එසේ ලෝකය ප්‍රේමයේ රාජ්‍යයක් කිරීමේ ක්‍රියාවලියකින් තොරව පවුල ප්‍රේමනීය තැනක් කිරිම දවසින් දවස දුෂ්කර වන බව පැහැදිලිය.

 

වර්ධනය වන දික්කසාද වීම් මඟින් ප්‍රකාශ කරන්නේ ‘විවාහ ජීවිතය’ යල් පැන ගිය බවක්ද ? යන ප්‍රශ්නය සුදතුම් පියතුමා මතු කරයි. මතු කරමින් අදහස් දක්වයි.

“බොහෝ රටවල් පවුල් නෛතිකව වෙන් වීම අත්දකින බැවින් හුදෙක් පුද්ගලයින්ගේ කැමැත්තට නව ආකෘති ගොඩනගා ගැනීමට යොමුවෙති.”

විවාහය මේ තත්වය තුළ යල් පැනගිය විලාසිතාවක් ලෙස සිතිමේ තත්ත්වයක් ඇති වී ඇති බවද එතුමා නිරීක්ෂණය කරයි.

“විවාහය සඳහා නානා ප්‍රාකාර විකල්පයන් ඉදිරිපත් කිරීම වැඩි වෙමින් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විවාහයට ආවේනික සුවිශේෂි අනන්‍ය බව, ස්ථිරව පවතින සුළු බව සහ ජීවිතයට විවෘත බව පැරණි විලාසිතාවක් ලෙස යල් පැන ගිය විකල්පයක් ලෙස පෙනෙන්නට පටන්ගෙන තිබේ”

පාප් තුමන් පෙන්වා දෙන්නේ මේ අර්බුදයට විසඳුම වන්නෙ විවාහයට ආවේණික අව්‍යාජ අර්ථය යළි සොයා ගැනීම හා එය නවතාවයකට පත් කිරිමය.

"පවුලක ශක්තිය රදා පවතිනුයේ ආදරය කිරිමේ හැකියාව මත මෙන්ම ආදරය කිරීමට ඉගැන්වීමේද හැකියාව මතය. පවුලක් මුහුණ පාන්නාවු ගැටළු කොතෙක් වූවත් ආදරය ඇත්නම් ඉදිරියට යා හැකිය. මන්ද ආරම්භක තීරණාත්මක සාධකය ආදරය වන බැවිනි”

මෙය බරපතල සමාජ කතිකාවකට ලක් විය යුතුය. පවුල, විවාහය, ධනය හා දේපල මුල්කරගත් සමාජ ක්‍රමයේ උපකරනයක් ලෙස පවත්වාගෙන යාම විසින් මේ අර්බුදය නියතවම පැන නගී. එය වැලැක්විය නොහැකිය. ඒ නිසා සිදුවිය යුත්තේ ධනය දේපල මුල්කරගත් සමාජ ක්‍රමයේ තර්කතනේ පවුල මුදාගෙන ප්‍රේමයේ රාජ්‍යයේ උපකරණයක් ලෙස එය නැවත ප්‍රතිනිර්මානය කිරීමයි.

එසේ ලෝකය ප්‍රේමයේ රාජ්‍යයක් කිරීමේ ක්‍රියාවලියකින් තොරව පවුල ප්‍රේමනීය තැනක් කිරිම දවසින් දවස දුෂ්කර වන බව පැහැදිලිය.

නමුත් මෙම යථාර්ථය පිළිබඳ අවදි බවක් පවුල් උපදේශකයින් බහුතරයකට නැත. ප්‍රේමයේ ආනන්දය අවශ්‍ය තැනින් නොව සමස්ථයක් ලෙස කියවීම වැදගත් වන්නේ මේ නිසාය.

Jesustoday.lk 5 වන වසර 21 වන සතිය 2021 ජූලි 24 වන ඉරිදා

Comments powered by CComment