකම හඳුනා ගෙන එය සහතික කිරිමට ඔවුනට හැකිවනු ඇත. මෙම ප්‍රවේශය මගින් අවාසනාවන්ත පුද්ගලයන් රැකබලා ගැනීම හා ඔවුන් වෙනුවෙන් කරන්නා වු සේවාවට අනුබල දැක්වීමක් සිදු වන අතර, ඔවුන් වෙත ළගා වී ඔවුන්ගේ ජීවිතයේ සෑම අදියරකදි ම ඔවුනට දයාව දැක්වීම සඳහා ජනතාව දිරිමත් කිරිමක් ද සිදුවනු ඇත.

සංක්‍රමණිකයන් වෙත මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත ද දක්වන්නා වු කැපවීම හා සැලකිල්ල ශුද්ධාත්මයාණන්ගේ සලකුණක් බව මෙහිදි මම අවධාරණය කරමි. මෙම අවස්ථා දෙකම සුසමාදර්ශ වෙති. (ආදර්ශ වරනැගීම වෙති) ඒවායේ කාර්ය භාරය, අන් අය සාදරයෙන් පිළිගැනීම තුළ ඔවුනට දයාව දැක්වීම සඳහාත් දුබලවුවන්ට අපගේ සංඝ තුල පූර්ණ සහභාගිත්වය දැරීමට සහාය වීම සඳහාත් වු අපගේ කැපවීම පිරික්සුමට ලක් කිරීම ය.”

Jesustoday.lk 5 වන වසර 10 වන සතිය 2021 මැයි 09 වන ඉරිදා 

 

Comments powered by CComment