දැනට එක්සත් ජාතින්ගේ පරිසර සමුළුව ඇතුළු බොහෝ පාරිසරික සම්මුතින් ක්‍රියාවට නැංවීමට බාධා කරන්නේද තමන්ගේ ආර්ථීක ඉලක්ක ප්‍රධාන කොට ගෙන ක්‍රියා කරන සංවර්ධිත යැයි කියාගන්නා රටවල් වේ.

‘දේශගුණික විපර්යාස පිලිබඳ එක්සත් ජාතින්ගේ සමුළුව 2021’ හෙවත් Cop 26 සමුළුව” අද ඔක්තෝම්බර් 31 සිට නොවැම්බර් 12 දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරදි පැවැත් වේ.

දේශගුණික විපර්යාසයන් හී අහිතකර බලපෑම් අවම කිරීම සඳහා වන ක්‍රියාරාමු සම්මුතියට එක් වී සිටින සාමාජික රාජ්‍යයන් 165 ක නියෝජිතයින් මේ සමුළුවට සහභාගී වීමට නියමිතව ඇත.

දේශගුණික විපර්යාස වලින් සිදුවන හානි වලින් වැඩි පුරම බැට කන්නේ ඊට වැඩිපුර දායක නොවන සංවර්ධනය වෙමින් පවතින රටවල් වේ. දැනට එක්සත් ජාතින්ගේ පරිසර සමුළුව ඇතුළු බොහෝ පාරිසරික සම්මුතින් ක්‍රියාවට නැංවීමට බාධා කරන්නේද තමන්ගේ ආර්ථීක ඉලක්ක ප්‍රධාන කොට ගෙන ක්‍රියා කරන සංවර්ධිත යැයි කියාගන්නා රටවල් වේ.

මෙවර ක‍ොප් 26 ට රැස්වන රාජ්‍ය නියෝජිතයින්ට, හෙට නොව අදම වහාම ක්‍රියා කිරීමට බලපෑම් කරන ගෝලීය මහජන පෙත්සමක් සංවිධානය කිරීමට ලෝකයේ අවධානය දිනාගත් තරුණ පරිසර ක්‍රියාධරියන් තිදෙනෙකු ක්‍රියා කොට තිබුණි.

ඔවුන් නම්, ස්වීඩනයේ ග්‍රේටා තුන්බර්ග්, උගන්ඩාවේ නෙකිතා වැනෙසා හා පෝලන්තයේ ඩොමිනිකා යන තරුණියන්ය.

ඔවුන් පවසන්නේ 

    • වාර්ෂික විමෝචන අඩු කිරීම් සමඟින් 1.5°C හි වටිනා ඉලක්කය සජීවීව තබා ගන්න .  
    • සියලුම ෆොසිල ඉන්ධන ආයෝජන , සහනාධාර සහ නව ව්‍යාපෘති වහාම අවසන් කර නව ගවේෂණය සහ නිස්සාරණය නතර කරන්න.
    • සියලු පරිභෝජන දර්ශක, සැපයුම් දාම, ජාත්‍යන්තර ගුවන් සේවා සහ නැව්ගත කිරීම සහ ජෛව ස්කන්ධ දහනය සඳහා සම්පූර්ණ විමෝචනය ප්‍රකාශයට පත් කිරීමෙන් නිර්මාණාත්මක කාබන් ගිණුම්කරණය අවසන් කරන්න .
    • දේශගුණික විපත් සඳහා අමතර අරමුදල් සමඟ වඩාත් අවදානමට ලක්විය හැකි රටවලට පොරොන්දු වූ ඩොලර් බිලියන 100 ලබා දෙන්න .
    • කම්කරුවන් සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන සහ සියලු ආකාරයේ අසමානතාවයන් අවම කරන දේශගුණික ප්‍රතිපත්ති පනවන්න .

වෙනස ඇති කිරීමට අවශ්‍ය වන්නේ එක් ආශ්වාදජනක නායකයෙකු පමණි . දේශගුණික විපර්යාස යනු අපගේ සමාජය යහපත් ලෙස රැඩිකල් ලෙස පරිවර්තනය කිරීමට ස්වර්ණමය අවස්ථාවකි. එය අධිෂ්ඨානශීලී, දූරදර්ශී නායකත්වයට ද අවස්ථාවකි. ඒ සඳහා ඉමහත් ධෛර්යයක් අවශ්‍ය වනු ඇත -- නමුත් ඔබ නැගිටින විට බිලියන ගණනක් ඔබ පිටුපසින් සිටින බව දැනගන්න.

Jesustoday.lk 5 වන වසර 34 වන සතිය 2021 ඔක්තෝම්බර් 31 වන ඉරිදා 

 

Comments powered by CComment