අනෙක් ජන කොටස්වල ජාතික, ආගමික හා සංස්කෘතික උරුමයන්ට විවෘත වීමට හා ඒවා පිළිගැනීමට අකමැති වී අපේ ජාතිය, ආගම හා සංස්කෘතිය  තුළ පමණක් හිර වී, දොර වසා සිටීමෙන් තව දුරටත් අපි බයෙන් හා සැකෙන් පීඩා විදිනවා නොවේ ද ?

අද සුපුවත අනුව :

  • ජුදා බලධාරින්ට බයෙන් දොර වසා සැගවි සිටියා වූවත්, සාංඝිකව එකට රැස් වී සිටි ජේසුගේ ගෝලයන් උත්ථාන වු සමිදුන් අත්දකියි. එමගින් ඔවුන්ගේ ජීවතයේද උත්ථානයක්, වෙනසක් අත්දකියි.
  • අපොස්තුළු සංඝයේ නොසිට, වෙන්ව තනිව සිටි තෝමස්ට උත්ථාන වූ සමිදුන් මග හැරෙයි. දවසක් දා නැවත සංඝයට පැමිණි ඔහු උත්ථාන සමිදුන් මූන ගැසෙයි. අත්දකියි.
  • ධනය, බලය, කීර්තිය, වස්තුව වතුපිටි සැප සම්පත් පසු පස හඹා යමින්, එන්න එන්නම පුද්ගලික වී එකිනෙකාගෙන් ඈත් වී හුදකලා වී ආත්මාර්ථය වෙත තල්ලුවෙමින් යන අපි අත්දකින්නේ උත්ථානයද ? නැතිනම් බය, තනිකම හා සාංකාවද ?
  • අනෙක් ජන කොටස්වල ජාතික, ආගමික හා සංස්කෘතික උරුමයන්ට විවෘත වීමට හා ඒවා පිළිගැනීමට අකමැති වී අපේ ජාතිය, ආගම හා සංස්කෘතිය  තුළ පමණක් හිර වී, දොර වසා සිටීමෙන් තව දුරටත් අපි බයෙන් හා සැකෙන් පීඩා විදිනවා නොවේ ද ?
  • පවතින සමාජ, ආර්ථීක හා දේශපාලන සැලැස්ම තුළ ඉතාම ටික දෙනෙක් ලෝකයේ සම්පත් තමන්ගේ සුරසැප සදහා අවභාවිතා කරයි. එමගින් ලෝකයේ බහුතර සාමාන්‍ය ජනයා දිළිදුකමට හා කාලක්න්නිකමට තල්ලු කර ඇත. සොබාදහම හා පරිසරය කොල්ලකමින් විනාශය කරා තල්ලු කර ඇත. මේ යන ආත්මාර්ථකාමි රටාව තුළ ලෝකය හා ජීවිතය ගැලවීම වෙත උත්ථාන වෙනවාද ? නැතිනම් අපා දුක වෙත පල්ලම් බහිනවාද ?
  • පුද්ගලවාදී, කල්ලිවාදි, පවුල්වාදි, ආගම්වාදි හා පක්ෂවාදි ආදි බෙදුනු ක්‍රමයක් තුළ නොව, සියල්ලෝ සහ සියල්ල ‍ප්‍රේමයේ හා සහ සහයෝගිතාවේ සාංඝිකකම තුළයි අපටත් ලෝකයටත් උත්ථානයක් අත්දකින්න හැකි වන්නේ.
  • ඒ ප්‍රේමයේ සහයෝගිතාවේ හා සාංඝිකකමේ ලෝකය ගොඩනගන්නට අපව කැදවා ඇති බවත් යවනු ලැබ ඇති බවත් අපට දැනෙනවාද ? හැගෙනවාද ? 
  • එය වැඩි වැඩියෙන් දැනෙන හැගෙන ඇදහිල්ලකට අත්දැකීමකට ඇතුළුවන්නට කාලයයි මේ උත්ථාන සමය.
  • උත්ථාන වූ සමිදුන් හෙලූ ප්‍රේමයේ හා ධෛර්යේ හුස්මෙන් ශුද්ධාත්මයාණන්ගෙන් අපි අපිව පුරවා ගමු.

ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා

Jesustoday.lk 5 වන වසර 6 වන සතිය 2021 අප්‍ර‍ේල් 11 වන ඉරිදා

Comments powered by CComment