අදත් මේ වෙනස් ලිංගික ජනතාව වෙත යාමට කිතුනුවාට ආරාධනා කරනු ලබයි. ඔවුන්ගේ ජීවිත පිළිබඳ දුත කාර්යයක් අප සතු වේ. මෙවැනි වෙනස් ලිංගිකයන් මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම පැවැත ඇත. සමාජය තුළ ඔවුන් කොන් කිරිමට ලක් වන නිසා එවැන්නෝ දරුණු ලෙස අනන්‍යතා අර්බුදයකට මුහුණ පායි. එය ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවේ. අන් අයගේ පාපිෂ්ඨ බවකි

 

මෙම ලිපිය නොවැම්බර් 20 දිනට යෙදෙන සංක්‍රාන්ති ලිංගිකයින්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙනි.

LGBTQIQ+ ප්‍රජාවට අයත් මෙම නපුංසක පිරිසට ගැලවීම, දේව රාජ්‍ය හිමිවන බව පැරණි ගිවිසුමේ සිටම පැවැති මතයකි. ඒ බව පෙන්වා දෙන බයිබල් පාඨ කීපයකි.

යෙසායා 54/3-

“නපුංසකයෙක් ‘මම වියළි ගසක් වැන්නැයි’ යි නොකියාවා.

සමිදාණෝ මෙසේ පවසන සේක.

“මාගේ සබත් දවස ආරක්ෂා කර මා ප්‍රිය කරන දේ තෝරාගෙන මාගේ ගිවිසුමෙහි ස්ථීරව පිහිටා සිටින නපුංසකයෝ මාගේ මාළිගාවේ දරුවන්ට වඩා උසස් නමක් ලබන්නෝය. එය කිසි දිනෙක නොමැකෙන සඳහටම පවතින නමක් වන්නේය.”

හෙබ්‍රෙව් භාෂාව තුළ ‘නපුංසකලිංඟ නොමැති බව බයිබල් විශාරදයින් පවසති. මෙහිදි භාවිත කර ඇති වචනය වන්නේ (Saris) යන්නයි.

නව ගිවිසුම තුළ ද වෙනස් ලිංගික අනන්‍යතාවයක් සහිත පුද්ගලයින් පිළිබඳ දේව අභිමතය කුමක්දැයි පැහැදිලිව පෙන්වා දී ඇත.

ක්‍රියා 8/24-40

“මෙම කොටසේ දැක්වෙන්නේ ජේසුස් වහන්සෙගේ ශ්‍රාවකයෙකු වූ පිලිප්ට ස්වාමින් වහන්සෙගේ දූතයෙක් කථා කොට මෙවැනි ලිංගිකයෙකු මූණගස්වන ආකාරයයි."

“එකල ස්වාමින්වහන්සෙගේ දූතයෙක් පිලිප්ට කතා කොට නැගිට දකුණ දිග ජෙරුසලමේ සිට ගාසාවට බහින පාරට යන්නැයි” කීය. එය කාන්තාර පාරකි. ඔහු එහි ගියේය. එවිට එතියෝපිය රට වැසියන්ගේ කන්දකි නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තාවු ද ඇගේ මුළු වස්තුවේ අධිකාරි වූ ද එතියෝපිය නපුංසකයෙක් වන්දනා පිණිස ජෙරුසලමට ගොස් අපාසු යන විට තමාගේ රථයෙහි හිඳ දිවැසිවර යෙසායාගේ පොත කියවමින් සිටියේය. එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට ඔබ ඉදිරියට ගොස් රථයට ලංව ගමන් කරන්නැයි වදාල සේක.”

ඉන්පසු සිදුවන සිදුවීම් පෙළ විසින් පෙන්වා දෙන්නේ මේ එතියෝපියානු නපුංසකයා දෙවියන් අදහාගනිමින් ගැලවීම ලබන බවයි. බව්තිස්මය ලැබීම සඳහා ඇති බාධාව කුමක්දැයි ඔහු විමසයි. පිලිප් කිසිදු බාධාවක් නැති බව පෙන්වමින් ඔහුව බව්තිස්ම කරයි.

වෙනස් ලිංගික අනන්‍යතාවයක් සහිත පුද්ගලයින් දෙස දෙවියන් බලන ආකාරය මේ තුළ ඉතා පැහැදිලිය. එය ගැලවීමට බාධාවක් නොවේ. ඔවුන් වෙත යන්නැයි ශ්‍රාවකයාට පවස්නනේ ස්වාමින් වහන්සේමය. ආත්මයාණන්ගේ මෙහෙයවීමකි.

අදත් මේ වෙනස් ලිංගික ජනතාව වෙත යාමට කිතුනුවාට ආරාධනා කරනු ලබයි. ඔවුන්ගේ ජීවිත පිළිබඳ දුත කාර්යයක් අප සතු වේ. මෙවැනි වෙනස් ලිංගිකයන් මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම පැවැත ඇත. සමාජය තුළ ඔවුන් කොන් කිරිමට ලක් වන නිසා එවැන්නෝ දරුණු ලෙස අනන්‍යතා අර්බුදයකට මුහුණ පායි. එය ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවේ. අන් අයගේ පාපිෂ්ඨ බවකි”

ජේසුගේ ඇසින් බැලුවිට මෙම ප්‍රජාව පිළිබද දේව ධාර්මික අස්ථානයන් කිහිපයක් හදුනාගත හැකග

■ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනී, යන ඇමතුම තුළ සියල්ලෝ දේව දරුවන් ලෙස අපි හඳුනා ගනිමු.

ඒ අනුව මේ ඛඨඊඔූෂූ පුද්ගලයින් මූලිකව දේව දරුවන් ලෙස පිළිගැනීමට අපට සිදු වේ. ඒ අනුව ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය පැහැර ගැනීමට නැති කිරීමට වෙනස්කොට සැලකීමට කිතුනු ආධ්‍යාත්මිකත්වය ඉඩ දෙන්නේ නැත. ඔවුන්ට මිනිස් ගරුත්වය හිමිවිය යුතුය. ඔහු අසම්පූර්ණ දේව දරුවන් නොවේ.

ඛඨඊඔූෂූ ප්‍රජාව යනු අර්ධ නැත්නම් අසම්පූර්ණ දේව දරුවන් නොවේ. පුරවැසියන් නොවේ. ඔවුන්ට නෛතික සිවිල් දේශපාලන සමාජමය පුරවැසිභාවයෙහි සියලු අයිතින් හිමි විය යුතුය.

මෙම ප්‍රජාව සමාජ දේශපාලන සංස්කෘතික බැහැර කිරීමට ලක් කිරිම දේව විරෝධි වේ. ඒ නිසා ඔවුන්ට පූර්ණ පුරවැසි තත්ත්වයක් ලබා දීම සඳහා වන අරගලය දේව රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලියේ අන්තර්ගත ප්‍රධාන කාර්යයක් වේ.

■ අපගේ ජීවිතය දේව සැලසුමක් ලෙස සැලකීම ක්‍රිස්තියානිගේ මූලික පිළිගැනීමකි.

දෙවියන් වහන්සේ මේ වෙනස් ලිංගිකත්වය දෙස බලා ඉතා මනහර යැයි නොපැවසු වේ යැයි අපිට කිව හැකිද ?

“කිතුනුවන් වශයෙන් කළලය දෙවියන් විසින් නිර්මාණය කරන බව අපි විශ්වාස කරන්නේ නම් මේ සියලු ආකාරයේ ලිංග ස්වභාවයන් අප පිළිගත යුතුය. ඔවුන් දේව දරුවන් ලෙස භාරගත යුතුය. ඔවුන් සහෝදර සහෝදරියන් ලෙස භාරගත යුතුය."

ගබ්සාවට විරුද්ධ වන ආකාරයටම වෙනස් ලිංගිකයින්ට වෙනස් කොට සැලකීමට ද කිතුනුවෝ විරුද්ධ විය යුතුය.

ශුද්ධ වු බයිබලය අනුව මිනිස් ජීවිතයක් ඇරඹෙන්නේ ගර්භාෂයේ සිටම බව පෙන්වා දෙයි.

ඔබ මගේ ඇතුලාන්තය
මැවු සේක
මාගේ මව් කුසයෙහි මා
තැනු සේක
මම ඔබට තුති පුදමි
මන්ද මා ඔබට ගරු බිය දැක් විය
යුතුය.
ඔබේ සියළු ක්‍රියා අසිරිමත්ය
ඔබේ තරයේ මා දන්නා සේක.
මාගේ ඇටකටු සෑදෙන විට
මවු කුසයෙහි මා වැඩෙන විට
රහසිතගතව මා තැනෙන විට
මා එහි වූ බව ඔබ
දැන සිටි සේක
ඹා බිහි වන්නට පෙර
ඔබ මා දුටු සේක.
               (ගීතාවලිය 139/13-16)

සංක්‍රාන්ති ලිංගිකයා වෙනස් ලිංගිකයා මව් කුස තුළ ගොඩනැගෙන බව සමිඳුන් දැන සිටි සේකැයි අපි පිළිගත යුතුය. එසේ නම් සංක්‍රාන්ති ලිංගිකයා වෙනස් ලිංගිකයා අසිරිමත් මැවිල්ලක් ලෙස අප බාරගත යුතුය.

දරු ඵලය දේව මැවිල්ලක් සේම ත්‍යාගයක් බවත් දරු සම්පත දේවාශිර්වාදයක් බවත් ශුද්ධ බයිබලය තව දුරටත් පෙන්වා දෙයි.

දරු සම්පත
සමිදාණන්ගෙන් ලැබෙන දායාදයකි.
ඒ සම්පත
එතුමාගෙන් ලැබෙන ඉමහත්
ආශිර්වාදයකි.
           (ගීතාවලිය 127/3)

"සංක්‍රාන්ති ලිංගිකයාද වෙනස් ලිංගිකයාද දරු සම්පතකි. ඔවුන්වද මුළු මහත් සමාජයම ත්‍යාගයක් ලෙස භාර ගත යුතුය. ඔවුන්ට ආශිර්වාදයක් ලෙස බාරගත යුතුය.”

■ ඔව්හූද අපගේ අසල්වාසියෝ වෙති

මා ඔබට ප්‍රේම කලාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කළ යුතුය. ඔබගේ අසල්වාසියාට ප්‍රේම කරන්න.

මෙම LGBTQIQ+ ප්‍රජාව අපගේ අසල්වාසියන්ට අයත් නොවේ යැයි අපට කිව නොහැක.

ඔබගේ සංක්‍රාන්ති ලිංගික අසල්වැසියා ඔබගේ සමලිංගික අසල්වැසියාට ප්‍රේම කරන්න යන්න ප්‍රේමයේ පනතට ඇතුලත්ය. ස්වාමිනි මා මගේ LGBTQIQ+ සහෝදරයා සහෝදරියගේ රැකවලාදෙයි ඇසීමට කිතුනු ආධ්‍යාත්මය තුළ ඉඩක් නැත.

ඔව්හු තුළ ජේසු දුක් විඳිති.

ගතානුගතික කිතුනුවන් විශේෂයෙන් සමලිංගික ප්‍රජාව දෙස බලන්නේ ආගම් විනාශ කරන ලෝකයේ ශිෂ්ට පැවැත්ම විනාශ කරන විනාශකාරින් ලෙසය.

එහෙත් ඔව්හූ සියවස් ගණනාවක් පුරා ශිෂ්ට යැයි කියන සදාචාර මිනුම් දඩු සහිත අධිපතිවාදි සමාජ ක්‍රමය තුළ ඔව්හූ වින්දිතයෝ වෙති.

■ පීඩිතයාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස සලකන දෙවිඳුන් තුළ පිහිටා බලන විට ඔවුන් තුළ දුක් විඳින ජේසුව දකින්නට සැබෑ කිතුනුවාට හැකි විය යුතුය.

මේ වෙනස් ලිංගික ස්වභාවය හා යොමුව ඔවුන් විසින් තෝරාගත් දෙයක් නොවේ. එසේම එය අනාදිමත් කාලයක් තුළ ලෝකය තුළ පැවැති දෙයක් මිස වෙනත් දෙයක් නොවේ.

ජේසුගේ ඇසින් බලන විට අපට මෝසෙස්ගේ නීතියෙන් (පාවුළුගේ දේව ධර්මයෙන්ද) ඔබ්බට යාමට සිදුවීම අනිවාර්යයකි. මෝසෙස්ගේ දික්කසාද නීතිය ගැන එතුමා මෙසේ පැවසු බව මතකයට නගා ගමු.

“මෝසෙස් ඔබේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබේ සිත් දැඩිකම නිසාය. එහෙත් ආරම්භයේ සිට එසේ නොවේ.”

මෝසෙස් ස්ත්‍රී ඇඳුම් පුරුෂ ඇඳුම් ගැන සඳහන් කරන දේ එකී සංදර්භය තුළ ශාරීරික වෙනස තුළ ඇතිවන ප්‍රායෝගික තත්වයන් සමනය කිරිමේ සංතුලන රීතියක් ලෙස ඉදිරිපත් වූවක් මිස සමලිංගිකත්වය ගැන කතාවක් නොවේ.

ජේසු තුමා මෙසේ පැවසු බව මතක් කරගන්න. “ඇඳුමට වඩා ශරීරය අගනේ නොවේද ? ඇඳුම ශරීරය ආරක්ෂා කිරිමේ මාධ්‍යයක් පමණි.

අලුත් දූත කාර්යක්

සියවස් ගණනාවක් පුරා වෙනස් බව නිසාම පරිධියට තල්ලු කර දැමු, බැහැර කරනු ලැබු මේ ඒ නිසාම පීඩාවට පත්වූ දිවි නසා ගන්නා මේ ප්‍රජාව දෙස ජේසු කෙසේ බලනු ඇත්ද

“එඬි‍ෙරු නැති බැටළුවන් මෙන් ඔවුන් දුක් ගැහැට විදිමින් විසිර සිටියෝය. උන්වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ සේක. (මැතිව් 9/36) එසේ අනුකම්පා කරමින් උන්වහන්සේ මෙසේද පවසනු ඇත. මේ සමුහයා ගැන මට ඉතා කනගාටුය". (ලූක් 8/2)

එසේ කියමින් උන්වහන්සේ මේ ප්‍රජාවට එඩේරු වෙන්නට මේ ප්‍රජාව සඳහා එඩේරික දූත කාර්යයක යෙදෙන්නට අපව කැඳවන සේක.

එවන් දූත කාර්යයක් කිතුනු සභාවේ සුසමාදර්ශි වෙනසක් සළකුණු කරනු ඇත. විiාත්මක සොයා ගැනිම් තුළ සිදුවන ශුද්ධාත්ම අනාවරණයන්ට විවෘත නොවි අතීත අගතින් තුළ සිරවීම ශුද්ධාත්මයාණන්ට විරුද්ධ පාපයකි.

මෙහිදී මෙවැනි ප්‍රජාවන්ගේ දෙමව්පියන්ද පවුල්ද මේ විෂම පිළිගැනීම හා නිවැරදි අවබෝධයක් නොමැතිකම නිසා දුක් විඳති. ඔවුන්ටද මෙහි සැබෑ ස්භාවය තේරුම් ගැනීමටත් එයට මුහුණ දීමටත් උපකාර අවශ්‍යය. මේ ප්‍රජාව පිළිබඳ දූත කාර්යයේදී එයද අත්‍යාවශ්‍ය කොටසකි.

■ ගැලවීම ඔවුන්ටද විවෘතය.

දෙවියන් වහන්සේ සියලු දෙනාගේ ගැලවීම ගැන සැලකිලිමත් බව පෙන්වා දුන් එකල මිනිස් වර්ගයාගේ ගැලවීම උදෙසා දිවි දුන් කිතු තුමන්ගේ ඇසින් බලන විට මේ ඛඨඊඔූෂූ ප්‍රජාව ගැලවීමට අයත් නොවිය හැකිද ? ජීව විද්‍යාත්මක වෙනස්කම් හේතුවෙන් කෙනෙකුට ගැලවීම නොලැබි යුත්තේ යැයි කිව හැකිද

■ ඔව් හූ පව්කාරයෝද ?

ප්‍රැන්සිස් සුදතුම් පියතුමා පැවසු පරිදිම ඔවුන්ව විනිශ්චය කරන්නට මම කව්ද ?

පාවුළු තුමා කරන්නේ ජේසු එපා යැයි කී විනිශ්චය කරමින් ඔවුන් මාංශයේ වහල්ලු බවට පත්වීම දේව දඩුවමකැයි අර්ථ දැක්වීමයි.

ඔව්හූ පව්කාරයින් යැයි අපි මොහොතකට සිතමු. එසේ වූවද ඔවුන්ට ගැලවීම නැතැයි කීම ශුභරාංචියට පටහැනිය. පව්කරුවන් දෙස ජේසුගේ ඇසින් බලන විට අපි ඔවුන්ට ලංවි කටයුතු කළ යුතුය.

වැදගත් වන්නේ ඔවුන් එසේ වන්නේ සමාජ හේතුවක් මතද එසේ නැත්නම් විද්‍යාත්මක හේතුවක් මත එසේ විද යන්න ගැන වාද විවාද කිරිමට වඩා ඔවුන්ගේ පීඩාවෙන් ඔවුන් නිදහස් කර ගැනීමය.

සභාව තුළ ඔවුන්ගේ ගැලවීමට ඇති ඉඩකඩ තවමත් සීමිතය. ඒ නිසාම ශුද්ධ‍ොත්තම පියතුමා හා එතුමන් කාර්යාංශය මෙසේ විසඳුමක් ඉදිරිපත් කරයි. 

“පවුලක් තුළ විසීමට සමරිසි ප්‍රජාවට අයිතියක් තිබෙනවා. ඔවුන් දෙවියන්ගේ දරුවෝ. මේ නැඹුරුව නිසා ඔවුන් පවුලෙන් පන්නා දැමීමට, ඔවුන්ගේ ජීවිත කාලකන්නි කිරිමට අප නොහැකියි. සිවිල් නීතයක් මගින් ඔවුන්ව නෛතිකව ආරක්ෂා කිරීම කළ යුතුයි."                                            

Jesustoday.lk 5 වන වසර 37 වන සතිය 2021 නොවැම්බර් 21 වන ඉරිදා  

Comments powered by CComment