වසර අටකට පසු එකි ප්‍රකාශනයේ ඉතා වැදගත් කරුණු කීපයක් අප මෙසේ ඔබගේ අවධානයට ලක් කරනුයේ සංවාදයක් පිණිසය.

 

ප්‍රැන්සිස් පාප් තුමන්ගේ ශුද්ධොත්ම පිය මෙහෙවරේ පළමු වසරේදි හෙවත් 2013 නොවැම්බර් 24 වනදා ප්‍රකාශයට පත් කළ සුපුවතේ ආනන්දය අපොස්තලික අනුශාසනාවට වසර අටකි.

කිතුනු චින්තනයේ ඉතා වැදගත් සුසමාදර්ශි වෙනසක් සළකුණු කළ මෙම අනුශාසනාව කොතරම් දුරට ලාංකීය කතෝලික සභාව සැළකිල්ලට ගත්තේද ? එය සැබැවින්ම ප්‍රශ්නාර්ථයකි. ඊට පිළිතුර නම්, එය කිසිසේත්ම නිසි බරකින් සැලකිල්ලට නොගත් බවයි.

වසර අටකට පසු එකි ප්‍රකාශනයේ ඉතා වැදගත් කරුණු කීපයක් අප මෙසේ ඔබගේ අවධානයට ලක් කරනුයේ සංවාදයක් පිණිසය. මේ කරුණු ගැන ඔබේ අදහස් ප්‍රතිචාර ලියා එවන්න.

"සමහරු දිළින්දන්ට සහ දිළිදු රටවලට ඔවුන්ගේ ප්‍රශ්න මුල් කරගෙන දෝෂාර‍ෝපණය කිරීමෙන් සෑහීමට පත්වෙති. අසාධාරණ සහිත කාරණා මත තෘප්තිමත් වෙමින් ඔවුන් පවසන්නේ, දිළිින්දන්ව හීලෑ කොට උපද්‍රව්‍ය රහිත කරන එකම විසදුම "අධ්‍යාපනය" පමණක් බවයි."

"අද බොහෝ ස්ථානයන්හී ආරක්ෂාව සදහා විශාල අවශ්‍යතාවයක් ඇති බව අපට අසන්නට ලැබේ. එහෙත් සමාජයේ හා ජනතාව අතර කොන් කිරීම හා අසාමානතාවය තිබෙන තුරු අපරාධ මුලිනුපුටුා දැමීමට නොහැකිය."

"දේශීය වශයෙන් ජාතික වශයෙන් ‍හෝ ගෝලීය වශයෙන් යම් සමාජයක් එහි කෙළවරක වෙසෙන කොටසක් අතහැරීමට අභිමත කරන විට, දේශපාලන වැඩසටහන් හෝ සම්පත් නීතියේ ආධිපත්‍ය‍ හ‍ෝ සමාජ පද්ධතීන් ආවේක්ෂණ විසින් තහවුරු කරන්නේය."

"ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියාවක් ඉබේ හටගන්නවා නොවේ. සමාජ ආර්ථීක පද්ධතියේ මූල්‍යන්ගේ පවතින අසාධාරණත්වය නිසා හටග්නනකි."

"අද ආර්ථීක යාන්ත්‍රණය උනන්දු කරන්නේ අධිකතර පරිභෝජනයයි. එහෙත් පාලනය කළ නොහැකි තරමේ පරිභෝජනවාදය අසමානාතාවය සහ සම්බන්ධ වන විට සමාජ රාමුව ම දෙගුණයකින් පරිහානියට පත් වේ. අසාමානත්මතාවය ක්‍රමයෙන් අපරාධ උත්පාදන කරන අතර ඒවා ආයුධ මගින් කිසිදා විසදිය නොහැකිය."

"මුදල් හා ආර්ථීක ආධිපත්‍ය සැබෑ මනුෂ්‍ය අරමුණු ගිල දමන අතර අතීතයේ පැවැති රන් වස්සා වන්දනාව (නික්ම 32, 1-35) අද කාලයේ මුදලට පමණක් වන්දනා කිරීම තුළින් දක්වයි."

"ජීවිතය විශාන නොකරව" යනුවෙන් විධානයක් පවතිනුයේ මනුෂ්‍යය ජීවිතයේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමටය. අද අප එම "නොකරව" යන විධානයම කොන් කිරිමේ හෝ බැහැර කිරීමේ සහ අසමානතාවයේ අර්ථ ක්‍රමයක් වෙතද එල්ල කළ යුතු ය."

"වාසස්ථානයක් නැති මහලු මිනිසෙකු හිසට සෙවණක් නැතිවීමෙන් මරණයට පත් වීම ප්‍රවෘත්තියක් නොවී, කොටස් වෙළදපොළ අගය ඒකක දෙකකින් අඩු වීම ප්‍රවෘත්තියක් වන්නේ කෙසේද මෙය කොන් කිරීමේ හෝ බැහැර කිරීමේ එක්තරා තත්ත්වයකි." 

Jesustoday.lk 5 වන වසර 38 වන සතිය 2021 නොවැම්බර් 28 වන ඉරිදා   

 

Comments powered by CComment