මර්ධන රජයේ නායකයින් කියන කතාව දේව භාෂිතය ලෙස සැලකු මේ රදගරුැවර අදටත් පිළිතුරු නොදෙන ප්‍රශ්නය වන්නේ ඔවුන් හොඳින් ජීවත්වනවා යැයි ලියු මේරි බැස්ටියන් පියතුමා සිටින්නේ කොහේද කියාය.

 

මේරි බැස්ටියන් මැනුවල්පුල්ලේ පියතුමා හෙවත් ඔහුගේ සහෘදයින් "බැස්ටි" යන ආදර ඇමතුමෙන් හැඳින් වූ මන්නාරම් පදවියට අයත් කතෝලික පූජකතුමා මරා දමා මේ සටහන තබන 2022 ජනවාරි 6 වෙනිදාට වසර 37කි.

1985 ජනවාරි 6 වනදා අළුයම එකට පමණ හමුදා භටයින් වාන්කාලෙයි දෙම් මැදුරට අයත් ලැගුම් ගෙයි ජනලයෙන් තුවක්කු මානව විට ඔහු ඉංග්‍රීසියෙන් "please" කරුණාකර කියා මොරදි ඉල්ලුවේ ජීවිතයයි. ජනතාව වෙනුවෙන් කැපවීමට ජීවිතයයි. ජනතාව වෙනුවෙන්වී වැයවීමට ජීවිතයයි. සහසිකයන්ගේ වෙඩි උණ්ඩ ඔහුගේ ශරීර පසාරු කරගෙන යද්දි ඔහු අවසන් වරට හඬ නැගුවේ "අම්මා" යනුවෙනි.

ඔහුගේ කතාව මව්වරුන්ගේ දරුවන් බිළිගත් උතුරේ හා දකුණේ කතාවයි.

ත්‍ම්රි බැස්ටියන් පියතුමාගේ කතාව කිතුසර කණ්ඩායම ප්‍රකාශයට පත් කළ කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවුවෝ පොතේ සංක්ෂිප්තව සටහන්ව ඇත.

වර්ෂ ගණනාවක් ජනවාරි 06 වනදා එතුමාගේ සැමරුමට සහභාගි වී වන්කාලෙයි වැසියන් සමග කතා බහ කර ඇති අපිට එතුමාගේ ජීවිත සාක්ෂිය කොතරම් ප්‍රබල දැයි දැකීමට ජීවමාන සාක්ෂිය වන්නේ එම ජනතාවයි.

බැස්ටියන් නම ඇති බොහෝ දරුවන් වන්කාලෙයි සිටිති.

අපගේ මෙම සටහන එතුමාගෙන සාක්ෂි දැරීම ගැන නොවේ. දෙමළ වීම නිසාම තම සහෝදර පූජකයාව සිංහල වර්ගවාදි රජයේ වුවමනාව මත පාවා දුන් දකුණේ සභාවේ කිතුනුකම යටපත් කොට මතු වු ජාතිවාදි ප්‍රතික්‍රියාව ගැනය. මහ පාවාදීම ගැනය ඓතිහාසික කලු පැල්ලම ගැනය

පියතුමාව මරා දැමීම උතුරේ ජන සමාජය තුළ බලවත් කම්පනයක් ඇති කළේය. රජය වහාම ප්‍රකාශයක් නිකුත් කරමින් පියතුමා ත්‍රස්තවාදින් සමග ඉන්දියාවට පළා ගිය බව ප්‍රකාශ කළේය.

පියතුමා මුලින් අයත් වු යාපනයේ හා පසුව අයත් වු මන්නාරමේ පදවියේ රදගුරුවරු රජයේ ප්‍රකාශය අමුලික අසත්‍යයක් බවත්, හමුදාව එතුමාව මරා දැමු බවත් සෘජුව එක හෙළා ප්‍රකාශ කළෝය.

උතුරේ රදගුරුතුමන්ලාගේ ප්‍රකාශය අනුව වතිකානුවේ නිල මාධ්‍ය තුළ එතුමා මරා දැමීම ගැන පුවත පළ කරමින් ශෝකය ප්‍රකාශ කරමින් පුවතක් පළ කළේය.

එවකට පැවැති රජයට මෙය බරපතළ ජාත්‍යන්තර කලු පැල්ලමක් විය. එය මකා ගැනීම සඳහා එවකට ජනපතිවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා කොළඹ අගරදගුරුතුමාට කතා කරමින් රජයේ ප්‍රකාශය සනාථ කරන ලෙසත්, ඒ ගැන වතිකානයට ලියන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව දකුණේ සභා නායකයින් ක්‍රිියා කළේය. එවකට රදගුරු සමුලුවේ මහ ලේකම් වරයා වතිකානුවට ලියා එව්වේ රජයේ ස්ථාවරයයි. පියතුමා ඉන්දියාවේ ජීවතුන් අතර බවයි. ඒ අනුව වතිකානුව කළින් කළ ප්‍රකාශය තම නිල මාධ්‍යයෙන් ඉවත් කර එතුමා ජීවතුන් අතර සිටින බවට සටහනක් තම නිල මාධ්‍යයේ පළ කරනු ලැබුවේය.‍

සිංහල බෞද්ධ ලෙස බුදුදහම ජාතියට යටපත් කොට එහි සාරය විනාශ කරන ජාතිවාදි යතිවරයාන් සේම සිංහල කතෝලික කමක් ආරුඩ කරගත් ජාතිවාදි (අ)කතෝලික නායකත්වය ද ඉල්ලා ලැජ්ජා සහගත ලෙස එදා ඒ පාවා දීම කළේය. මරා දැමු පියතුමාව නැවත මරා දැමුවේය.

එය ලංකා ඉතිහසයේ සිංහල කතෝලික නිල නායකත්වයේ මහා පාවාදීමකි.

මර්ධන රජයේ නායකයින් කියන කතාව දේව භාෂිතය ලෙස සැලකු මේ රදගරුැවර අදටත් පිළිතුරු නොදෙන ප්‍රශ්නය වන්නේ ඔවුන් හොඳින් ජීවත්වනවා යැයි ලියු මේරි බැස්ටියන් පියතුමා සිටින්නේ කොහේද කියාය.

දිනපතා ජනතාවට තම අපරාධය ගැන ලයට ගසා ගන්නට ආරාධනා කරන මේ දේව ධර්මාචාර්යවරු තමන් කළ මේ පාවාදිම ගැන පසු කල‍ෙකවත් සමාව ඉලලීම තබා කනගාටුවන ප්‍රකාශ කිරීමක්වත් සිදු කර නැත.

දකුණේ සභා නායකත්ව අද පාස්කු ඉරුදින ප්‍රහාරයට යුකත්ය ඉල්ලන සේ එදා ක්‍රියා කළේ නම්, මේ රටේ යුද්ධයේ නාමයෙන් දස දහස් ගනණක් උතුරෙත් දකුණෙත් මිනිස්සු මරණයට පත් නොවීමට හොටඳටම ඉඩ තිබුණි.

වතිකානය පවා නොමග යැවු දකුණේ සභාව කළ ඒ මහ පාවාදිම මහා බොරු කිම නිවැරදි කරන තුරු දකුණේ සභාවට යුක්තිය සත්‍යය ගැන පෙනි සිටිමට සදාචාරාත්මක අයිතියක් ලැබෙන්නේ නැත. පාස්කු ඉරුදින ප්‍රහාරයට දින 1000 ක් ගත්ත වීම ගැන කතා කරමින් සත්‍ය යුක්තිය පතන දකුණේ කිතුනුවන් තේරුම් ගත යුතු තිත්ත ඇත්ත එයයි. 

 

Comments powered by CComment