ලෝකය ජෛව විවිධත්ව අර්බුදයක පවතින බව බොහෝ දෙනා පිළිගෙන ඇති අතර, බොහෝ වනජීවී ජනගහනය, සිංහයන්ගේ සිට කෘමීන් දක්වා  සීඝ්‍රයෙන් වද වීගෙන යති. මෙය බොහෝ විට සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ගොවිතැන සහ ගොඩනැගීලි සඳහා සත්ව වාසස්ථාන විනාශ කිරීම හේතුවෙනි. සමහර විද්‍යායින් සිතන්නේ  මනුෂ්‍ය සංහතිය රඳා පවතින ආහාර, පිරිසිදු ජලය සහ වාතය විනාශ කර බරපතල ප්‍රතිවිපාක ඇති කරමින් පෘථිවි ජීවයේ හයවන මහා වඳ වී යාම ආරම්භ වී ඇති බවයි.

සත්ව ජීවීන් නැවත හඳුන්වාදීමත් සමඟ ඇමසන් හා සයිබීරියාවේ නොකැලැල් ප්‍රදේශ පුළුල් විය හැකි බව විද්‍යායෝ පවසති -ඩේමියන් කැරිංටන් පරිසර සංස්කාරකගාඩියන් සගරාව - (සංෂිප්ත පරිවර්ථනයකි)

ලෝකයේ භූමියෙන් 3% ක් පමණක් එහි මුල් නිරෝගී සතුන්  හා සන්සුන් වාසස්ථාන සමඟ පාරිසරික වශයෙන් නොඉදුල්ව පවතින බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මිනිස් ක්‍රියාකාරකම් වලින් හානියට පත් නොවන මෙම කාන්තාර කොටස් ප්‍රධාන වශයෙන් ඇමසන් හා කොංගෝ නිවර්තන වනාන්තර, නැගෙනහිර සයිබීරියානු සහ උතුරු කැනේඩියානු වනාන්තර සහ ටුන්ඩ්‍රා සහ සහරා වල ඇත. බළලුන්, හිවලුන්, හාවන්, එළුවන් සහ ඔටුවන් ඇතුළු ඉක්මනින් ව්‍යාප්ත වන ආගන්තුක ජීවීන් ඕස්ට්‍රේලියාවේ මුල් ස්වදේශික විශේෂ සත්වයින් කෙරෙහි විශාල බලපෑමක් ඇති කර ඇති අතර, දූෂණය නොවු ප්‍රදේශ කිසිවක් ඉතිරි වී නොමැති බව අධ්‍යයනයෙන් හෙළිදරව් වී ඇත. අලි ඇතුන් හෝ වෘකයන් වැනි විශේෂ කුඩා සත්ව සංඛ්‍යාවක් හානියට පත් ප්‍රදේශවලට නැවත හඳුන්වා දීමට  පර්යේෂකයන් යෝජනා කරති. එමගින් ලෝකයේ භූමියෙන් 20% ක පමණ භූමි ප්‍රමාණයක් පාරිසරික ස්ථාවරභාවයට ගෙන ඒමට හැකිවේ යැයි ඔවුහු විශ්වාස කරති.

බොහෝ දුරට චන්ද්‍රිකා රූප මත පදනම් වූ පෙර විශ්ලේෂණයන් පෘථිවි පෘෂ්ඨයෙන් 20-40% අතර ප්‍රමාණයක් මනුෂ්‍යයන්ගේ බලපෑමට හසු නොවූ කාන්තාර ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. කෙසේ වෙතත්නව අධ්‍යයනයන් කර ඇති විද්‍යායින් තර්ක කරන්නේ සැවානා සහ ටුන්ඩ්‍රා වැනි වනාන්තර නොකැලැල් ලෙස ඉහළින් දිස්විය හැකි නමුත් එම වනාන්තර භූමිවල අත්‍යවශ්‍ය සත්ව විශේෂයන් ජීවත් නොවන බවයි. නිදසුනක් ලෙස අලි ඇතුන් බීජ පැතිරීම හා වනාන්තරවල වැදගත් එළි පෙහෙළි කිරීම් කරන අතර වෘකයන්ට මුවන් සහ ගෝනුන් ගහණය පාලනය කළ හැකිය.

නව තක්සේරුව මගින් සත්ව වාසස්ථාන වල සිදුවන මිනිස් හානිය පිළිබඳ සිතියම් පෙන්වන අතර සතුන් ඒවායේ මුල් පරාසයන්ගෙන් අතුරුදහන් වී ඇති බව හෝ නිරෝගී පරිසර පද්ධතියක් පවත්වා ගැනීමට නොහැකි තරම් අඩු සත්ව සංඛ්‍යාවක් ජීවත් වන බව හෝ පෙන්වන සිතියම් දැක ගන්නට ඇත. සමහර විද්‍යායන් පවසා සිටියේ නව විශ්ලේෂණ මගින් අඛණ්ඩව නොකැලැල්ව පවතින ප්‍රදේශ අවතක්සේරු කරන බවයි. මන්ද ශතවර්ෂ ගණනාවකට පෙර මෙම වනාන්තරවල ජීවත් වූ සතුන්ගේ පරාසය එතරම් ප්‍රසිද්ධ නොවූ අතර නව සිතියම් මගින් දේශගුණික අර්බුදයේ බලපෑම සැලකිල්ලට නොගන්නා අතර එම දේශගුණික අර්බූද  සත්ව විශේෂවල පරාසයන් වෙනස් කිරීමකට ලක් කරමින් පවතියි.

ලෝකය ජෛව විවිධත්ව අර්බුදයක පවතින බව බොහෝ දෙනා පිළිගෙන ඇති අතර, බොහෝ වනජීවී ජනගහනය, සිංහයන්ගේ සිට කෘමීන් දක්වා  සීඝ්‍රයෙන් වද වීගෙන යති. මෙය බොහෝ විට සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ගොවිතැන සහ ගොඩනැගීලි සඳහා සත්ව වාසස්ථාන විනාශ කිරීම හේතුවෙනි. සමහර විද්‍යායින් සිතන්නේ  මනුෂ්‍ය සංහතිය රඳා පවතින ආහාර, පිරිසිදු ජලය සහ වාතය විනාශ කර බරපතල ප්‍රතිවිපාක ඇති කරමින් පෘථිවි ජීවයේ හයවන මහා වඳ වී යාම ආරම්භ වී ඇති බවයි.

 “අඛණ්ඩ නොකැලැල් වාසභූමි ලෙස අප සලකන බොහෝ සත්ව වාසභූමි වලින්, මිනිසුන් විසින් දඩයම් කරන ලද නිසා හෝ සීඝ්‍රයෙන් බෝවන, වනාන්තර වලට ආගන්තුක සත්වයින් නිසා හෝ රෝග නිසා හෝ එම වාසභූමි වලට ආවේනික සත්ව විශේෂයන් අතුරුදහන් වී ඇත” යනුවෙන් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් හි ප්‍රධාන ජෛව විවිධත්ව ප්‍රදේශ අධ්‍යයනයේ ලේකම් කාර්යාලයෙ ප්‍රධාන කතුවරයා වන ආචාර්ය ඇන්ඩෘ  ප්ලම්ප්ටර් පැවසීය. හි “එය තරමක් භයානක ය, මන්ද යත් සෙරෙන්ගෙටි වැනි ක්‍රියාකාරි සම්පූර්ණයෙන්ම නොවෙනස්ව පවතින පරිසර පද්ධති වැනි අද්විතීය ස්ථානවල තත්ත්වය ඉන් පෙන්නුම් කරයි.  

“අපි දැන් සිටින්නේ එක්සත් ජාතීන්ගේ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ දශකය තුළ ය, නමුත් එය අවධානය යොමු කරන්නේ පිරිහුණු සත්ව වාසස්ථාන කෙරෙහි ය,” ඔහු පැවසීය. "විශේෂයන් මෙම වනාන්තර වලට විශේෂ සත්ව විශේෂයන් ප්‍රතිෂ්ඨාපනය කිරීම ගැන ද අපි සිතමු, එවිට අපට පාරිසරික වශයෙන් නොවෙනස්ව නොකැලැල්ව පවතින පරිසර පද්ධති ඇති මෙම ප්‍රදේශ ගොඩනඟා ගැනීමට උත්සාහ කළ හැකිය."

“මිනිස් බලපෑම තවමත් අඩු මට්ටමක පවතින ප්‍රදේශවල අහිමි වී ඇති සත්ව විශේෂයන් ඉලක්කගතව නැවත හඳුන්වාදීම තුළින් පාරිසරික නොඉදුල්ව පවතින ප්‍රදේශය 20% දක්වා ඉහළ නැංවිය හැකි අතර, එසේ වීමට නම් එම සත්වයින්ගේ පැවැත්මට ඇති තර්ජනවලට විසඳුම් ලබා දිය යුතුය” යනුවෙන් ප්ලම්ප්ටර් පැවසීය. එක්සත් ජනපදයේ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයට වෘකයන් නැවත හඳුන්වා දීම මගින් පරිසර පද්ධතිය පරිවර්තනය කළ බව ඔහු සඳහන් කළේය.

ජර්මනියේ තිරසාර සංවර්ධනය පිළිබඳ එබර්ස්වෝල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පියරේ ඉබිෂ් පැවසුවේ 3% ක භූමි ප්‍රමාණයක් නොකැලැල්ව තිබීම “පුරෝකථනය කළ හැකි විනාශකාරී”තත්වයක් බවයි. ඔහු පැවසුවේ “අනාගතයට අපව ගෙනයාමට සොබාදහමට සැලකිය යුතු ඉඩක් ලබා දිය යුතුයි. [නමුත්] සමහර ප්‍රදේශවලට සත්ව විශේෂ කිහිපයක් නැවත හඳුන්වාදීම තුළින් පවතින තත්ත්වයෙහි නොසිතු වෙනසක් ඇති කිරීමට සමත් වේ යැයි සිතිය නොහැක.” මෙම විශ්ලේෂණාත්මක අධ්‍යනය දේශගුණික අර්බුදය සැලකිල්ලට නොගන්නා බව ඉබිෂ් පැවසීය. “දේශගුණික විපර්යාස වේගවත් වීම, සමස්ත පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වයට දැඩි තර්ජනයක් බවට පත්වෙමින් තිබේ. ක්ෂීරපායි සත්වයින්ගේ ස්ථීර පැවැත්ම පිලිබද තොරතුරු ගෝලීය උණුසුම් යුගයේ ක්‍රියාකාරී පරිසර පද්ධතිය ගැන අපට බොහෝ දේ නොකියයි. ”

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් වොට්සන් මහතා මෙසේ පැවසීය. “මෙම අධ්‍යයනය මගින් පරිසර පද්ධති විද්‍යායින් විසින් පෘථවියේ පාරිසරික වශයෙන් නොවෙනස්ව පවතින ස්ථාන සිතියම් ගත කර සුරැකීමට දරන උත්සාහයන් අවතක්සේරු කරයි. එය මූලික වශයෙන් හොඳම අනුමාන වන සත්ව විශේෂ සඳහා සිතියම් භාවිතා කරයි, එයින් අදහස් කරන්නේ පරිසර පද්ධති ඇත්ත වශයෙන්ම තවමත් නොවෙනස්ව පවතින තැන් පිළිබඳ පණිවිඩය පැහැදිලිවම අවතක්සේරු කර ඇති බවයි. ”

විශේෂ සත්ව පරාස පිළිබද වූ සිතියම් සාපේක්ෂව දෙනු ලබන්නේ දළ අදහස්ක් බව ප්ලම්ප්ටර් පිළිගත්තේය. ඔහු මෙසේ පැවසීය: “ගැටළුව නම්, මේ වන විට අපට වෙනත් සිතියම් නොමැත.” විද්‍යායින් ඊළඟට නිශ්චිත කලාප කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර පාරිසරික වශයෙන් නොවෙනස්ව පවතින ස්ථාන හඳුනා ගැනීම සඳහා වඩාත් සවිස්තරාත්මක මානව බලපෑම් දත්ත සහ විශේෂ දත්ත භාවිතා කළ යුතු බව ඔහු පැවසීය.

ස්වාභාවික ලෝකයේ විනාශය නැවැත්වීම සඳහා 2030 වන විට රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් පෘථිවියේ තුනෙන් එකක් පමණ ආරක්ෂා කිරීමට තම කැපවීම ප්‍රකාශ කර ඇත. “මෙම [නොවෙනස්] ස්ථාන සංරක්ෂණය කිරීමට උත්සාහ කිරීම ඉතා වැදගත්” යැයි ප්ලම්ප්ටර් පැවසීය. "ඒවා ඉතා දුර්ලභ හා විශේෂිත වන අතර, මිනිසුන්ට විශාල බලපෑමක් කිරීමට පෙර ලෝකය කෙබඳු වීද යන්න අපට පෙන්වමින්, අපට කොපමණ ප්‍රමාණයක් අහිමි වී ඇත්දැයි මැන බැලීමට උපකාරී වේ."

පරිවර්තනය ශෙරාඩ් ජයවර්ධන පියතුමා

Jesustoday.lk 5 වන වසර 14 වන සතිය 2021 ජුනි 06 වන ඉරිදා

 

Comments powered by CComment