දැන් රටේ ඇගළුම් කම්හල් ඇතුළු සැලකිය යුතු ආයතන පද්ධතියක් ක්‍රියාත්මක වේ. ඒ සියල්ල තරමට අධ්‍යාපනයද වැදගත්ය. අප ඉල්ලා සිටින්නේ අවම වශයෙන් අපොස උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පංති සඳහා කිසියම් වැඩ පිළිවෙලක් සකස්කර ක්‍රියාත්මක කිරිමට විදුහල්පතිවරුන්ට අවසර දෙන ලෙසය. දරුවන් ජංගම දුරකථන හා අනිකුත් උපාංග වලින් බලමින් සටහන් ලිවීම අභ්‍යාස ලියා ගැනීම ඒවා ඇති අයට පවා ඉතා නරක සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරයි. එසේම ඒවා නැති අයව කිසිසේත් ඉගෙනුමක් සිදු නොවේ.

කෝවිඩ් 19 වසංගතයෙන් පසු පාසල් අධ්‍යාපන බිඳ වැටීමට දැන් මාස 15 ක් සම්පූර්ණ වී තිබේ.

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. කොහොමටත් පවතින අධ්‍යාපන විෂමතාවය විශාල ප්‍රමාණයකින් ප්‍රසාරණය වී ඇත. පැවැත්වූ අපොස උසස් පෙළ හා අපොස සාමාන්‍ය පෙළ විභාග පැවැත්වූයේද බරපතළ විෂමතා සහිතවය. නියම මැදිහත්මක් සහිත ව්‍යාපාර තිබුණේ නම් ඒවාට අදාල මානව හිමිකම් නඩු ගොනු කළ හැකිය.

කෝවිඩ් 19 මාරාන්තික වසංගතය තුළ දරුවන් ආරක්ෂා කළ යුතු බවට විවාදයක් නැත. පාසල් වසා දැමිය යුතු තැන වසා දැමිය යුතුය. එහෙත් සැලසුමක් සහිතව කළ යුතුව තිබුණි. අවම වශයෙන් වසා දැමීම සඳහා ගුරුවරුන්ට හා ළමයින්ට එක් දිනක් දුන්නේ නම් විභාග සඳහා වන පංතිවලට යම් සැලසුමක් සකසා නිවාඩු දීමට තිබුණි. බලධාරින් ක්‍රියා කළේ එවැනි සරල සැලසුමක්වත් නැතිවය.

තෙවනි රැල්ල තුළ පාසල් වසා දමා මාස දෙකකට ආසන්න වෙමින් තිබේ. බලධාරින් ජනතාවට දරුවන්ට කිසිදු පැහැදිලි කිරීමක් සිදු නොකරති.

මෙය අසමත් වීමක් පමණක් නොවේ. නොසැලකිල්ල පමණක් නොවේ. ඉන් එහාට ගිය පාලක පංතින්ගේ අවශ්‍යතාවය පිණිස සිදු කරන අපරාධයකි.

දැනට රජය පැත්තෙන් කරන එකම දෙය ගුරුවරුන්ගෙන් ඔන්ලයින් ඉගෙනුමට අදාල වාර්තා ඉල්ලා සිටීම පමණි. ඒ හැරුනුවිට ඇත්තටම කරන්නේ ලංකාවේ අධ්‍යාපනය, පාලක පංතින්ගේ අවශ්‍යතාවලට හා පවතින ආර්ථීකයට සරිලන පරිදි සකස් කිරීමට ඉංග්‍රීසි මාධ්‍යයට සම්පූර්ණ අධ්‍යාපනය පරිවර්තනය කිරීම වැනි දුෂ්ට සැලසුම් ගැන කතා කිරීමත්, පීඩිත දිළිඳු දරුවන් අධ්‍යාපනයෙන් හලා දැමීමට මේ වසංගතය ස්වර්ණමය අවස්ථාවක් ආශිර්වාදයක් කර ගැනීමත්ය.

මේ වන විටත් විශාල පිරිසක් පාසල් අධ්‍යාපනයෙන් හැලී යමින් පවති. ඒ ගැන කිසිදු සොයා බැලීමක් සිදු නොවේ. කෝවිඩ් 19 ඉහළම ධන උපයන මාර්ගය වූ අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් පද්ධතියේ ලාභය සඳහා ගොදුරක් බවට රටේ ජනතාව පත් කරමින් සිටි. රජයට නැත්තේ හැකියාව නොවේ. අවශ්‍යතාවක් නැතිකමයි. ඔවුන්ගේ අවශ්‍යතාවය බිඳ දැමු පද්ධතිය තව තවත් බිඳ දැමීමයි.

දැන් රටේ ඇගළුම් කම්හල් ඇතුළු සැලකිය යුතු ආයතන පද්ධතියක් ක්‍රියාත්මක වේ. ඒ සියල්ල තරමට අධ්‍යාපනයද වැදගත්ය. අප ඉල්ලා සිටින්නේ අවම වශයෙන් අපොස උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පංති සඳහා කිසියම් වැඩ පිළිවෙලක් සකස්කර ක්‍රියාත්මක කිරිමට විදුහල්පතිවරුන්ට අවසර දෙන ලෙසය. දරුවන් ජංගම දුරකථන හා අනිකුත් උපාංග වලින් බලමින් සටහන් ලිවීම අභ්‍යාස ලියා ගැනීම ඒවා ඇති අයට පවා ඉතා නරක සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරයි. එසේම ඒවා නැති අයව කිසිසේත් ඉගෙනුමක් සිදු නොවේ.

අප යෝජනා කරන්නේ ඉහත කී පංතිවලට අවශ්‍ය සටහන් අභ්‍යාස හා පිළිතුරුද සහිත මුද්‍රිත පැකේජයක් සකස් කර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම විවිධ අනුව අදාල පාසලට පැමිණි ඒවා රැගෙන යාමට ළමුන්ගේ දෙමාපිය වැඩිහිටි අයට ඉඩ සලසා දෙන ලෙසයි. එසේ නැත්නම් අවසර ලබා දෙන ගුරුවරයෙක් හෝ දෙදෙනෙකු මගින් එය ළමුන් අතට පත් කරන ලෙසය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය පාසල් වෙත ලබා දෙන ලෙසයි.

රජය නොකළා වූවත් පාසල් පද්ධතිය තුළ තම දරුවන්ට අවශ්‍ය අනෙකුත් සහනයක්ද සමඟ මෙවැන්නක් හෝ කිරීමට කැමැති ගුරුවරු තවමත් අප පාසල් පද්ධතිය තුළ සිටි.
මේ හැරුනු විට පවතින තත්ත්වය තුළ වූවද අවශ්‍ය නම් කළ හැකි විකල්ප රාශියක් පවතින බව කිව යුතුය.

දැනටමත් සැලකිය යුතු ළමුන් පිරිසක් පවතින පීඩිව තුළ මානසික රෝගීන් වී ඇති බව වාර්තා වේ. උප දේශනය සඳහා යොමුවන පිරිසද ඉහළ යමින් ඇත. මධ්‍යම හා පහළ මධ්‍යම පාංතික දරුවන්ට දෙමාපියන් යම් ලෙසකින් උපකාර කළත් පීඩිත පංතියේ දරුවන්ගේ තත්වය බරපතලය. ලිංගික සබඳතා විවාහවීම් (පැන යාම්) ගැබ් ගැනීම් ළමා අපචාර සිදුවීම් රැසක් විවිධ ප්‍රදේශ වලින් වාර්තා වේ. යුනිසෙෆ් ආයතනයද ලංකාවේ ළමුන් ගැනත් ගෘහස්ථ පීඩාව ගැනත් පසුගියදද ප්‍රකාශ කර තිබුණි.

පවතින විභාග කේන්ද්‍රීය ක්‍රමය ඉතා නරක වූවත් දැනට පවතින ඒ ක්‍රමය තුළ අර්බුදයට ගොස් සිටින විභාග වලට මුහුණ දෙන දරුවන් සඳහා විශේෂ අවධානයෙන් යුතු ක්‍රමවේදයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

Jesustoday.lk 5 වන වසර 16 වන සතිය 2021 ජුනි 20 වන ඉරිදා

 

Comments powered by CComment