ජේසුතුමා අල්තාරයෙන් දේව මාලිගාවෙන් බැහැලා වෙරළට ගොඩ බිමට, කඩ මංඩියට එනවා. දේව මන්දිරයට එන්න බැරි අය ව හමු වෙනවා. ඔවුන්ගේ සිත් සුවපත් කරනවා. එපමණක් නොවේ. තව බොහෝ දෙනෙකුට කෑම හිඟ බව ආදරය නොලැබෙන නිදහස නැති බව ඔවුන් ට පෙන්වලා දෙනවා. ඒ නිසා එතුමා ඇත්තටම අල්තාරයේ දෙවියන් ව කෑම මේසයේ හමුවන දෙවියන් බව පෙන්වා දෙනවා.

 

2 රාජාවලිය   4 : 42-44
ගීතාවලිය      145
එපිස            4 : 1-6
ජුවාම්           6 : 1-15

සමිදාණෝ සෑම අතින්ම සාධාරණය. ජීවමානය සියල්ලන්ගේ ආසාවන් සපුරාලන සේක. (ඉරුදින තෙහෙලි ගීය 145)

ආහාරය කියන්නේ බත් පාර්ෂලයක් ම නොවේ. නිවසේ මේසය මත හෝ මුළුතැන්ගේ බංකු මත හෝ පැදුර මත වටේ ට ඉඳගෙන කෑම කන විට ඒ වළදෙන ආහාරය තුළ දෙමව්පියන්ගේ දහදිය, කඳුල ඇසට මුසුවු සමාජය තුළ ගැටෙමින් බිහි වූ බත් වේලක රස බලන්නට අපට හැකි වන්නේ ය.

ඒ වගේම අතේ ඇති මුදල අනුව ආහාර වේලක අඩංගු දේ වෙනස වෙනස් වෙනවා. අඩු වැඩි වෙනවා. විවිධ තරාතිරම් අනුව බත් වේලක වේල් මිල ප්‍රමාණය තීරණය වෙනවා. බත් වේලක් රු. 100 හෝ රු. 500 හෝ රු. 1500 වේ. මිනිස් කුස ගින නිවන ආහාර වේලක පරතරය මේ තරම් විශාල ඇයි ?

‘එහි සිටි සියල්ලන්ට තෘප්තිමත් වන තරම් කෑම ලැබෙති’ එලිෂා දේව වචනය බෙදා දෙන විට අළුත් අස්වැන්නක් සෑදු රොටි ගෙනත් දේව වචනය අසා සිටින ජනතාව අතර බෙදා දෙනවා. (2 රාජාවලිය 4 : 42) එඩේර නායකත්වය අහිමි ව සිටි ඊශ්‍රායල් ජනතාව දේව වචනයන් දේව ආදරයෙන් බෙදා දෙන ක්‍රිස්තුන් වහන්සේ ආහාරයට එය ගොඩනැගී ශ්‍රමයට දෙවියන් ට ස්තූතිය කියමින් රොටි එකිනෙකා අතර බෙදා ගන්නට ආරාධනා කරනවා. ඔවුන් බෙදා ගන්නවා. එතැන ආහාරටය තරඟයක් නැහැ.

එහෙත් දිනකට ලෝකයේ 25000 ළමුන් පමණක් කුසගින්නේ මිය යන්නේ ඇයි ?

ආහාරය පෞද්ගලික අයිතියක් වෙලා. කලින් සඳහන් කළ පරතරය එන්න එන්නම වැඩි වෙනවා.  පින් අතේ වැඩ කොපමණ කලත් කුගින්නේ මියැදෙන ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ.

දෙවන කියවීමේ පාවුල් තුමා සිරගත ව සිටින අවස්ථාව කියවන විට මතක් වෙන්නේ ‘මනුතාපය’ නව කතාවේ සිටින ජනවර්ජන. දරුවන් ට කන්න පාන් ගෙඩියක් කඩෙකින් සොරකම් කලාට අවුරුදු ගණනාවක් සිරගෙදර ඉඳලා ගෙදර එන විට මහලු වෙලා. ජීවිතයෙන් බාගයක් හිරගෙදරට දිය වෙලා ගිහින්.

තමාගේ පවුලට විතරක් නොවේ. කුසගින්නෙන් මියැදෙන ලෝකය වෙනස් කරන්න අපේ රටේ බන්ධනාගාරවල කී දෙනෙක් සිර ගතව දුක් විඳිනවාද ඔබ හිතලා තියෙනවාද ?

ආහාරය පෞද්ගලික වන්නේ කෙසේද ?

මේ කොරොනා කාලයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රමාණවත් ආහාර වේලක් නැතිව කුස ගින්නෙන් මියැදෙන ප්‍රමාණය වැඩි වී තිබිණි. ඒත් දේශපාලනයට සම්බන්ධ අයට සහ දේශපාලකයින්ට, පූජකයින්ට සහ ආගමික නායකයින්ට ඇති තරම් කෑම තිබෙනවා.

එසේම 1983 දෙමළ විරෝධී භීෂණයේදී දමිල මිනිස්සුගේ නිවස් වලට, කඩවල් වලට පැනලා ඔවුන්ගේ දේ මංකොල්ල කාලා මරණයට පත් කරනවා. සමහරු අය කඳවුරුවලට ගාල් කරනවා. සමහර රටවල් අනෙකුත් රටවල් වලට ආර්ථීක (ආහාර ද්‍රව්‍ය) සම්බාධක පනවනවා.

ආහාරය කියන්නේ ජීවිතයයි. ආහාර නාස්ති කරනවා කියන්නේ ජීවිතය නිකරුණේ මියදෙන්න සලස්වනවා. ජේසු තුමා පන්දහකට කන්න දීලා කුඩා දොළසක් ඉතිරි කර ගන්නවා. අපේ ගෙවල් වල උත්සවල කෑම නිකරුණේ නාස්ති කරනවා. ඒ නාස්ති වන්නේ මිනිසුන්ගේ දහඩිය ශ්‍රමය සොබා දහමේත් නොමිලේ ලැබෙන දායාද. අප එදිනෙදා ජලය කෑම නාස්ති කිරීම පාපයක් වන්නේ ඒ නිසයි.

එවිට ජේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා හිඳ ගෙන සිටි අයට බෙදා දුන් සේක. ආහාරය කියන්නේ ශුද්ධ වූ අත්දැකීමක්. අල්තාරයේ තිබෙන පූපය රොටිය ශුද්ධ වූ වෙන්නේ ජේසු තුමා සේ ජනතාව වහල් කළ ආගමික නීති රීති කඩා අසාධාරණය ලක් වු ජීවිත වෙනුවෙන් හෙලු කඳුල දහඩිය ලේ මුසු වු අත්දැකීමක් නිසා.  ජේසු තුමන්ට වන්දනා කරනවා කියන්නේ පෞද්ගලික සුවයක් ලබා ගැනීම පමණක් නොවන බව එතුමාගේ ජීවිතයෙන් ප්‍රකාශ වෙනවා.

ජේසුතුමා අල්තාරයෙන් දේව මාලිගාවෙන් බැහැලා වෙරළට ගොඩ බිමට, කඩ මංඩියට එනවා. දේව මන්දිරයට එන්න බැරි අය ව හමු වෙනවා. ඔවුන්ගේ සිත් සුවපත් කරනවා. එපමණක් නොවේ. තව බොහෝ දෙනෙකුට කෑම හිඟ බව ආදරය නොලැබෙන නිදහස නැති බව ඔවුන් ට පෙන්වලා දෙනවා. ඒ නිසා එතුමා ඇත්තටම අල්තාරයේ දෙවියන් ව කෑම මේසයේ හමුවන දෙවියන් බව පෙන්වා දෙනවා.

jesus is not the god temple, but the is their god of the table එනම් දේව නමස්කාරය තියෙන්නේ යුක්තිය සහ සාධාරණත්වය උදෙසා කෙරෙන අරගලයයි.එය නොනවත්වා කෙරෙගෙන යා යුතු බව අද සුපුවත හෙලි දරව් කරනවා.

7GradeWriterWorkshop නන්දන සපරමාදු පියතුමා

Jesustoday.lk 5 වන වසර 21 වන සතිය 2021 ජූලි 25 වන ඉරිදා

Comments powered by CComment