රජය තමන්ට ලබා දුන් ආරක්ෂාව ආරක්ෂක සෙබළු ප්‍රතික්ෂේප කිරීමයි. රජයේ නිල උත්සව වර්ජනය කිරිමයි. රටේ ප්‍රධානියාට ඔබ බොරු කාරයෙක් යැයි ප්‍රසිද්ධියේ කීමයි. රට තුළ යුක්තිය ඉටු නොවන විට ජාත්‍යන්තරය තුළ එම රජයට එරෙහිව මතයක් ගොඩනැගීමයි. අවසානයේදී තම ජීවිතය ම තම බැටලුවන් සඳහා පූජා කිරිමයි.

අද දිනට නියමිත පළමු දේව ප්‍රකාශන දෙකත් ශුද්ධ වූ සුවිශේෂයත් අවධාරණය කරන කරුනු සෑම කිතුනුවෙකුගේම මූලික ලක්ෂණ කීපයක් අවධාරණය කරයි.

01. දේව පුත්‍රභාවයේ / දේව දියණිභාවයේ පූර්ණ අත්දැකීම ලත් ජේසු තුමාගේ අනුභාවය අනුප්‍රාණය අපව බලවත් කරයි.

“ප්‍රධානියෙනි, ප්‍රජා මූලිකයෙනි කොර මිනිසෙකුට කරන ලද කාරුණික ක්‍රියාව ගැන හා ඔහු සුවපත් කරන ලද්දේ කෙසේද යන්න ගැන විමසනු ලබමු නම්, එය අපේ පිළිතුර මෙසේය. “ඔබ විසින් කුරුසියේ ඇණ ගනසු ලද්දෙමු ද දෙවියන් වහන්සේ විසින් උත්ථෘන කරනු ලද්දා වු ද ජේසුස් වහන්සෙගේ අනුහසිනි.”

ඔබේත් මගේත් ජීවිතයේ ක්‍රියාත්මක වන්නේ ක්‍රිස්තු අනුහසද ? අපි ක්‍රිස්තු අනුභාවය අත්දකිනවාද ? උන්වහන්සෙගෙන් අනුප්‍රාණය ලැබුවන් ලෙස අපි ජීවන් වෙනවාද ? සමාජය තුළ දිවි ගෙවන පීඩිත අසරණ රෝගී ජනයා වෙත ඒ අනුහසින් අපි ලංවෙනවාද ?

02. කිතුනුවෙකු යනු දේව දරුකමේ දේව දියණිකමේ උරුම කරුවෙකි. උරුමකාරයෙකි.

‍ද‍ෙවියන් සමග තිබෙන සම්බන්ධය වැඩවසම් එකක් නොවේ. ස්වාමි - සේවක. වහල්හිමි - වහල්. ධනපති - පීඩිත සබඳකමක් නොවේ. පිය - පුතු මව් - දියණි සබඳකමකි.

අද ඇතැම් පූජකයින් ජේසු අනාවරණය කළ පුත්‍රභාවයේ සබඳතම නැවතත් වැඩවසම් වහල්භාවයේ සබඳතකමක් ලෙස ප්‍රති අර්ථකනය කරති. එය දේව අනාවරණයට පටහැනිය. දෙවිඳුන් සමග ‘අබ්බා’ අත්දැකීම නැති තැන කිතුනු කමක් නැත.

03. ජේසුගේ අනුහස ලබන දේව පුත්‍ර බව දියණි බව අත්දකින සෑම කෙනෙකුම අප ජීවත්වන සමාජය තුළ යහපත් එඩේරෙකු වීමට කැඳවා ඇත.

අද සුවිශේෂය ජේසු තුමා තමාවම ප්‍රකාශ කළ ආකාරයක් පෙන්වා දෙයි.

“මම යහපත් එඩේරා වෙමි” එය තව දුරටත් එතුමා මෙසේ විස්තර කරන සේක.”

“යහපත් එඩේරා තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේය”

එසේ ඉගැන්වූ එසේ කියු ජේසු එය බොරු පුරසරමක් නොකර බොර පොරොන්දුවක් නොකර තම ජීවිතයෙන් එය ඉටුකළ සේක.

අද සමාජ ක්ෂේත්‍රය තුළද, ආගමික ක්ෂේත්‍රය තුළ ද ඇත්තේ කීම හා කිරිම අතර විශාල පරතරයක් තිබෙන ඒ නිසාම කියන දෙයට බලයක් නැති කුලී එඩේරුන්ය.

එල්සැල්වදොරයේ ශුද්ධ වූ ඔස්කා රොමේරෝ රදගුරු තුමා එවටක පැවැති ආණ්ඩුව තම බැටළුවන්ගේ ජීවිත ගැන වග නොකියන විට ඔවුන් මරා දමා සත්‍ය සගවන විට යුක්තිය වළලන විට සිදු කළේ කුමක් ද ?

“රජය තමන්ට ලබා දුන් ආරක්ෂාව ආරක්ෂක සෙබළු ප්‍රතික්ෂේප කිරීමයි. රජයේ නිල උත්සව වර්ජනය කිරිමයි. රටේ ප්‍රධානියාට ඔබ බොරු කාරයෙක් යැයි ප්‍රසිද්ධියේ කීමයි. රට තුළ යුක්තිය ඉටු නොවන විට ජාත්‍යන්තරය තුළ එම රජයට එරෙහිව මතයක් ගොඩනැගීමයි. අවසානයේදී තම ජීවිතයට තම බැටලුවන් සඳහා පූජා කිරිමයි."

දිව්‍ය එඩේරුන්ගේ බැටළුවන් වීමට මෙන්ම එඩේරුන් වීමට ඇති කැඳවීම බරපතළ එකකි. කුලී එඩේරුන් අතට සෑම ක්ෂේත්‍රයකම නායකත්වය හිමි වී ඇති ලොවක ප්‍රථම කාරණය වන්නේ ඔවුන් කුලී එඩේරුන් බව හෙළි කිරිමයි.

පවතින ක්‍රමය තුළ ඉතා දුෂ්කර එඩේරික කැඳවීමට සාක්ෂි දරන්නට ක්‍රමය පිළිබඳාව ව්‍යාජ එඩේරුන් පිළිබඳව ද ගැඹුරු අවබෝධයක් ලබා ගත යුතුය.

7GradeWriterWorkshopමහින්ද නාමල්

Jesustoday.lk 5 වන වසර 8 වන සතිය 2021 අප්‍ර‍ේල් 25 වන ඉරිදා 

 

Comments powered by CComment