අපේ ගෙවත්තේදි අපි දකින සුදු රෙදි හොරා හා අවිච්චියා දුඹුරු මැසිමරා වැනි කුරුල්ලෝ කිචි බිචි කියමින් පවසන සුභාරංචිය කුමක්දැයි ඔබ මොහොතකට සිතුවාද ?

 

නිහැරි කුරුල්ලන් යනු සංක්‍රමණික කුරුල්ලන්ය. එනම් ඒක රටකින් සමහර විට එක් මහද්වීපයකින් තවත් රටකට, මහද්වීපයකට ගමන් කරන කුරුල්ලන්ය.

ඇතැම් විට මේ කුරුල්ලෝ සැපතයුම් දහස් ගණන් පියඹා යයි. මහද්වීප කිහිපයක් හරහා පියඹා යති.

සංක්‍රමණික කුරුල්ලන් පිළිබඳ වර්ෂයක් තුළ ජාත්‍යන්තර දින දෙකක් වෙන් කර තිබීම සුවිශේෂි කාරණයකි. ඒ දින දෙක නම් මැයි 9 හා ඔක්තෝම්බර් 10 වේ.

මෙසේ දින දෙකක් වෙන් කිරීමට හේතුව කුමක්ද ?

ප්‍රථමයෙන් නිහැරි කුරුල්ලන්ගේ දිනය ලෙස වෙන් කෙරුණේ ‍මැයි දෙවන සති අන්තයයි. එම දිනය යොදා ගැනුනේ යුරෝපය හා ඇමරිකාව මුල් කරගෙන නිහැරි කුරුල්ලන් සැමරීම සඳහායි. නමුත් ඒ කාලය තුළ ඝර්ම කලාපීය රටවල නිහැරි කුරුල්ලන් ගැන අත්දැකීමක් නැති නිසා ඒ දිනය එතරම් අවධානයට ලක්වුණේ නෑ. අන්ත ඒ නිසා ඝර්ම කලාපීය රටවල් නිහාරි කුරුල්ලන් අත්දකින කාලය මුල්කරගෙන ඔක්තෝම්බර් දෙවැනි සෙනසුරාදා ද නිහාරි කුරුල්ලන්ගේ දිනය ලෙස නම් කෙරුනා.

ඒ අනුව දැන් එකම තේමාවක් සැමරීම සඳහා වර්ෂයේ වෙනස් කාල දෙකක ලෝකයේ වෙනස් භූගෝලීය ප්‍රදේශවලට දින දෙකක් වෙන් වී තිබෙනවා.

පක්ෂි විද්‍යාඥයින් විසින් මේ සංක්‍රමණික කුරුල්ලන් ගමන් ගන්නා ප්‍රධාන මාර්ග පහක් හඳුනාගෙන තිබෙනවා. ඒ මාර්ග අතරින් ආසියාවට සම්බන්ධයක් තිබෙන ප්‍රධාන මාර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි මධ්‍යම ආසියානු සංක්‍රමණ මාර්ගය හා නැගෙනිහර ආසියානු හා ඔස්ට්‍රිලියානු සංක්‍රමණ මාර්ගයය.

ශ්‍රී ලංකාව ඇතුළත් වන්නේ මධ්‍යම ආසියානු සංක්‍රමණ මාර්ගයට එය සංක්‍රමණ මාර්ග අතරින් කෙටීම සංක්‍රමණ මාර්ගය වෙනවා සේම වඩාත්ම තර්ජනයට ලක් වු සංඥාවණ මාර්ගය ලෙස සැලකෙනවා.

මෙම සංක්‍රමණ මාර්ගයට ආසියාව, යුරෝපය, ඔස්ට්‍රිලියාව, අප්‍රිකාව හා ඇන්ටාක්ටිකාව යන මහද්වීපය පහට අයත් රටවල් 30 ක් පමණ ඇතුලත් වෙනවා.

ඇත්තටම සංක්‍රමණික මාර්ගයන් තුළ මේ කුරුල්ලන් පසු කරන දුර මෙන්ම භූගෝලීය වෙනස්කම් දිහා බැලුවම එය අපව විශ්යමට පත් කරනවා.

ආක්ටික් සංක්‍රමණ කුරුල්ලෙක් තමන්ගේ ශීත සෘතු නවාතැන තැනීමට ඉන්දියානු උප මහද්වීපයට පැමිණීමට නම් ප්‍රථමයෙන් සුවිශාල මධ්‍යම සයිබීරියානු සානුව පසු කළ යුතුයි. ඉන්පසු ගෝබි හා තක්ලමාන් කාන්තාර පසු කළ යුතුයි. ඊටත් පසු ලෝකයේ පියස්ස වත ටිබෙට් සානුවත් ඉන් ඕබ්බෙහි හිමාල කඳු වැටි ප්‍රදේශයත් තරණය කළ යුතුයි. ඇතැම් සාක්ෂි වර්ග මේ ගමනේදි එවරස්ට් කඳු මුදුනටද ඉහළින් පියාසර කරයි.

අපේ ගෙවත්තේදි අපි දකින සුදු රෙදි හොරා හා අවිච්චියා දුඹුරු මැසිමරා වැනි කුරුල්ලෝ කිචි බිචි කියමින් පවසන සුභාරංචිය කුමක්දැයි ඔබ මොහොතකට සිතුවාද ?

දේශ සීමා බෙදුම් රේඛා යනු මිනිසුන් ධනය බලය උදෙසා අදිනු ලැබු දුෂ්ට මායිම් පමණි. ලෝකය තනි යායකි. මේ නිහැරි කුරුල්ලන් පවසන සුභාරංචිය එයයි. අපි ඊට අවදි වෙමු. නිහැරි කුරුල්ලන්ගෙන් උගනිමු.

Jesustoday.lk 5 වන වසර 33 වන සතිය 2021 ඔක්තෝම්බර් 24 වන ඉරිදා 

Comments powered by CComment