කෘෂි කර්මාන්තයේ ප්‍රධාන ආකාර දෙක වන භෝග වගාව හා සතුන් වගාව සඳහා විශාල භූමි පරිභෝජනයක් සිදුවන අතර සැබෑම ප්‍රශ්නය වන්නේ අධික ලාභ සඳහා අධික ලෙස භූමියේ සාරය සූරාකෑමයි. කෘෂි කර්මය යනු තව දුරටත් මානව වර්ගයාගේ කුසගින්න නිවීම පිළිබඳ ක්‍රියාන්විතයක් නොව ලාභය උදෙසා ආයෝජනය කරන ක්‍රියාන්විතයක් වූ පසුව

භූමියට විවේකයක් නොදී දිගින් දිගටම වගා කරන විට භූමියේ සාරය අඩු වේ. එහි ප්‍රතිඵලය ලෙස ඵලදාව අඩු වේ. පොහොර අවශ්‍ය වන්නේ ඒ නිසාය.

සාමාන්‍යයෙන් සොබාදහම තුළ වගාවට අදාලව වන මතුපිට පසට අවශ්‍ය සාරවත්භාවය සොබාවික පවත්වාගන්නා ක්‍රියාවලියක් තිබේ. ඒ ක්‍රියාවලිය සඳහා හෙවත් භූමියේ සාරයේ ප්‍රතිඋත්පාදනය සඳහා භූමියට යම් කාලයකට වරක් නිවාඩු දීමේ ස්වර්ණමය රිතියක් ශුද්ධ වූ බයිබලයේ ති‍‍බේ. එය සබත් නීතිය ලෙස සැලකේ. වසර හයක් වගාකොට හත්වන වසරේ භූමියට නිවාඩු දින යුතුය.

“අවුරුදු හයක් නුඹලාට කෙතේ වැපිරිය හැකිය. මිදි වතුවල අතු පෑගිය හැකියි. ඒවා කප්පාදු කොට ඵල නෙලාගත හැකිය. එහෙත් හත්වන අවුරුද්දේ දී ස්වාමින් වහන්සේ උදෙසා දේශයට සබත් විවේකයක් දිය යුතුය. ඒ අවුරුද්දේදී නුඹලා නොවපුල යුතුය.” (ලෙවි 25/3-7)

මේ නියමය පොළවේ සාරය ප්‍රතිඋත්පාදන කරන්නාවුද නිෂ්පාදන මාධ්‍ය ලෙස භූමියට ගරු කරන්නාවුද නියමයකි. එය දෙවියන් වෙනුවෙන් කළ යුත්තකි. පැහැර නොහැරිය යුත්තකි.

මානව වර්ගයා කෘෂි කර්මාන්තයට පිවිස ගත වී ඇත්තේ වර්ෂ 12000 ක් පමණ කෙටි කාලයකැයි විද්‍යාඥයින් පවසති. ගස්වැල් හා සතුන් ගෘහාශ්‍රීතව ඇති කිරිම පටන් ගැනීමත් මිනිසා ස්ථීර වාසස්ථාන බිහිවීමත් ඇරඹි ගෙවි ඇත්තේ කෙටි කාලයක් වූවද ඉතිහාසය තුළ එහි බලපෑම සුවිශාලය.

මිනිසා එදිනෙදා භෝජනය සඳහා කෘෂි කර්මාන්තයේ යෙදීම පරිසරයට බලපෑම් කෙරූවද එය බරපතල ගැටළුවක් බවට පත්වන්නේ ‘ලාභය’ මුල් කරගෙන මහ පරිමාණ කෘෂි කර්මාන්තය ඇරඹීමත් සමඟය. අනිත් අතින් දියුණුව සංවර්ධනය හා ජනගහනයේ වර්ධනය විසින් පෘතුවියේ භූමියෙන් විශාල ඉඩකඩ ප්‍රමාණයක් අනෙකුත් කටයුතු වලට යෙදීමත් සමඟ භූමිය හා ජලය යන කෘෂි කර්මාන්තවට අවශ්‍ය ප්‍රධාන සාධක දෙක පිළිබඳ ගැටළු මතු විය.

කෘෂි කර්මාන්තයේ ප්‍රධාන ආකාර දෙක වන භෝග වගාව හා සතුන් වගාව සඳහා විශාල භූමි පරිභෝජනයක් සිදුවන අතර සැබෑම ප්‍රශ්නය වන්නේ අධික ලාභ සඳහා අධික ලෙස භූමියේ සාරය සූරාකෑමයි. කෘෂි කර්මය යනු තව දුරටත් මානව වර්ගයාගේ කුසගින්න නිවීම පිළිබඳ ක්‍රියාන්විතයක් නොව ලාභය උදෙසා ආයෝජනය කරන ක්‍රියාන්විතයක් වූ පසුව අඩු පිරිවැයකින් වැඩි ලාභ ලැබීම මෙන්ම වැඩි පිරිවැය මගින් වටිනාකම් ඉහළ නැංවීමද සිදු වේ. මෙම ක්‍රියාන්විතයන් තුළ පරිසර සංතුලනය අමතක කළ රසායනික පොහොර අධි භාවිතය ලොව පුරා වර්ධනය විය. ‘හරින විප්ලවය’ නමින් පෙරට ආවේ හුදෙක් විද්‍යාත්මක වර්ධනයක් පමණක් නොව ලාභ වර්ධනයක්ද වීමයි ගැටළුව.

පොහොර මූලික වශයෙන් රසායනික ක්‍රියාවලියකින් පසට සාරවත් බවක් ගෙන දෙයි. කාබනික පොහොර කිවුවද සිදුවන්නේ පස සරු කිරිමේ රසායන ක්‍රියාවලියකි. කෘතිමව සකසන රසායන පොහොරවලට වඩා පරිසර හිතකාමී ස්වභාවික කාබනික පොහොර යෙදිය හැකි නම් හා එමගින් පරිසර හිතකාමි කෘෂිකර්මාන්තයක් කළ හැකි නම් එය ඉතා යෝග්‍යය.

නමුත් අප ඒ වෙත යා යුත්තේ ‘ලාභය’ මුල්කරගත් තවත් ආයෝජන ව්‍යාපෘතියක වින්දිතයෙකු වන ආකාරයටවත්, රටේ ජනතාවගේ ජීවිත අර්බුදයකට ලක් කරන ආකාරයටවත් නොවේ.

කෝවිඩ් 19 ට පෙර විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණේ පෘතුවි ගෝලයට එකතුවන මිනිස් හා සත්ව මළ අපද්‍රව්‍ය තුළින් මතු විය හැකි බැක්ටීරියාවකින් දැවැන්ත වසංගතයක් ඇති විය හැකි බවයි. විශේෂයෙන් සත්ව වගාවන් හෙවත් සත්ව ගොවිපල වල සතුන් සදහා විශාල ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණයක් ලබා දෙන අතර ඉන් 30% - 40% අතර ප්‍රමාණයක් සත්ව මළ සමග පිට වේ. ඒ මළ අපද්‍රව්‍ය තුළ ඇතිවන බැක්ටීරියාවන් ප්‍රතිජීවක ‍ඖෂධවලට ඔරොත්තු දෙමින් වර්ධනය වන බැක්ටීරියා වේ. ඒ බැක්ටීරියා ඇසුරින් ඇතිවන රෝග වලට දැනට භාවිතා කරන ප්‍රතිජීවක ප්‍රමාණවත් නොවීම මගින් දරුණු සෞඛ්‍ය අර්බුදයක් ඇති විය හැකි බව විද්‍යාඥයින් අවා ඇත. ඒ නිසා පියවරින් පියවර ගොඩනැගෙන විද්‍යාත්මක ක්‍රියාවලියකින් තොරව පාලකයින් හා සමීප දෙස් විදෙස් ධනවතුන්ගේ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස කඩිමුඩියේ කෙරෙන කාබනික පොහොර ක්‍රියාන්විතයක් රටත් ජනතාවක් අනතුරට හෙළීමට බොහෝ ඉඩ කඩ ඇත.

දැනටමත් ගෙන්වා ඇති පොහොර සඳහා අවසර දිය නොහැකි බව විශේෂඥයින් දැනට පවතින නීතිමත පදනම් ව කියා සිටියි. පාරිසරික ක්‍රියාධර නීතිඥ ජගත් ගුණවර්දන පවසා තිබුණේ පවතින නීති තුළ කිසීම කාබනික පොහොරක් ආනයනය කිරිම නීති විරෝධි බවයි.

පාලකයාගේ කැමැත්ත නීතිය බවට පත් වී දඩිබිඩි පිලිවෙතකින් කාබනික පොහොර ආයෝජන ක්‍රියාන්විතය සිදුවීමට ඇති ඉඩකඩ වලක්වා ගත යුත්තේ නිසි පරිසර හිතකාමි කෘෂිකර්මාන්තයකට උද්ඝෝෂණය කරන අතර තුරයි.

Jesustoday.lk 5 වන වසර 15 වන සතිය 2021 ජුනි 13 වන ඉරිදා

Comments powered by CComment