ඉහත කි පසුබිම සහිත සභාවක් තුළ වුවද එතුමා රදගුරු මඩුල්ලේ සභාපති ලෙස 1957 දි වර්ණබේදවාදය යනු සහජයෙන්ම නපුරු ක්‍රම දේවත්වයේ දැක්මට නොඑකඟ ක්‍රියාවලියක් ලෙස ප්‍රකාශයට පත් කරන කෙටුම්පකත් සකස් කළේය.

 

"මාගේ විශාලම අරගලය වන්නේ දකුණු අප්‍රිකානු රෝමානු කතෝලියින්ට සමාජ සාධාරණත්වය සඳහා ක්‍රියාකිරීම විකල්ප දෙයක් නොව අපගේ ඇදගිල්ලේ අත්‍යවශ්‍යම දෙයක් බව ඒත්තු වගැන්වීමේ අරගලයි"

එසේ පැවසුවේ, වර්ණබේදවාදී දකුණු අප්‍රිකාව තුළ ඊට එරෙහිව හඩ නැගු සුදු ජාතික රදගුරු ‍ඩෙනිස් හලරිය. එතුමාගේ ජීවිතය දෙස එබී බැලිම ක්‍රිස්තියානි සාක්ෂි දැරීම තේරුම් ගැනීමට ඉතා හොද කවුළුවකි. 

රොබන් දූපතේ ළමා කාලය.

1915 නොවැම්බර් මස 9 වනදා ඩෙනිස් ඉයුරින් හලරි දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි උපත ලැබුවේ ය. ඔහුගේ මව්පියන් දකුණු අප්‍රිකාවට පැමිණි අයර්ලන්ත සුදු ජාතිකයින් විය.

ඩෙනිස්ගේ පියා ප්‍රදිීපාගාර පාලකයෙකු වුයෙන් ඔහුගේ කුඩා අවදිය ගතවුයේ සුප්‍රකට රොබන් දූපතේ ය. අවුරුසු 16 දි ඔහු නිර්මල මරිය නිකායට (එම්. එච්. අයි) බැදුණේ පූජකවරයෙකුවීම සඳහාය පළමු වසර දෙක අයර්ලන්තයේ ඉගෙනීම ලැබූ ඩෙනිස් දර්ශනය හා දේව ධර්මය හැදෑරීමට රෝමයට ගියේය. වයස අවුරුදු 24 දි ඔහුට පූජකවරය ලැබුවේය.

ළාබාලම රදගුරු

එවකට ලෝකයේ ලාබාලම කතෝලික රදගුරුවරයා ලෙස ඩබර්න් හි රදගුරු තනතුරට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 31 විය.

ඉතා දක්ෂ ලේඛකයෙකු ව්‍යක්ත දේශකයෙකු වු ඔහු ලිබරල් අදහස් ඇත්තෙකු වු අතර ඔහුගේ රදගුරු ආදර්ශ පාඨය ලෙස තොරාගත්තේ “ආත්මයානන් සිටින තැන නිදහස ඇත.” යන්නයි.

1951 ජනවාරි 11 වන දින වයස අවුරුදු 36 ද ිඑතුමා ඩබර්න් හි අගරදගුරු ලෙස පත්විය.1952 දී ආරමභ කළ දකුණු අප්‍රිකකානු කතෝලික රදගුරු සමුළුවේ සභාපති ලෙස පත් වු එතුමා වසර 10 ක් පමණ එම තනකුර හෙබවුයේය. ඉන්පසු ද 1981 - 1987 දක්වා එම තනතුර හොබවන ලදී.

වර්ණභේද වාදයට එරෙහිව

උපතින් සුදු අප්‍රිකානුවෙකු වූවද වර්ණබේදවාදයට එරෙහිව හඬනැගු දකුණු අප්‍රිකානු කතෝලික සභාවේ පළමු නායකයා වුයේ එතුමාය. එසේ නැත්නම් පළමු නායකයින් අතර ප්‍රමුඛයා එතුමා විය.

දකුණු අප්‍රිකානු කතෝලික සභාව යනු එම යුගයේදි අති බහුතරය විදේශිය සුදු ජාතික පැවිදි හා පුජකවරුන්ගෙන් සැදුම් ලද්දක් විය. ඔවුහු ඉතා සූක්ෂම ලෙස වර්ණබේදවාදයට සහය පළකර අතර වතිකානය ද ඒ යුගයේ සිය පුජකයින් යොමු කළේ වර්ණභේදවාදයට ඉදිරියේ ආරක්ෂිතව ක්‍රියාවේ යෙදිමේ න්‍යාය දෙසටය. ඒ නිසා කතෝලික සභාව වර්ණභේදවාදයට අභායෝග කිරීමේන් පුදුමාකාර ලෙස ප්‍රවේශම් සහගත විය.

ඩෙනිස් හලරි රදගුරු තුමා ඒ පසුබිම තුළ ප්‍රබල ලෙස වෙනස් වූවෙකු විය. එතුමා වර්ණබෙදවාදයේ ප්‍රසිද්ධ විරුද්ධවාදියෙකු විය. ඉහත කි පසුබිම සහිත සභාවක් තුළ වුවද එතුමා රදගුරු මඩුල්ලේ සභාපති ලෙස 1957 දි වර්ණබේදවාදය යනු සහජයෙන්ම නපුරු ක්‍රම දේවත්වයේ දැක්මට නොඑකඟ ක්‍රියාවලියක් ලෙස ප්‍රකාශයට පත් කරන කෙටුම්පකත් සකස් කළේය.

දෙවන වතිකානු කතිකාව තුළ .

ඩෙනිස් හලරි රදගුරු තුමා දෙවන වතිකානු කතිකාව තුළ සැලකිය යුතු භූමිකාවක් ඉටු කළේය. එතුමා 1961 දි කතිකාවකට සූදානම් කිරීමේ මධ්‍යම කොමිශන් සභාවේ සාමාජිකයෙකු විය. එහිදි ඔහු දේශන 10ක් ලබාදුන් අතර ලිඛිත කරුණු හතරක් ඉදිරිපත් කළේය. එසේම එතුමා දෙව්සත්හල් හා කතෝලික අධ්‍යාපන කොමිශමටද තේරිපත් විය.

දෙවන වතිකනු කතිකා තොරතුරු තම රටේ ජනතාව අතරට ගෙනයාමට කතිකාව අතරතුරම එතුමා දකුණු අප්‍රිකානු කාතෝලික සභා සතිපතා පුවත්පත් වන “ද සදන් ක්‍රොස් ” සදහා ලිපි මාලාවක් සම්පාදනය කළේය.

එතුමා දෙවන වතිකානු කතිකාව හැදින්වුයේ මෙසේය.

’‘ලොව මෙතෙක් පැවැති වැඩිහිටි අධ්‍යාපනය පිළිබද විශෘලතම ව්‍යාපෘතිය මෙයයි.”

එතුමා වතිනු කතිකාවන් මතක සටහන් ගැන ලියු දෑ පසු කලෙක පොත් වශයෙන් පළවිය.

ඉදිරියට.......

Jesustoday.lk 5 වන වසර 37 වන සතිය 2021 නොවැම්බර් 21 වන ඉරිදා 

 

Comments powered by CComment