ගෝලීය උනුසුම නම් පාරිසරික ප්‍රශ්නය පිටුපස ඇත්තේ පරිසරය නොසලකා හරිමින්, පරිසරය භක්ෂණය කරමින් සිදු කරන ප්‍රාග්ධනවාදී සංවර්ධනයයි.

 

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට නිරිත දිග මෝසම් වැස්ස ලැබෙන කාලයක් මේ. අප්‍රියෙල්, මැයි මාසවල පැවැති දාහය තුනි වී ගිය සිහිල්බවක් බොහෝ ප්‍රදේශවල පවතිනවා.

ඒත් මේ දිනවල ලෝකයේ ප්‍රදේශ ගණනාවක දැවැන්ත උනුසුමක් පවතිනවා. මැද පෙර දිග කලාපයේ වගේම කැනඩාව වගේ උත්තරාර්ධ ගෝලයේ ඉහළින්ම තිබෙන රටවලත් මේ උනුසුම වාර්තා වෙනවා.

මේ සටහන තබන ජූලි 11 වනදා කුවේටයෙන් වාර්තා වුණා සේල්සිස් අංශය 60 ඉක්මවූ උනුසුමක්. එය සිතා ගත නොහැකි තත්වයක්. මැද පෙරදිග ජනයා නම් යම් පමණක ඉහළ උස්ණත්වයකට අනුගතවූවන්

කැනඩාව පසුගිය සති දෙකේ මුහුණ දුන්නේ ඔවුන්ගේ ඉතිහාසයේ ඉහළම උස්ණත්වයට. ජූනි 29 වැනිදා ‘එය සටහන් වූයේ සේල්සියස් අංශක 49.6 ක් ලෙසයි. මේ අධික උනුසුම් වීම නිසා එක් දිනක් තුළ 150 දෙනෙකු මිය ගිය අතර සතියක් තුළ මරණ 500 ක් පමණ වාර්තා වී තිබෙනවා.

මෙම අධික උනුසුමට හේතුව හදිසියේ උනුසුම් වායුධාර හට ගැනීම බවයි. විද්‍යාඥයින්ගේ  මතය. කැනඩාව වැනි සීත දේශගුණයක් පවතින රටකට ඔරොත්තු දිය නොහැකි මට්ටමෙ උණුසුම් වීමක් ඇති වීම පසු පස ඇත්තේ පෘතුවි උෂ්ණත්වය ඉහළ යාම හෙවත් ගෝලීය උනුසුම ලෙස හඳුන්වන පාරිසරික ප්‍රශ්නයයි.

ගෝලීය උනුසුම නම් පාරිසරික ප්‍රශ්නය පිටුපස ඇත්තේ පරිසරය නොසලකා හරිමින්, පරිසරය භක්ෂණය කරමින් සිදු කරන ප්‍රාග්ධනවාදී සංවර්ධනයයි.

පසුගිය මාසයේ ශ්‍රී ලංකාවෙ පැවැති ගංවතුර තත්ත්වය නිසා 13 දෙනෙකු පමණ මිය යාම තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් වූයේ රටේ පවතින ව්‍යාජ මාධ්‍ය භාවිතය හා දේශපාලන දෘෂ්ටිවාද ගොඩනැංවීම මතයි.

ප්‍රැන්සිස් සුදතුම් පියතුමාගේ වචනවලින් කියනවා නම් මිනිසෙකු කුසගින්නේ මිය යාම පුවතක් නොවන කොටස් වෙළඳපොළ දර්ශකයක් අඩුවීම පුවතක් වන ගෝලීයකරණය තුළ කාලගුණ විපර්යාස වල දේශපාලනය වසා දමා තිබේ. එහෙත් ගංවතුරෙන් හා උනුසුමෙන් මිය යන මිනිසුන් තුළින් ඇසෙන කාලයේ සළකුණ කියවා නොගැනීම හෙට දිනකදි මානව සංහතියේම මළගම ලියවීමට මඟ පාදනු ඇත. අප ඊට ඉඩ නොදිය යුතුය.

Jesustoday.lk 5 වන වසර 20 වන සතිය 2021 ජූලි 18 වන ඉරිදා

Comments powered by CComment