ආගමන කාලය හෙවත් ඇඩ්වෙන්ට් කාලය අපට මතක් කරන්නේ උදාවීමට නියමිත අනාගත යුගයක් ගැනයි. එනම් ක්‍රිස්තියානියේ අරමුණ වන දේව රාජ්‍යයේ උදාව ගැනයි.

සිංහාසනයත් ඔටුන්නත් එසේම තිබිය දී ඊට විටින් විට යම් අයකු පත් කිරිම ක්‍රිස්තියානි දර්ශනය නොවේ. ඔටුන්නත්, සිංහාසනයත් සංඛේතවත් කරන රාජ්‍යයත්වය අහෝසි කිරිම ක්‍රිස්තියානි දැක්ම වේ.

තව දුරටත් අපේ පටු මතවාද ආගමික විශ්වාසයන් හා වත් පිළිවෙත් තුළ ගැට ගසන විට දී එවැනි පිටු ඇදහිලි මත ගොඩනැගුණු බල සංස්ථාවන් භූමරංගයක් වී අප ව පමණක් නොව සොබාදහම ද විනාශ කරන බව අප ඇස් පනා පිටම දෘශ්‍යමාන වේ. හෙටක් වී විනාශය සිඳ වීමට ඉඩ දී බලා සිටිමුද ?

මළවුන්ට දක්වන සැබෑ ගෞරවය වන්නේ ස‍ොහොන් කොත් ළග පහන් දැල්වීම නොවේ. මරණයේ විෂම චක්‍රයට එරෙහිව කැපවීමෙන් ක්‍රියා කිරිමය.

දෙවියන්ගේ රැකවරණය වැන්දඹු ගැහැනු හා පිරිමි දෙපාර්ශවය වෙතම ගෙන යාම දයාවේ ක්‍රියාවක් පමණක් නොවේ. දිවැසිවර ක්‍රියාවක්ද වේ.