දිගින් දිගටම එතුමාට හමුදා පාර්ශවයන්ගෙන් මරණ තර්ජන එල්ල විය. අවස්ථා කීපයකදීම එතුමාව නිවාස අඩස්සියෙ තැබීමට රජය ක්‍රියා කළේය. තුන් වතාවක් එතුමාගේ රදගුරු නිවස අසල බෝම්බ පුපුරා ගියේය.

 

වියත් ලේඛකයා හා කතිකයා

වියත් ලේඛකයෙකු දක්ෂ හා බලපෑම් සහගත දේශකයෙකු වු එතුමා බුද්ධිමත් මිනිසෙකු විය. ඉංග්‍රීසි ජනවන්දනාව පිළිබද අන්තර්ජාතික කොමිශමේ සාමාජිකයෙකු සෛ්වය කළ එතුමා හයවෙනි පාවුළු පාප්තුමා යටතේ මෙන්ම දෙවන ජුවාම් පාවුළු පාප්තුමා යටතේද කාතෝලික සමාජ දර්ශනයට ජනවන්දනාවට අදුල විශ්ව ලේඛන අනුශාසනා ආදිය සම්පාදනයට දායක විය.

එතුමාට අවශ්‍ය වුයේ ඉංග්‍රීසි ජනවන්දනාව පිළිබද කොමිශම ප්‍රතිසංස්කරණය කරමින් එය මෙවන් වඩාත් ඵලදායක කිරීම වුවත් පසුව එතුමා ඒ පිළිබදව තැබු බලාපොරොත්තු සුන් කරගත් බව සදහන් වේ.

සමාජ සාධාරණත්වය උදෙසා.

දුප්පතුන් කෙරෙහි එතුමා තුළ වු සැලකිල්ල නිසාම වඩාත් සාධාරණය හා සාමකාමි සමාජයක් ගොඩනැගීමට එතුමා වෙහෙස ගත්තේය.

දකුණු අප්‍රිකානු සමාජය තුළ දේව රාජ්‍යයේ වටිකාකම් ගොඩනැගීමට ඇති ප්‍රධානම බාධාව ලෙස එතුමා වර්ණබේදවාදි ප්‍රතිපත්තිය දුටුවේය. ඒ නිසා වර්ණබේදවාදයට විරුද්ධ නොවි ක්‍රිස්තියානියට පක්ෂ සාක්ෂි දැරීමක් කළ නොහැකි බව එතකුමා තේරුම් ගත්තේ ය.

කළු මිනිසුන්ට වෙන්වු ප්‍රදේශවලදි පවා ඔවුන්ගෙ පැල්පත් ගිනිබත් කරමින් ඔවුන් නිවාස වලින් පළවා හරිමින් තම භූමියේම ඔවුන් සරණගතයන් බවට පත්කරන වර්ණබේදවාදි ප්‍රතිපත්තියට එරෙහිව එතුමා 1970 දශකය අග දිනපතා නිහඬ විරෝධයක් සිදු කළේ ය. සෑම දිනයකම කාලයක් මධ්‍යම ඩබර්න් තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරුවක් අතැතිව එතුමා පෙනී සිටියේ ය.

දකුණු අප්‍රිකානු සභාව වර්ණ බේදවාදයට එරෙහිව දක්වන දුර්වල ප්‍රතිචාරය ඉදිරියේ හලරි රදගුරු තුමා සමාජ සාධාරණත්වය සදහා කැපවු ඩයිකොනියා නම් කිනුනු ආයතනයක් ආරම්භ කළේය. පසු කළක දකුණු අප්‍රිකානු රදගුරු සම්මේලනයේ සහයක ආයතනයක් ලෙස එය ඩෙනිස් හලරි සාම ආයතනය ලෙස එය නම් කරනු ැබීය.

හමුදාවට බැඳීමට අකමැති අය උදෙසා.

දකුණු අප්‍රිකානු හමුදාවට බැඳීමට එරට තරුණ තරුණියන්ට බල කිරීමට රජය ක්‍රියා කලේය. හලරි රදගුරු තුමා එය දුටු අතර හෘද සාක්ෂියට අනුව හමුදාවට බැඳීමට අකමැති වූ තරුණ තරුණියන්ට ඔහු සහය පළ කළේය. ඔවුනට උදව් කිරීමට ඉදිරිපත් වුයේය. මේ ක්‍රියාවලිය රජයේ මෙන්ම සුදු අන්තවාදින්ගේ ද වෛරය එතුමාට එල්ල වීමට හේතු විය.

1984 දි දකුණු අප්‍රිකානු පොලිස් පනත උල්ලංඝනය කිරීම පිළිබද එතකුමාට චෝදනා එල්ලවිය. නැම්බියාවේ සිදුවුණු කුරිරු ක්‍රියාවන් පිළිබද එතුමා තොරතුරු ඉදිරිපත් කරමින් කථාකළ අතර ඒවා අසත්‍ය යැයි කියමින් රජය හා හමුදා එතුමාට චෝදනා ගොනු කළේය. එහෙත් එතුමා තමා කී සත්‍ය වෙනුවෙන් පෙනී සිටියේය. රජයට අවශ්‍ය වුයේ එතුමාගේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමටය. එහෙත් අවසාන්යේදී තමන් එල්ල කළ චෝදානා ඉල්ලා අස්කර ගැනීමට රජයට සිදුවු අතර එතුමාට වන්දියක් ගෙවීමට ද සිදුවිය.

හලරි නඩුව

පාලක ජාතික පක්ෂය තම දේශපාලන සතුරන් මර්ධනය කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක පනත යොදාගත්තේය. එම පන්තේ 29 වන වගන්තිය යටතේ රදවාගෙන සිටි විරුද්ධ පක්ෂ ක්‍රියාධරයෙකු වු පැඩි කැනරි නිදහස්කරගැනීම සඳහා රදගුරු හලරි හා තවත් කීප දෙනෙකු විසින් ආරක්ෂක ඇමතිට එරෙහිව නඩු පවරනු ලැබීය. එම නඩුව දකුණු අප්‍රිකානු අධිකරණ ක්ෂේත්‍රයේ “හලරි නඩුව” ලෙස නීති විද්‍යාල වල අදටත් ඉගැන්වේ . රදගුරුපාර්ෂවය නඩුව ජයග්‍රහනය කළ අතර එය දශක ගණනායක් තිස්සේ දකුණු අප්‍රිකාවේ සිවිල් අයිතිවාසිකම් පිළිබද වැදගත්ම සිවිල් නීතිය බවට පත් වූවේය.

රදගුරු හලරි කළු ජාතිකයින් බලයෙන් ඉවත් කිරීම සිදුකරන ඇතැම් අවස්ථාවලදි එයට විරෝධය දක්වනු සදහා කළු ජාතිකයින් අතරට ගියේය. ඔහු රාජ්‍යයට තමන් සිටින්නේ කළු පිඩිතයින්ගේ පැත්තේ මිස සුදු ආණ්ඩුවේ පැත්තේ නොවන බව ක්‍රියාවෙන්ම පෙන්නුවේය. එවන් බලහත්කාරි ඉවත් කිරීමකින් පසු කළු දරුවන් කීප දෙනෙකුම මියගොස් තිබෙන බව දැනගත් රදගුරු තුමා ඔවුන් පිළබද තොරතුරු රැස්තර ජනමාධ්‍යයට මුදා හැරියේය. එමඟින් මෙවැනි ක්‍රියා නිසා එතුමා වෙත රජය අප්‍රසාදය වඩ වඩාත් එල්ල විය.

රජයේ වෛරයට ලක්ව.

කළු ජාතිකයෙකු සුදු ආණ්ඩුවට විරුද්ධ වීමට වඩා මේ සුදු ජාතික රදගුරුවරයාගේ විරුදධවීම සුදු ආණ්ඩුව මෙන්ම සුදු අන්තවාදින්ගේ ද දැඩි වෛරයට හේතුවක් විය. මන්ද ලිබරල් සුදු ජාතිකයින්ගේ මනස් වෙනස්වීමට එය බලපාමින් තිබුණු අතර ජාත්‍යන්තරයට ද දැනෙන කරුණක් විය.

දිගින් දිගටම එතුමාට හමුදා පාර්ශවයන්ගෙන් මරණ තර්ජන එල්ල විය. අවස්ථා කීපයකදීම එතුමාව නිවාස අඩස්සියෙ තැබීමට රජය ක්‍රියා කළේය. තුන් වතාවක් එතුමාගේ රදගුරු නිවස අසල බෝම්බ පුපුරා ගියේය. එහෙත් එතුමා නොනැවති යුක්තිය සඳහා ක්‍රියා කළේය.

හලරි බලපෑම.

කුරිරු වු වර්ණබේදවාදය නිමාකර දකුණු අප්‍රිකාව 1994 ප්‍රජාතන්ත්‍රනාදය වෙතට මාරුවිම සුදු ජාතිකයින් විසින් භාරගන්නා තැනට පත්වීම සඳහා ඩෙනිස් හලරි රදගුරු තුමා සභාව තුළ කරන ලද විශ්වාසය මත පදනම් වු අඛණ්ඩ අරගලය ද විශාල බලපෑමක් කළ බව විචාරකයින්ගේ මතය වේ . විශේෂයෙන් එවැනි වෙනසක් සඳහා දකුණු අප්‍රිකානු කතෝලික සභාවේ හදවත් වෙනස් කිරීමට එතුමාගේ බලපෑම අතිමහත් මු බව පිළිගැනේ.

1992 එතුමා රදගුරු පදවියෙන් විශ්‍රාමගත් අතර ඉන්පසු 1998 දක්වා නටාල් විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස සේවය කලේය. ස්වකිය මෙහෙවර උදෙසා එතුමා ආචාර්ය උපාධි ඇතුළු දෙස් විදෙස් සම්මාන රාශියක් දිනාගෙන තිබේ. එතුමාගේ නමින් පිහිටුවා ඇති ඩෙනිස් හලරි සංගමය හා ඩෙනිස් හලරි අරමුදල රටවල් ගණනාවක පැතිරුනු සේවාවන් ඉටුකරනු ලබයි. එච්. අයි. වී ආසාධිතයින් ශ්‍රව්‍ය ආබාධිතදරුවන්, විරැකියාතරුණ තරුණියන් හා දකුණු අප්‍රිකාවට පැමිණෙන සංක්‍රාමණිකයින්ගේ ජීවිත ගොඩනැංවීමට සම සංගමය ක්‍රියාත්මක වේ.

2003 දී එතුමා මිය ගියේ ද නව අගරදගුරු පදවියේ පනස්වන සංවත්සරයට සහභාගි වී නිර්මල මරිය නිකායික වියපත් පියතුමන්ලාගේ වැඩිහිටි නිවාසය වෙත ආපසු යමින් සිටින අතරතුරදී ය.

අවසන්....

Jesustoday.lk 5 වන වසර 38 වන සතිය 2021 නොවැම්බර් 28 වන ඉරිදා   

Comments powered by CComment