උත්ථාන වූ කිතු තුමන්ගේ ප්‍රේමයේ දහමට සාක්ෂි දැරීමට විශ්වාසයේ ගැඹුරු අත්දැකීමක් අවශ්‍යය. ඒ අත්දැකීම මද්ගලයේ මරියා ඇතුළු ස්ත්‍රීන්ට තිබුනද පිරිමි ශ්‍රාවකයින්ට නොතිබුනු බව අද සුපුවත පෙන්වා දෙයි. ප්‍රේමයම පමණක් අදහා ප්‍රේමයට පමණක් සලකා ප්‍රේමයට සාක්ෂි දැරීමකින් තොරව උත්ථානයට සාක්ෂි දැරිය හැකි අන් මගක් නැත.

දෙවැනි කියවීම තුළ, අපට පවසන්නේ සුපුවත ජීවත් කිරීම ගැනයි.

කිතුනුවන් ලෙස අප මේ දිනවල මෙනෙහි කරන්නේ ජේසුස් වහන්සෙගේ උත්ථානයයි. උත්ථානය පිළිබඳ සුපුවත අද අපි ජීවත් කරවමුද ?

අපගේ ජීවිත තුළ නොමැරුනු ඇදහිල්ලක් පවතීද ? ප්‍රාණවත් ඇදහිල්ලක් පවතීද ? දිනපතා අලුත් පණක් දෙමින් අපි ජේසු කියු ප්‍රේමය අප සමාජය තුළ ජීවත් කරමුද ?

නැතිනම් අපි කුමන සභාවක සාමාජිකයෙකු ලෙස කයිවාරු ගසුවාද ? කුමන සංවිධානයක ව්‍යාපාරයක සාමාජිකයෙකු ලෙස කයිවාරු ගැසුවද අපි උත්ථානයේ සුපුවතට සාක්ෂි දරන්නෝ නොවෙමු.

“මම ඔවුන් වහන්සේ” දනිමි.” කියමින් ඔවුන් වහන්සෙගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි සත්‍ය ඔහු තුළ නැත”

අපේ ඇදහිල්ල බොරු කාර ඇදහිල්ලක් ද ? අපි පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ප්‍රහාරයට යුක්තිය පතනවා කියමින් මුස්ලිම් විරෝධය පතුරුවා බලය ලබා ගත් බලවේගවලට හවුල් වූවෝද ? ප්‍රේමයේ ආඥාව වෙනුවට වෛරයේ ආඥාවන්ට ආ වඩමුද ? අපි දේශපාලන අසත්‍යයන් ක්‍රිස්තියානියේ නාමයෙන් සත්‍යයන් සේ පිළිගෙන කටයුතු කරන්නෝ වෙමුද ?

ගැලවීම ප්‍රීතිය ඇත්තේ ඔහු භාණ්ඩික බව තුළ යන වෙළඳ පොළ සත්‍යයට සාක්ෂි දරන සැබැ සත්‍යය අප තුළ නැත්තෝ වෙමුද ?

“යමෙක් ඔවුන් වහන්සෙගේ දහම පිළිපදින්නේද ඒකාන්තයෙන්ම ඔහු / ඇය තුළ දෙවියන් වහන්සෙගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත.”

සුවිශේෂයේ කතන්දරය ජේසු තුමා ගැනයි.

උත්ථාන වූ කිතු තුමන්ගේ ප්‍රේමයේ දහමට සාක්ෂි දැරීමට විශ්වාසයේ ගැඹුරු අත්දැකීමක් අවශ්‍යය. ඒ අත්දැකීම මද්ගලයේ මරියා ඇතුළු ස්ත්‍රීන්ට තිබුනද පිරිමි ශ්‍රාවකයින්ට නොතිබුනු බව අද සුපුවත පෙන්වා දෙයි.
ප්‍රේමයම පමණක් අදහා ප්‍රේමයට පමණක් සලකා ප්‍රේමයට සාක්ෂි දැරීමකින් තොරව උත්ථානයට සාක්ෂි දැරිය හැකි අන් මගක් නැත.

එම දවසෙහි ශ්‍රාවකයන්ගේත් දෙදෙනෙක් ජෙරුසලමේ සිට එම්මාවුස් ගමට යමින් සිටියදි තුන්වැන්නෙක් ඔවුනට එකතු විය.

“මේ දවස්වල ජේරුසලමෙහි සිදු වූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ යි” උන්වහන්සේට කීහ.

මේ දිනවල බොහෝ දෙනෙක් නොදන්න දෙයක් නොමැත. තොරතුරු ගලා එන්නේ වත්කඩ කැඩුව සේ ය. තමන් ට වාසි අයුරින් තොරතුරු සපයන වාර්තාකරුවන් හා ජනමාධ්‍ය ආයතනයද ඇත.

ජේසුතුමාගේ ඝාතනය ගැන කතා කිරිම ඉතාමත් භයානකය. ඒ නිසා ඒ පිළිබඳ ව සැග ඞ් කථා කරන ශ්‍රාවකයන් බිය වී කැළඹී සිටිති. එතුමාගේ ගම්වැසියන් හා නෑදැයන් එම ඝාතනය සිදු වූ ආකාරය දනිති.

නමුත් එතුමන්ගේ ජීවමාන වචනය අත්දකින්නට නොහැකි කමින් බිය වී සිටිති.

දිනපතා ලැබෙන තොරතුරු වලින් අපි ද සසල වී සිටිති.

“බුද්ධි හීන වූ ද දිවැසිවරයන් පැවසු සියල්ල විශ්වාස කිරීමට මැළි වු ද තැනැත්තනී”

සමාජ මාධ්‍යවල හා ජනමාධ්‍යවල උණු කැවුම් ලෙස පැතිර යන පුවත් හා සමහර පුද්ගලික අදහස දෙස බැලු විට, අපත් විචාර බුද්ධිය කොතරම් හීන ද යන්න හොඳින් ප්‍රකාශ වේ. එම ප්‍රකාශනවල අනෙකා ගැන සැකය හා කැළඹීම සටහන් වී ඇත. එසේම දේශපාලන බලයට හා මුදලට ප්‍රවෘත්ති වලින් ද මත් වී සිටිති.

එනමුදු හිතට සාමයක් නැත.
පවුලට ද සාමයක් නැත.

රටට සාමයක් පෙනෙන තෙක් මානයේද නැත. හැබෑයි..... අපට බලාපොරොත්තුවක් ඇත. ඇතුලු සත්‍යයට හා යුක්තියට පණ පෙවු ජීවිත සාක්ෂි අපගේ ජීවිත උත්ථානයට පත් කරයි. නවතාවයකට අලුත් ගමනක මුලු විශ්වයම උත්ථානය ගමනකට කැඳවයි. අපට ශාන්තිය උදා කරයි.

7GradeWriterWorkshopනන්දන සපරමාදු පියතුමා

Jesustoday.lk 5 වන වසර 7 වන සතිය 2021 අප්‍ර‍ේල් 18 වන ඉරිදා 

 

Comments powered by CComment