ඉතා සරලව කිව්වොත් ආබ්‍රහම්ගේ පුත්‍රයින්ගෙන් මතුව ආ ආගම් ත්‍රිත්වයම සොබාදහම දෙවිඳුන්ගේ මැවිල්ල යැයි අදහන මුළු මිනිස් සංහතියම පරම දයාබර එකම දෙවිඳුන්ගේ දරුවන් බව අදහන පීඩිතඅසරණ ජනයාගේ විමුක්තිය අපෙක්ෂා කරන අධිරාජ්‍යාවාදය ලක්ෂණවලින් වෙනස්වූ සාංගික වූ සාමුහික වටිනාකම් මත ගොඩනැගුනු ආගම්. මෙය මේ ආගම් හී මහා පොදු සාධකයයි.

මානව සහෝදරත්වය පිළිබඳ ලේඛනය – 2019

ශ්‍රී ලංකාව තුළ නොසලකා හැර ඇති ප්‍රැන්සිස් පාප් තුමන් හා ශ්‍රේෂ්ඨ ඉමාම් අහමඩ් අල් තයෙබ් 2019 වසරේ අත්සන් කළ මානව සහෝදරත්වය පිළිබඳ ලේඛනය ගැනත්, එය ශ්‍රී ලංකාව තුළ මුස්ලිම්-ක්‍රිස්තියානි සංවාදයට දායක කරගත හැකි ආකාරය ගැනත් මේ ලිපියෙන් සාකච්ඡා කෙරේ.

එම සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් මුස්ලිම්-ක්‍රිස්තියානි සබඳතා වල අතීත කතාව සැකවින් දක්වමු.

ආබ්‍රහම්ගේ දරුවෝ

මැද පෙරදිග කලාපයෙන් බිහිවූ ප්‍රධාන ආගම් තුනකි පිළිවෙලින්, ජුදා, ක්‍රිස්තියානි හා ඉස්ලාම්. මේ ආගම් තුනම තම ආදි පීතෘවරයා ලෙස ‘විශ්වාසයේ පියා’ නමින් හඳුන්වන ආබ්‍රහම් ව සලකති. මේ ආගම් තුනම එකම දෙවි කෙනෙකු විශ්වාස කරන අතර ඒ ඔවුන්ගේ ප්‍රධාන ශාස්තෘවරයා ආබ්‍රහම්ගෙ (ඊබ්‍රහිම්ගේ) දරුවන්ගෙන් පැවත එයි.

 

2021.07.10.05

අධිරාජ්‍යයට පිටින් උපන් පීඩිතයින්ගේ ආගම්

ආබ්‍රහම්ගේ කතාව සැකවින් හඳුනාගන්නට ක්‍රිස්තු පූර්ව 3000 ට පෙර පැවැති සූමේ හෙවත් දකුණු මෙසපොතේමියාව දක්වා යා යුතුය.

දකුණු මෙසපොතේමියානු පාලනය පිරිහි එය මධ්‍යම මෙසපොතේමියාවට ලැබුනු විට එහි විසු ආකේවියන්වරු අධිරාජ්‍යවාදී පාලනයක මුල්රූපය එහි බිහි කළහ. හීබෲ බයිබලයේ දැක්වෙන්නේ ආබ්‍රහම් යනු දෙවියන් වහන්සේ (යහ්වේ) බැබිලෝනියානු අධිරාජ්‍ය තුළ උපයාගත් සියලු ධනය අතහැර නයිල් ගගෙන් එතෙරව දෙවියන් වහන්සේ පෙන්වන දේශයට කැඳවනු ලැබු ධර්මිෂ්ඨ මිනිසෙකු බවයි.

ඊශ්‍රායල්වරුන්ගේ විශ්වාස ප්‍රකාශයේ එය දැක්වෙන්නේ මෙසේය.

“වරෙක අප පියා මෙසපොතේමියාවේ ඌර් හිත් ඉන්පසු ආරම් හී හාරාන් දේශයෙන් ජීවත්වුණු බව අපි විශ්වාස කරමු. එක් දිනක් දෙවියන් වහන්සේ අපේ පියාට/පියවරුන්ට කථා කළ සේක. සිය රට හැර දමා වෙනත් දේශයකට යන්නට කී සේක”

මෙසේ ආබ්‍රහම් ව කැඳවන්නේ අධිරාජ්‍යමය ක්‍රමයකින් පිටතටය. ආබ්‍රහම් ට දෙවියන් වහන්සේ පොරොන්දු වන්නේ අධිරාජ්‍යය ක්‍රමයෙන් මිදුණු කිරියෙන් පැනියෙන් උතුරන දේශයක් හා පොළවේ වැලිමෙන් අහසේ තරු මෙන් විශාල පරපුරක් දෙන බවටයි.

ආබ්‍රහම් අධිරාජ්‍ය අතහැර විත් කානාන් හී පදිංචි වන නමුත් ඉතා වයසට යන තුරුත් දරු සම්පත් ඔහුට හිමි නොවේ. ඔහුගේ බිරිඳ සාරා යෝජනා කරන්නේ මිසර ජාතික සේවිකා හාගර් මගින් දරුවන් ලබා ගන්නා ලෙසයි. ඒ අනුව ආබ්‍රහම්ට දාව උපදින පළමු දරුවා හෙවත් ආබ්‍රහම්ගේ වැඩිමහල් පුත්‍රයා හෙවත් ආබ්‍රහම් හා හාගර් ගේ දරුවා උපදිනවා. පසුව ආබ්‍රහම්ගේ හා සාරාගේ දරුවෙකු ලෙස ඊසාක් නම් පුතෙකු උපදිනවා. ඉන්පසු හාගර් හා ඇගේ දරුවා කාන්තාරයට යවනු ලබනවා. මේ කතා පුවත ශුද්ධ වූ බයිබලයේ මෙන්ම අල් කුරානයද වාර්තා කෙරෙන්නේ ඒ. ඒ දැක්මට වඩා අනුකූල වන ලෙසයි. ඊසාක්ගෙන් මෙන්ම ඉශ්‍රාමයල්ගෙන් ද විශාල ජාතියක් ඇති කරන බව ඒවා හී දැක් වේ.

අල්කුර්ආනය පවසන්නේ “ඉබ්‍රාහිම් (ආබ්‍රහම්) දෙවියන් වහන්සෙගේ අභිමතය අනුව ඉෂ්මාල් හා හාගර් පාළු ප්‍රදේශයක දමා කානාන් වෙත ගොස් ඉතා කනගාටුවෙන් යාච්ඤා කළා” ස්වාමිනි මා ඔවුන් කාබාහී නිසරු මිටියාවතක තනිකොට ආවෙමි. ඔවුන්ට ඵලවැල හා ජලය දුන මැනව යාච්ඥා කළ බවයි.

ජලය නැති කමින් හඬ හඬා උන් ඉෂ්මායල්ට විශාල ජල උල්පතක් මතු වී ජලය ලැබුණු බවත් ඉෂ්මායල්ගේන් විශාල ජාතියක ඇති කරන බවට දෙවියන්වහන්සේ පොරොන්දු බවත් අල්කුර්ආනයේ දැක්වෙනවා.

ආබ්‍රහම්ගේ බාල පුතු ඊසාක්ගේ පෙළපතින් පැවැත එන මෝසෙස්ව (මුසා) දෙවියන් වහන්සේ කැඳවන්නේ ද ඊජිප්තුවේ අධිරාජ්‍ය තුළ පීඩිතව සිටින සෙනඟව එම අධිරාජ්‍යවාදී ක්‍රමයෙන් පිටතට ගෙන ඒමටයි. එසේ පිටතට ඇවිත් ගොඩනැගු දේශයේ (පොරොන්දු දේශය) තුළ පැවැත ආ ජනයාට අයත් දාවිත්ගේ පෙළපතින් බිහිවුණු ජේසුස් (ඊසා) ගේ මෙහෙවර වන්නෛ්ද රෝම අධිරාජ්‍යවාදි ක්‍රමයෙන් මිදි ඉතාම පීඩිත ජනයාට ගැලවීම සලසන ප්‍රේමයේ ක්‍රමයක් රාජ්‍යයක් ගොඩනැගීමයි.

ඉස්ලාමය ආරම්භ වන්නෙත් අධිරාජ්‍යයන් දෙකකට එනම් පර්සියානු හා බිසෙන්තියානු අධිරාජ්‍යයන් දෙකකට මැදි වු නමුත් ඒ බලපෑමට යටත් නොවුනු අරාබි අර්ධ ද්වීපයේ ක්‍රිස්තු වර්ෂ හත්වන සියවස මුලදී. වැන්දඹුවන් අනත්දරුවන් අසරණ පවුල් බහුල වූ ගෝත්‍ර අතර ලේ හැලෙන ගැටුම් නිසා වෙළඳ ධනවත් පංතියක් මගින් සූරාකෑම සිදුවන, කිතුනුවන් හා අනෙකුත් අය අරාබින්ව පහත්කොට, කොන්කරනු ලැබ සලකන පසුබිමක ඊශ්මායල්ගෙන් පැවැත එන පෙළපතකින් ආ මොහොමඩ් නබි තුමාව අධිරාජ්‍යමය වටිනාකම් වලට වෙනස් ව පීඩිත අසරණයා සුරකින සාමුහික වටිනාකම් මතු කරන ජීවිත ක්‍රමයක් බිහි කිරිමේ මෙහෙවරට දෙවියන් වහන්සේ කැඳවනවා.

ඉතා සරලව කිව්වොත් ආබ්‍රහම්ගේ පුත්‍රයින්ගෙන් මතුව ආ ආගම් ත්‍රිත්වයම සොබාදහම දෙවිඳුන්ගේ මැවිල්ල යැයි අදහන මුළු මිනිස් සංහතියම පරම දයාබර එකම දෙවිඳුන්ගේ දරුවන් බව අදහන පීඩිතඅසරණ ජනයාගේ විමුක්තිය අපෙක්ෂා කරන අධිරාජ්‍යාවාදය ලක්ෂණවලින් වෙනස්වූ සාංගික වූ සාමුහික වටිනාකම් මත ගොඩනැගුනු ආගම්. මෙය මේ ආගම් හී මහා පොදු සාධකයයි.

ඉතිරිය ඉදිරියට......

Jesustoday.lk 5 වන වසර 19 වන සතිය 2021 ජූලි 11 වන ඉරිදා

 

Comments powered by CComment